4/5

Bentota Bake House

596, Anuradapura road, Dambulla


Superb place to eat rice & curry and tasteful Sri Lanka Chinese.



මන්නාරමෙන් පිටත් වෙද්දිත් වඩේ දෙකයි. මැදවච්චියට එනකොටත් ඒ වඩේ දෙකමයි. වැඩේ කියන්නෙ මැදවච්චියෙන් බස් එකට නැගල දඹුල්ලෙන් බහින කොටත්... ඒ වඩේ දෙකමයි කියන්නකො. ඉතින්, යකෙක් කන්න නෙවෙයි යක්කු ගමක් කන්න බඩගිනි නැති වෙයිද, ආ…

කිව්වට විශ්වාස කරන්න යාළු... බස් එකෙන් බැහැපු සනික හතර වටේ හෙව්වෙ කොහොද යකෝ බත් ටිකක් කන්න තියෙන්නෙ කියල. ඇයි අප්පේ… ඉවසන්න පුළුවන්යැ, වරු දෙකක බඩගින්නක්.

අනේ ඒත්, අර ඇති දාට සීනි නැති දාට ගෝනි කියන්න වගේ… බැහැපු තැන ම බත් කඩයක්නෙ.

“බෙන්තොට බේක් හවුස්… අඩේ සෙනඟත් ඉන්නව බං පිරිලා. මගෙ හිතේ හොඳ ඇති. මොකෝ කියන්නෙ. ගොඩ වෙලා බලමුද?”

“ආයෙත් අහල. මොකෝ මේක හරි නෑ කියල වෙන තැනකට යන්නයැ. ඕං මට නම් බෑ එක අඩියක් හෙල්ලෙන්න. ඔන්න ඔය තියෙන මළදානයක් මොකක් හරි කමක් නෑ කාලා යමු.”

“එළ එළ”

කියල දෙන්නම අඩියට දෙකට කඩේ ඇතුලෙ. ගිහින් අතපය එහෙමත් හෝදගෙන වාඩිවුණා පොඩි අයිනක් ම අල්ලල. වෙන දෙයක් නිසා නෙවෙයි, ඉඳපු සෙනඟෙ හැටියට හිතට අල්ලන තැනකට සෙට්වෙන්න ඉඩක් නෑ අප්පා.

වාඩිවෙලා ඉතින්.. හරි බරි ගැහිලා අනික් පැත්ත හැරුණ විතරයි, මෙන්න බොලේ සේවක අක්ක කෙනෙක් අපේ ළඟ.

“මොනවද මහත්තය ගේන්නෙ”

“අපිට… චිකන් රයිස් ඇන්ඩ් කරි එකයි (රු. 250).. චිකන් ෆ්‍රයිඩ් රයිස් එකකුයි (රු. 300) වගේ. හැබැයි ඊජීබී දෙකකුත් ඕන” මෙනු නැති තැන මොකට තේරුම් බේරුම්ද කියල දැම්ම ඕඩරේ කටේ හුරුවටම. දාලා ඔන්න ආපු ගමන ගැන පොඩි කතාවකට සෙට් වෙන්නයි හැදුවෙ. ඒත් කොහෙද, නොසිතූ අයුරින්, විනාඩි පහට රයිස් එක මේසෙ උඩනෙ. ඊටත් ඒ අනික් පැත්තට බඩී දෙකත් හරි. හැරිලා රයිස් එකට චිකන් ඩෙවිලුයි චිලී පේස්ටුයි දාගත්ත විතරයි යාළුවගෙ රයිස් ඇන්ඩ් කරි එකත් ඔන්න මේං කියල.

එතනින් එහාට ඉතින්… අපි ඉඳපු බඩගින්නෙ හැටියට කියන්න ඕන නෑනෙ නේ, දෙන්න දෙසන්න පටන් ගත්ත යාළු… මරේ! වෙනදට නොකන කරවිලත් කනව කියන්නකො අපේ එකා. ඇත්තටම මම රයිස් එක කන්න ගත්තට, රයිස් ඇන්ඩ් කරි එක දැක්කාම නොසෑහෙන්න හිත ගියා. ඒ නිසා ඒකටත් පැත්තෙන් පැත්තෙන් හොට දාලා කටවල් දෙකතුනක් බස්සගත්ත.

