Artwork for Coffe top banner 1
Artwork for Coffe top banner 2

4/5

Cafe Fort

No.124, York Street, Colombo 01


A surprisingly decent little cafe that's been around for a while located right next to the Dutch Hospital in Fort. They serve up some good rice and curry so it's a nice place to drop by when you're around the area during lunch time.



පහුගිය දවසක යුනියන් ප්ලේස් පැත්තේ රවුමක් ගිය සාරාටයි මටයි වුණේ හරි ම ඇබැද්දියක්. නිපොන් හෝටලයේ අලුත් රෙස්ටෝරන්ට් එකකට යන බලාපොරොත්තුවෙන්  තමයි අපි මේ පැත්තට ගියේ. ඒත් එතැනට ගියාට පස්සෙයි දැනගත්තේ ඒක තවම නවීකරණය කරලා ඉවර නැහැයි කියලා. ඉතින් මොනවා කරන්නද? බඩගින්නත් ඉවසගන්න බැහැ. යෝක් ස්ට්‍රීට් හරියේ තියෙන කැෆේ ෆෝට් රෙස්ටෝරන්ට් එක ගැන අපි දෙන්නගේ ඔළුවට ආවේ ඔන්න ඔය වෙලාවේ.

තැන

කැෆේ ෆෝට් එක කොළඹ පැත්තේ රස්සාව කරන අය අතරේ සෑහෙන ප්‍රසිද්ධ බත් කඩයක්. මේක තියෙන්නේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට කිට්ටුවමයි. රතු පාටට ගහපු ලොකු බෝඩ් එක නිසා, දුරට වුණත් ලේසියෙන් ම අඳුනගන්න පුළුවන්. වැඩි ඉඩකඩක් එහෙම නැහැ. හැබැයි A/C තුනක් ම දාලා තියෙන නිසා රස්නේ කියන දේ හොයාගන්නවත් බැහැ. එක සැරේ විසි දෙනෙක්ට වගේ කිසිම අවුලක් නැතුව වාඩිවෙලා කෑම ගන්න පුළුවන්.

කෑම බීම

අපි මෙතැනට ගොඩ වැදුණු වෙලේ නම් මේකේ ටිකක් සෙනඟ වැඩියි. මොකද කන්තෝරු කෑම පැය නේ. ඉතින් හරිහරියට කාණ්ඩෙ එනවා දවල් කෑමට.

සුදු සම්බා බත්, ෆ්‍රයිඩ් රයිස් සහ බුරියානි කියන බත් ජාති තුන අපට මෙතැන දැකගන්න පුළුවන් වුණා. කවුන්ටරේ ඉන්න අයියට කිව්ව ම කැමති විදියට කරි, එළවළු දාලා බත් එක ලෑස්ති කරලා දෙනවා. බීම වර්ග විදියට තියෙන්නේ ලැසී, ෆෘට් ජූස් සහ මිල්ක්ෂේක්. මේ හැරුණා ම සමෝසා, පේස්ට්‍රි, රෝල්ස් වගේ බේකරි කෑම වර්ග ටිකකුත් මෙතැනින් ගන්න පුළුවන්. තද බඩගින්නේ ඉඳපු නිසා, අපි ඕඩර් කළේ චිකන් බුරියානි (රු.300) එකකුයි, චිකන් රයිස් ඇන්ඩ් කරි (රු.200) එකකුයි. බීම විදියට ගත්තේ මැන්ගෝ ලැසී (රු.200) එකක්.

බුරියානි එකේ බත් එක නම් හරි ම රසයි. හොඳ ගානට තැම්බිලා වගේ ම, ඕනේ කරන කුළු බඩු ජාතිත් හොඳින් දාලා තිබුණා. හැබැයි මේකත් එක්ක ලැබුණු චිකන් කෑල්ල ටිකක් සයිස් මදි. අනික ඒකෙ තිබුණු පිටි දවටනය තරමක් ගනකම් වැඩියි. හැබැයි ෂේප් එක කාගෙන යන්න පුළුවන් හොඳ රසක් මේකේ තිබුණා.

රයිස් ඇන්ඩ් කරි එක ගොඩක් හොඳයි. බත් එකත් හොඳ ගානට ඉදිලා. කරාබු නැටි, කුරුඳු වගේ දේවලුත් දාලා නිසා මේකෙන් එන සුවඳත් මරු. මේකට කරි විදියට ලැබුණේ පරිප්පු, බීට්රූට්, දඹල බැදුම් සහ චිකන්.

පරිප්පු එක අවුලක් ම නැහැ. වතුර ගතිය පොඩ්ඩක් වැඩි වෙලා තිබුණු එක තමයි පරහකට හිටියේ. බීට්රූට් කරිය නම් පට්ට. තඩි සයිස් කෑලි නැතුව හීනියට කපපු බීට් පාවිච්චි කරලයි ඒක හදලා තිබුණේ. තෙල් දාපු දඹල එකත් සුපිරි. ගොඩක් වෙලාවට කඩවල්වලින් ලැබෙන දඹල බැදුම්වලින් එන්නේ තෙල් රස විතරනේ. ඒත් මේක එහෙම නැහැ. දඹල බැදුමක තියෙන්න ඕනේ අමු රස මේකේ හරි අපූරුවට තිබුණා. චිකන් එකත් රසයි. ඕන කරන කුළුබඩු එහෙමත් ගානට පාවිච්චි කරලා තිබුණා. හැබැයි මට නම් මේ සේරට ම වඩා අල්ලලා ගියේ මේකේ හොද්ද. බත් බුසලකට වුණත් වගකියන්න පුළුවන් මේ චිකන් හොද්දත් එක්ක.

මැන්ගෝ ලැසී කියල නම ගහලා තිබුණට, මේක ඇත්තට ම ස්මූති එකක් වගේ. සාමාන්‍ය ලැසී එකකට වඩා සෑහෙන උකු ගතියක් මේකේ තිබුණා. කර්තකොලම්බන් අඹවලින් එන හොඳ රස තිබුණත්, බත්වලින් බඩ පුරවාගෙන හිටිය අපට මේක එච්චර හරි ගියේ නැහැ.

සර්විස් එක

මේක ඉතින් බුෆේ ටයිප් නේ. මෙනු හෝ කෑම ජාති මේසෙට ගෙනල්ල දෙන පුරුද්දක් මෙතැන නැහැ. හැබැයි කොච්චර සෙනඟ හිටියත්, පට් පට් ගාලා ඕඩරේ හරියට දෙන්න කැෆේ ෆෝට් එකේ කාණ්ඩෙට පුළුවන්.

අවසාන වශයෙන්

පොකට් එකට බරක් නොවී බඩ පුරවගන්න හොඳ තැනක් තමයි කැෆේ ෆෝට් එක. අනික මේක ගිනිගහන මද්දහනේ වුණත් ඇවිදින්, කූල් එකේ කෑම ගන්න පුළුවන් තැනක්නේ. කෑම බීමත් බහුතරය හොඳයි. කන්තෝරු කෑම පැයේ යන එන කෑම කඩවල් අතරට, මේකත් එකතු කරගත්තොත් පාඩුවක් වෙන එකක් නැහැ.


TIP

Try the biriyani.

Address

No.124, York Street, Colombo 01

Directions

It's right next to Hospital Street. There's a large red sign that says 'Cafe Fort' and it's impossible to miss.

Contacts

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
See 2 Comments