Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

4/5

Burning Bird Rotisserie

Delivery only


A concept kitchen by Bavarian, specialised in chicken-centric dishes.



ජර්මන් කෑමවලට කොළඹ තියෙන සුපිරිම තැන කොහෙද? Bavarian German Restaurant එකනේ. හැබැයි මේ කියන්න යන්නේ එයාලගේ ජර්මන් කෑම ගැන නෙමෙයි. ඒගොල්ලෝම අලුතෙන් පටන්ගත්ත, චිකන් කෑමවලට ම වෙන් වෙච්ච අලුත් ක්ලවුඩ් කිචන් එකක් වගේ තැනක් ගැන. මේකේ නම Burning Bird Rotisserie. විවිධ ඩිලිවරි ඇප් හරහා තමයි මෙයාලගේ කෑම ඕඩර් කරන්න පුළුවන්. ඒ නැත්තන් ලේසියෙන්ම PickMe Flash එකක් දාලා ගෙදරට ම ගෙන්න ගන්නත් පුළුවන්. 

කෑම බීම 

කිව්වත් වගේ මෙයාලගේ හැම ඩිෂ් එකකම වගේ චිකන් තියෙනවා. මෙනුවේ ලොකුම ඉඩක් වෙන් වෙලා තියෙන්නේ නා නා ප්‍රකාර සෝස්වල ඔබ්බපු චිකන් වින්ග්ස්වලට. ඒ හැරුණා ම රෝස්ට් චිකන් සහ වෙනත් සයිඩ්ස් කීපයක් ම දැකගන්න පුළුවන්.

අපි ඕඩර් කළේ Bourbon & BBQ Wings (3ක් රු. 380), Spicy Mango (6ක් රු. 690), සහ Atomic Jalapeño & Sriracha Wings (3ක් රු. 380). තව Chicken & Egg Fried Rice (රු. 330) එකකුත් ගත්තා.

මේ තියෙන්නේ Bourbon & BBQ Wings. පැණි රස පැත්තට බර වෙන්න හදපු, ඒත් එක්කම එන ඇල්කොහොල් කික් එකකුත් තියෙන සෝස් එකක දවටලා ආව මේ චිකන් වින්ග්ස් ටික පට්ට. හොඳ ක්‍රිස්පි වෙන්න බැදලා. හැබැයි ඇතුළේ මස් ටික හෙන ම සොෆ්ට් වගේ ම ජුයිසි. හොඳ වෙලාවක් මැරිනේට් කරලා තිබුණු නිසාදෝ කොහේදෝ ඇතුළේ ම තියෙන මස් ලේයර්වලටත් ඒ රස පැතිරිලා තිබුණා.

Spicy Mango කියන්නේ ඉන්ටර්නැෂනල් කෑමකට දාපු ලංකාවේ ට්විස්ට් එකක්. හරියට නිකන් යහ පදමට කුළුබඩු දාලා උයපු අඹ කරියක හොද්දේ දවටපු චිකන් වින්ග්ස් වගේ. හරි ම රසයි. ස්පයිසි වගේ ම අඹවලින් එන ළා ඇඹුල් රසත් මේකේ නියමෙටම තිබුණා.

අම්මටසිරි! කටට සැරට කන්න කැමති නම් ඔන්න කෑම - Atomic Jalapeño & Sriracha Wings! හෑස් හූස් ගගා කන්න පුළුවන් තාලේ සැරක් මේක. බියර් එකක් එක්ක ගලපන්න මරු.

ෆ්‍රයිඩ් රයිස් එකත් හොඳයි. යහමින් චිකන් සහ බිත්තර කෑලි දාලා. සීසනින් එකත් සිරා. 

අවසාන වශයෙන් 

අපි දැනට කාලා තියෙන චිකන් වින්ග්ස් අතරින් හොඳම ඒවා ලැබුණේ Burning Bird එකෙන් කියලා කිව්වොත් ඒ කතාවේ වරදක් නැහැ. රස විතරක් නම් බැරියැ, ලොකු ගාණකුත් නැහැනේ. මොකද මේ කෑම ජාති ඔක්කොටම අපට ගියේ රු. 2000කටත් වැඩිය අඩුවෙන්. 

Closed right now

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Chicken

Cuisine

American

Ratings Breakdown

Overall Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment