Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

4/5

Buba Restaurant And Beach Club

42/11 Vihara Road, Mount Lavinia


Buba Restaurant and Beach Club is one of Colombo's older beach hangouts. They've got pretty secluded part of Mt.Lavinia beach to themselves, seafood is decent plus its mostly BYOB ;).



කොළඹ කොයිතරම් සුන්දර වෙරළ තීරයන් තිබුණත්, වෙරළ අද්දර බීම පිරිනමන අවන්හල්නම් පුදුමසහගත ලෙස හරි හිඟයි. ගල්කිස්ස වෙරළේ 'රන් සැතපුමේනම්' අවන්හල් පෙළක් තිබෙනවා. දෙහිවල වෙරළේ  Lanmi's (ලැන්මිස්), ද ස්ටේෂන් වැනි මඩු වගේ තැන් කීපයක් තිබෙනවා.  එච්චරයි. හේතුව කොළඹ වෙරළ තීරයේ ඉතිරි ටික මැරීන් ඩ්‍රයිව් නම් වීදියට මායිම් වන නිසා වෙන්න ඇති.

බුබා කියන්නේ කොළම තිබෙන අනර්ඝ බීම හා කටගැස්මහලක්. එය ස්වදේශිකයන් අතර ජනප්‍රිය වෙරළ අද්දර බීමහලක්. මැම්බෝස් ඇරුණාම මෙන්ඩිස් බෝතල් කඩන්න කොළඹ තිබෙන හොඳම තැන තමයි බුබා. කොළඹ නගරයේ තිබෙන සුන්දරම කාරණය තමයි, කොතැන හිටියත් පැය භාගයෙන් වෙරළකට එන්න පුළුවන් තරම් මුහුදු වෙරළට ළඟ වීම. බීම වඩියක් තොලගාමින් රත් පැහැ සැඳෑ හිරු ඝන නීල ඉන්දියන් සාගරයේ කිමිද සැඟව යන හැටි බලා සිටීම මනරම් අත්දැකීමක්. වෙරළ තීරයේ ඒ පහසුකම සපයන බලපත්‍ර සහිත බීමහල් පහයි තිබෙන්නේ.

ගල්කිස්ස හෝටලය පසුකර දුම්රිය පාර හරහා ගියවිට හමුවන සමුද්‍රාසන්න උද්‍යානයක් වැනි බිම්කඩක් තමයි බුබා. කලින් මඩුවක් වටා ප්ලාස්ටික් පුටු විසුරුවා තිබුණු එතැන දැන් අලංකාර දෙමහල් දැවමුවා ගොඩනැඟිල්ලක් තිබෙනවා තම පාරිභෝගිකයන්ට සලකන්න. ඔබට පුළුවන් එක්කෝ වැල්ලේ අසුනක හෝ මතුමහලේ අසුනක හිඳගෙන ඔබේ බීම රසය හා මනරම් සොබා ආශ්චර්යය නරඹන්න.

එහෙත්, කොළඹ රැල්ල බවට පත් වී තිබෙන අධික ශබ්දයෙන් යුතු සංගීතය වෙරළ තීරයේ අන් තැන්වලට වගේම මෙතැනටත් පැතිරිලා. ඒ නිසා ඔබ එයට අකැමැතිනම් හිසරදය හැදෙන්න පුළුවන්.

එහෙම වුණත්, වෙරළේ සිටමධුවිත රස බලන්න බුබා හොඳ තැනක්. ඔවුන්ගේ වැරදි ඉංග්‍රීසි අකුරින් ලියන ලද කට්ලිස් වැනි නම් ඇති මෙනූපතේ ආහාර ටිකක් මිළ අධිකයි. නාසිගුරාංවල හොඳින් මස් හා මුහුදු ආහාර තිබුණත් එහි මිළ රු. 580ක්. උණවටුනේ බත් තරම් විශේෂ නැතිවුණත් ස්පෙෂල් රයිස් රු. 680ක් වෙනවා. ඊට වඩා විශේෂ බත් මම වෙන තැන්වලින් ඕනෑතරම් කාලා තිබෙනවා. කොපර් චිමිනියේ රු. 130 බත් නිදසුනක්. මෙහි ෆ්‍රයිස් හොඳයි. මිළ වැඩි ඔබ ගෙවන්නේ ආහාරවලට වඩා මත්පැන් බලපත්‍රයට නිසා වෙන්න ඇති.

මේ සියලු කාරණා මැද්දේත් බුබා හැන්දෑවට සව්දිය පුරන්න කොළඹ වෙරළේ තිබෙන හොඳ තැනක්.

TIP

The fries are good - rough cut chunks of deep friend potato generously sprinkled with a scarlet chilli powder. Yum.

Address

42/11 Vihara Road, Mount Lavinia

Directions

Pay attention. Head down Galle Road till you get to the Mt. Lavinia Market (there's a Bata and Food City). Then head down Station Road. Take the last left, just before the road ends. Pass Old Quarry Road and turn left on Vihara Road. Follow this road until it ends in a sandy parking lot. Then cross the railtracks to Buba.

Contacts

Report Inaccuracy
Similar Places

User Reviews
T
1

5/5

0

the_liyanageeey

Best Battered Calamari in the town 😻 ❤

T
1

5/5

0

the_liyanageeey

Best Battered Calamari in the town 😻 ❤

See 22 Comments