ෂැහ්! බඩගින්න නිසාද මන්දා කියල වැඩක් නෑ හොඳේ. ආයෙ හෝටලේ කියල කියන්න බැරි තරමට... කෑම ෆුල් ගමේ රහයිනෙ. අනික තෙල් එහෙමත් පාවිච්චි කරල තියෙන්නෙ දැනෙන නොදැනෙන ගානට. විශේෂයෙන්ම කියන්න ඕන, එයාලගෙ මෑකරල් ව්‍යංජනය. පංකාදුයි ඈ… මහ ගොඩක් කිරි දාලත් නෑ. හැබැයි හරිම රසයි. මගෙ හිතේ මිරිස්, තුනපහ පදම ඇති ව කිරට හදල පස්සෙ ගම්මිරිස් ටිකක් එහෙම වැඩි කරල තෙලට දාලා වෙන්න ඕන. ඒ වගේම තමයි කරවිල එකත්. ඒක නම් හැබැයි ළා තිත්ත ගතියකුත් එක්ක තමයි තිබ්බෙ. ඒත් අමුතු ගතියක් එහෙමත් තිබ්බ. මොකද තුනපහ රසයි, සැර ගතිය නූලටනෙ.

ම්ම්… කඩල, ග්‍රීන් පීස් කරියක් තිබ්බ අවංකයෙන් ම ඒක නම් හොඳ කිරි රහට. මොකද ඒ්ක තමයි කිරට තිබ්බ එකම හොද්ද. අමු තුනපහයි, අමු මිරිසුයි පදමට ගලපලා… සුපිරි හොඳේ. තව… කටගැස්මට මිරිස් පපඩම් බැදුමකුත් තිබ්බ. ඔක්කොමත් හරි චිකන් කරියනෙ කරිය. සැහ්! බැදපු චිකන් කෑල්ලක් මිරිස්, තුනපහ මදි නොකියන්න දාලා හදපු හොද්දක රස කරලා... ඇත්තටම ඒකෙ අමුතු ගතියක් නැත්තෙම නෑ. මොකද චිකන් කෑල්ල, හොඳ හයියට හැපෙනවනෙ. අනික හොද්දත් පංකාදු පහයිනෙ.

බොරු කියන්න ඕන නෑ. ඒ හොද්දෙන් ම ටිකක් මම ෆ්‍රයිඩ් රයිස් එකටත් දාගත්ත. මොකද ඒක ඒ තරම් රසයි.

හැබැයි… රයිස් එක නම් ඇත්තටම බිත්තර රයිස් එකක්. මොකද ඒකට චිකන් කෑල්ල වෙනමම ඩෙවිල් එකක් විදියට එන්නෙ. එහෙමයි කියල රයිස් එකේ රසේ අඩුවකුත් නෑ. මොකද කීරි සම්බා හාලෙන්, මදි නොකියන්න කැරට්, ලීක්ස් කැරලි වෙන්න බිත්තර එහෙමත් දාලා, උණු උණුවට තිබ්බනෙ.

ඒ ඔක්කොමත් අතරට කට ඇරල කියන්න ඕන මෙයාලගෙ කෑම පෝෂන්වල සයිස් එක නම් හිතා ගන්න බෑ හොඳේ. අවංකයෙන්ම දෙන්නෙක්ට කන්න පුළුවන් සයිස් රයිස්, රයිස් ඇන්ඩ් කරි හැම එකම වගේ.

සාධාරණයි ඉතින් ටුවරිසම් ටවුන් එකක වුණත්, අපේ වුන්ට කන්න තැනක් තියෙනවනේ…!


TIP

Try Kottu

Artwork for Frimi Shoutout banner 2- non merchants only
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment