Artwork for Better Parenting Top Banner 1
Artwork for Better Parenting Top Banner 2

3/5

Breeze Barracuda

10, Galle Face Drive, Colombo

Breeze Barracuda is a sister restaurant to the popular beach hangout spot in Wellawatte, Barracuda.

ගෝල්ෆේස් එකේ කෑම ගැන කිව්වම සාමාන්‍යයෙන් මතක් වෙන්නේ මොනවද? ඔය ඉස්සෝ වඩේ කරත්ත ටිකයි, නානාගේ කොත්තු කඩ ටිකයිනෙ. හැබැයි ඒ රැල්ලෙන් මිදිලා සැප පහසු විදියට වාඩි වෙලා, චයිනීස් තාලේ කෑම වේලක් කන්න පුළුවන් විදියේ තැනක් දැන් තියෙනවා. ඒ තමයි ගෝල්ෆේස් එකේ අලුතෙන් ම දාපු “බ්‍රීස් බැරකුඩා” එක. මේක ඇත්තට ම අර වැල්ලවත්තේ තියෙන ජනප්‍රිය බැරකුඩා එකේ ම සහෝදරයෙක්.

තැන

බ්‍රීස් බැරකුඩා එක තියෙන්නේ ගෝල්ෆේස් එකේ කොල්ලුපිටියට බර වෙලා තියෙන කෙළවරේ. මේකේ ඉන්ඩෝර් වගේ ම අවුට්ඩෝර් ඩයිනින් තියෙනවා. ඉන්ඩෝර් කෑල්ල තමයි අපට වැඩියෙන් ම අල්ලලා ගියේ. මොකද හවස් යාමෙට ඉර බැහැගෙන යන හැටි, අලුතෙන් හැදෙන පෝර්ට් සිටි එකේ හැඩ, වටේ පිටේ තියෙන ලොකු හෝටල් ටිකේ ලයිට් එළි මතු වෙන හැටි මෙතැනට හරි අපූරුවට පේනවා.

කෑම බීම

චයිනීස් සහ වෙස්ටර්න් කෑම තමයි මේ කට්ටියගේ මෙනුවේ තියෙන්නේ. හැබැයි වැල්ලවත්තේ තැන වගේ ඇල්කොහොල් බීම කිසිම දෙයක් මේ අය ළඟ නැහැ. ඒත් මිල්ක්ෂේක්, මොක්ටේල්, කෝපි වර්ග ගන්න ඇහැකි. ඒ හැරුණා ම කොකේජ් ෆී නැතුව BYOB තියෙන නිසා බොන දේවල් ටික තමතමන්ට වුණත් අරගෙන යන්න බැරියැ. ඔය මොකක් නැතත් මේ කට්ටිය ළඟ ශීෂා එහෙමත් තියෙනවා.

අපි කෑම වේල පටන්ගත්තේ Vietnamese Seafood Hot Pot (රු. 900) එකෙන්. සුප් එකක් වුණාට මේක ඇත්තට ම මේන් මීල් එකක් විදියට ගන්නත් පුළුවන්. මොකද තඩි සුප් භාජනයක් හම්බෙනවනෙ. මේක තින් සුප් එකක්. ඒ නිසා උකු ගතියක් නැහැ. කොත්තමල්ලි රස සහ සුවඳ අඩුවක් පාඩුවක් නැතුව තිබුණා. ඒ වගේ ම බෙල් පෙපර්, කැප්සිකම්වලිනුත් එකතු වෙන ස්පයිසි රසකුත් දැනුණා.කොහොමින් කොහොමහරි ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ යහමින් එක්කාසු කරලා නිසා තවත් රසයි. ඒ විතරක්ද, රාමෙන් නූඩ්ල්ස් එහෙමත් දාලා තිබුණනේ.

අනේ! Chicken Fried Rice (රු.750) එක නම් ඕනෙවට එපාවට හදපු එකක් වගේ. කිසිම සීසනින් එකක් නැහැ. කැරට්, ලූණු කොළ, බිත්තර, චිකන්, ගෝවා කොළ නම් ඇති වෙන්න දාලා තිබුණත් මේ බතේ අඩු තරමේ ලුණු රසක්වත් එන්නේ නැහැ. මොනවා වුණත් බතේ තෙල් ගතියක් නැති එක නම් සෑහෙන්න දෙයක්.

