Artwork for Top Banner 1 - McSpicy Offer
Artwork for Top Banner 2 - McSpicy Offer

3/5

Bombay Sweet Mahal (Wellawatte)

195 Galle Road, Colombo 6


Bombay Sweet Mahal is one of many shops selling Indian sweets and fruit juice in Wellawatte. What sets it apart are their special offerings, like the multi-layered fruit cocktail (Rs. 290) and the seasonal durian juice.



එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ ජනතාව ඉන්දීය කෑම බීම කෙරෙහි දක්වන්නේ විශාල ප්‍රියතාවයකි. මෙහිදී ඉන්දියානු මෝස්තරයේ රසකැවිළි වලට ප්‍රධාන තැනක් ලැබෙන අතර, ඒවා නියම ඉන්දියානු රසයෙන් භුක්ති විඳීමටද, ජනතාව තුළ ඇත්තේ විශාල කැමැත්තකි. ඒ සඳහා රෙකමදාරු කළ හැකි අවන්හල් අතර වැල්වත්තේ පිහිටි බොම්බේ ස්වීට් මහලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි.

ඉන්දියානු රසකැවිලි වලට අමතරව, මෙහිදී ඔබ වෙත ළබා ගත හැකි,විවිධ පළතුරු උපයෝගී කරගෙන සාදන ලද තට්ටු කිහිපයකින් යුතු පලතුරු කොක් ටේල් පානය, ගුණාත්මක බවෙන් ඉහළ වග යන එන පාරිභෝගික ජනතාවගේ මතයයි. ඒ සඳහා ඔබට වැය වන්නේ රුපියල් 290 ක පමණ මුදලකි. එමෙන්ම වාරයකට පමණක් පළ දරණ සුවිශේෂී පළතුරක් වන දූරියන් අනුසාරයෙන් සෑදෙන විශේෂ පානයක්, මෙහිදී ඔබට ලබා ගත හැකිය.

ඔබට රිසි සේ තොරා ගැනීම සඳහා ඉන්දියානු ක්‍රමයටම , නිශ්පාදනය කළ රස කැවිලි වර්ග බොහෝමයක් ඉතා පිරිසිදුව අසුරන වල බහා ඇති, මෙම අවන් හලේ කාර්ය මණ්ඩලය ඔබ වෙනුවෙන් උපරිම සේවාව ලබාදීමට කැපවී සිටී. ඉන්දියාවේ පමණක් නොව ලංකාවේද ජනප්‍රිය රසකැවිලි වර්ග වන හල්වා සහ රවුම් කැරලි සහති පැණි වළලු, නියම ප්‍රමිතියෙන් , බොම්බේ ස්විට් මහලට එන ඔබට මිලදී ගැනීමට හැකිය. පැණිරස ආහාර මෙන්ම, කටට සැර ආහාර වන සමෝසා වැනි කෙටි ආහාරද ඇති මෙම අවන් හල, මෙම ප්‍රදේශයෙන් පිට පවා ජීවත් වන ලොකු කුඩා කා අතරත් බෙහෙවින් ජනප්‍රයයි.

කෙනෙකුට තෑග්ගක් ලෙස පවා පිරිනැමිය හැකි තරම් අනර්ඝ මට්ටමට මෙම රසකැවිලි ඔබට ලබා දීමට කාර්ය මණ්ඩලය කැපවී සිටින අතර, ආහාර ගැනීමේ මෙන්ම රැගෙන යාමේ පහසුකම්ද ඇත. ගාලුපාරේ ඩබ්. ඒ. ඩී. සිල්වා හන්දිය සහ වැල්ලවත්ත වෙළඳ පොළ අතර බොම්බේ ස්විට් මහල පිහිටා ඇත. එම ප්‍රදේශයේ ඕනෑම කෙනෙක් ගෙන් ඇසුවහොත් එය තිබෙන්නෙ මෙතනයැයි කිව හැකි මට්ටමට ජනප්‍රිය බොම්බේ ස්ව්ට් මහල නමැති මෙම අවන් හල, වසර ගණනාවක් පැරණි කීර්ති නාමයක උරුමකම් කියන වග සඳහන් වේ.

පරිවර්තනය කළේ නෙරංජි

TIP

Try the layered fruit cocktail. LIke four juices in one.

Address

195 Galle Road, Colombo 6

Directions

It's on the landside of Galle Road, just past WA Silva / Station Road heading south.

Contacts

E-Mail

Report Inaccuracy

Open 9 AM to 9 PM, Sunday 9 AM to 4 PM

Cuisine

North Indian

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Indian Sweets

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Have you visited this place?

Write your own review!
See 2 Comments