Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for Coffee post sidebar 1

4/5

Boat Haus Cafe (Haus Chandra)

37 Beach Road, Mount Lavinia


A whole grilled fish, a pile of garlic drenched prawns, some ice cold bottles of lion larger, the roar of the sea all to yourself on a weekday evening. This is what Haus Chandra/the Boat Haus Cafe offers.



කොළඹ නගරයේ ඇති වටිනාම සම්පත වන්නේ එය සයුරු තෙර පිහිටි නගරයක් වීමයි. ඔබ කොහේ ගියත් මුහුද වෙත මිනිත්තු කීපයකින් ළඟා වියහැකි අතර නගරයේ කිලෝමීටර් ගණනක්ම වෙරළ දිගට විහිදෙයි.

මෙහි ඇති ප්‍රායෝගික වාසිය වන්නේ වෙරළ අද්දර සිට රෑ කෑම කන්නට, බොන්නට හා නටන්නට ඇති තරම් අවස්ථා තිබීමයි.කණගාටුවට කරුණ නම්, මුහුද අද්දර සුවිසල් භූමි සම්පතින් ඵල ප්‍රයෝජන ගන්නට නගරය තවම අවබෝධ කරගෙන නැති වීමයි. ගල්කිස්ස, වැල්ලවත්ත, දෙහිවල , වත්තල  හෝට වටිනාකම තේරුම් නොගත් කාකදූපත, ඒවාට විය හැකි තරමින් වෙරළ ක්‍රියාකාරිත්වයේ හා විනෝදාස්වාදයේ මර්මස්ථාන වී නැත.

වෙරළ ජීවිතයේ හෝ රාත්‍රී ජීවිතයේ ඉඟියක් හෝ දකින්නට නම්, දැනට ඔබ යා යුත්තේ ගල්කිස්සටයි. එහෙත්, එහි රත්තරං වෙරළත් බොහෝදුරට පාළු තලාවක් විය හැකියි. එහෙත්, එය හැමවිටම නරක දෙයක් නෙමෙයි.

හවුස් චන්ද්‍රා හෝටලය / බෝට් හවුස් කැෆේ 

කූරියා පිටින් ග්‍රිල් කරන හෙවත් පලහන ලද මාළුවකු, සුදුළූනු සමග පිසින ලද ඉස්සන් ගොඩක්, අයිස් මෙන් සීත ලයන් ලාගර් බීර බෝතල් හා මුහුදේ රළ බි‍ෙඳෙන හඬ සතියේ දිනවල හැන්දෑවේ මෙහිදී ඔබටමය. මේ හවුස් චන්ද්‍රා හෝටලය / බෝට් හවුස් කැෆේ ඔබට පිරිනමන දේය. එය කොළඹ පුරය සයුරුතෙර පිහිටීමේ අසිරිය පාවිච්චි කරන අතළොස්සක් අවන්හල් අතරින් එකකි. එතැන පිහිටීමට පමණක් සීමා නොවන එය මුහුදත්, වැල්ලත් අසබඩ හිඳ රසවිඳින්නට හොඳ ආහාර සාධාරණ මිලට සපයයි.

දවසේ ඇල්ලූ මුහුදු ආහාර ශීතකරණයක ප්‍රදර්ශනයට තබා තිබේ. ඔබට කරන්නට තිබෙන්නේ, නියම වෙරළ විලාසිතාවට අනුව, ඔබ කන්නට වඩා කැමති දෙය පෙන්නීමයි. එහි බර කිරීමෙන් අනතුරුව එය පිසින ආකාරය තෝරා ගන්නටද ඔබට පුළුවන. මම නම් සාමාන්‍යයෙන් තෝරා ගන්නේ පලහන ලද ගල් මාළු (රු. 1700) සුදුළූනු සෝස් සමග, මිරිස් සෝස් සමග කකුළුවන් සහ බදින ලද ලොකු ඉස්සන් (ග්‍රෑම් 100ක් රු. 300) සුදුළූනු සහ මිරිස් සෝස් සමගයි.  කන්කුන් හා ෆ්‍රයිඩ් රයිස් අමතරව ඇණවුම් කර ගත් විට ඕනෑම කෙනෙකුට යෝග්‍ය ආහාර වේලක් ඔබට ලැබේ. එය හයදෙනෙකුට ප්‍රමාණවත් වන අතර බීරත් සමගම එක්කෙනෙකුට රු. 1800ක් පමණි.

එය ලාභදායී යයි මම කියන්නේ නැත. එහෙත් වෙරළේ සාදයකට හෝ මහා රාත්‍රියක ආරම්භය‍ට මට මෙතැනට වඩා හොඳ තැන් රැසක් කොළඹ පුරයේ සිතා ගත නොහැකිය.

TIP

Try Mix Rice
All Reviews

Boat House Cafe is a great choice if you're looking to grab some fresh seafood by the beach. The service can be trying at times, but we still think it's good spot.

A whole grilled fish, a pile of garlic drenched prawns, some ice cold bottles of lion larger, the roar of the sea all to yourself on a weekday evening. This is what Haus Chandra/the Boat Haus Cafe offers.

සිංහල අනේ මංදා! ඔන්න ඔහෙ මේ තැනත් හොඳ ලැයිස්තුවටම දාගන්නකො. මොකද අපිත් අන්තිමට එහෙම්ම කලා… ඒ විතරක් නෙවෙයි වෙරළෙත් රවුමක් ගහල.. තරු දිහා බලාගෙන ඉඳලා...

සිංහල කූරියා පිටින් ග්‍රිල් කරන හෙවත් පලහන ලද මාළුවකු, සුදුළූනු සමග පිසින ලද ඉස්සන් ගොඩක්, අයිස් මෙන් සීත ලයන් ලාගර් බීර බෝතල් හා මුහුදේ රළ බි‍ෙඳෙන හඬ සතියේ දිනවල හැන්දෑවේ මෙහිදී ඔබටමය. මේ හවුස් චන්ද්‍රා හෝටලය / බෝට් හවුස් කැෆේ ඔබට පිරිනමන දේය.

தமிழ் ஒரு ரம்மியமான மாலைப்பொழுதில் கடலின் பேரிரைச்சலை ரசித்தவாறு கிறில் செய்யப்பட ஒரு முழுமீன், வெள்ளைப்பூண்டு நிறைந்த இறால், பியர் என ருசிப்பதற்கான இடம் போட் ஹவ்ஸ் கபே.

Address

37 Beach Road, Mount Lavinia

Directions

Boat Haus Cafe is at the very end of Beach Road (turn off from Galle Rd.) just past the railway tracks.

Contacts

E-Mail

Report Inaccuracy

Open until 11:00 PM

Dish Types

Seafood

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
See 6 Comments