ඒකට මොකද Double Cooked Pork Belly (රු. 800) එක තනිකරම තෙල් ගොඩක්. හැබැයි රස අවුලක් නැහැ. අනික සමහර තැන්වල වගේ එළවලු ගොඩක් එක්ක එන මස් කෑලි දෙක තුනක් වෙනුවට, හොඳට මස් තියෙන පෝෂන් එකක් මේගොල්ලෝ දෙනවා. ලාවට එන ස්වීට් ගතියකුත් එක්ක බැලන්ස් වෙන හොඳ රසක් මේකේ තිබුණා. සෝයි සෝස් සහ ඔයිස්ටර් සෝස්වල රසවල් එහෙමත් ගානට එන නිසා තවත් හොඳයි.

බැරකුඩා එකේ Hot Butter Cuttlefish (රු. 750) එකේ රස ගැන ඉතින් නොදන්නා කෙනෙක් නැහැනේ. ඒ නිසා ම අපි බැලුවා බ්‍රීස් බැරකුඩා එකේ HBC එකත් රසයිද කියලා. කිව්වත් වගේ හොඳයි නේන්නං! හැබැයි පොඩ්ඩක් විතර තෙල් ගතිය වැඩියි. ඒත් අවුලක් නැහැ. මොකද මේක මාර ම ක්‍රිස්පි. දැල්ලෝ කෑලි ටිකේ පොඩ්ඩක්වත් රබර් ගතියක් නැහැ. නියමම ස්පයිසි ගතිය එන්න මිරිස්, ලුණු එහෙමත් එක්කාසු කරලා. බැදපු කරපිංචා කෑලිත් එක්ක හැපෙනකොට පංකාදු පහයි.

බීමට අපි ඕඩර් කරපු Triple Berry Smoothie (රු. 400) එක නම් හොඳට ම පැණි රස වැඩියි. අනික මේකේ ට්‍රිපල් බෙරි තියා එක බෙරි ගෙඩියකවත් රසක් ආවේ නැහැනේ. නිකන් හයිලන්ඩ් ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එකක් කිරිත් එක්ක බ්ලෙන්ඩ් කරලා, අර පැණි ම පැණි රස ස්ට්‍රෝබෙරි සිරප් එකක් එකතු කරලා හදලා වගේ. කොටින් ම කිව්වොත් මේක ස්මූති එකක් නෙවෙයි. පැණි රස වැඩි මිල්ක්ෂේක් එකක්.

දෙයියනේ කියලා කැපුචිනෝ (රු. 350) එක නම් ෂේප් එකේ තිබුණා. කෝපි, කිරි රස ගානට බැලන්ස් වෙන්න හදපු එකක්. උකු ගතියත් හොඳයි.

සර්විස් එක

බ්‍රීස් බැරකුඩා එකේ සර්විස් එක මුලදී හොඳට තිබුණා. ස්ටාෆ් එකේ අය බොහොම ෆ්‍රෙන්ඩ්ලි. අනික අපේ කෑම බීම ටික මේසෙට ආවේ විනාඩි 20ක් වගේ ඇතුළත. හැබැයි රෑ වේගෙන එද්දී සෙනඟ වැඩි වෙනවනේ. එතකොට නම් ඉතින් සර්විස් එක ටිකක් ස්ලෝ වෙනවා.

අවසාන වශයෙන්

ටැක්ස්, සර්විස් චාර්ජ් එක්ක එකතුවෙලා එනකොට අපේ බිල රු.5000ක් වගේ වුණා. කෑම බීම සිරා ම කියලා බැරි නිසා, ඒ ගාණ තරමක් වැඩියි කියලයි අපේ අදහස. හැබැයි කෑමට නොගියත්, ගෝල්ෆේස් එකේ සිරියාව නරඹන ගමන් රිලැක්ස් එකේ ඩ්‍රින්ක් එකක් ගන්න හොඳ තැනක් විදියට බ්‍රීස් බැරකුඩා එක නම් කරන්න ඇහැකි.

TIP

Try the HBC!

User Reviews
B
1

1/5

0

Bob loblaw

Started really well, ended up being a big rip off!

Over the last two months we visited the place thrice and had a good experience especially with the corkage free BYOB. Every time we go, we call ahead and reserve and ask about the BYOB conditions (as they tend to change often).

The fourth time we visited, after an hour they inform us that each person has to order Rs. 1500 worth of dishes or a Rs. 2000 per each person charge will be added to our final bill (the whole policy doesn't make sense at all, in addition to considering that its localized Chinese food and portion sizes).

Its really disorienting when they don't inform this before (on the phone when asked) and only inform us after a group of 8-9 of us had settled and already ordered.

Ps: The manger was extremely rude, and the night ended with him yelling to us something along the lines of "We don't want yall, never come again!"

See 1 Comment