Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Cafe Tasty (Kotte)

403, Kotte Rd, Sri Jayawardenepura Kotte


Tasty Caterers' new cafe in Pitakotte.



ටේස්ටි කේටරර්ස් කියන්නෙ කාලයක් තිස්සෙ ලංකාවෙ ප්‍රකට වගේ ම ජනප්‍රිය අවන්හල් ජාලයක්. වජිර පාරේ කැෆේ ටේස්ටි එක, කැෆේ නයින්ටි සෙවන් එක එහෙම මේගොල්ලන්ගෙ නේ. ඉතින් ටේස්ටි කේටරර්ස්ලගේ කෑම ඇත්තට ම ටේස්ටි කියල දන්න නිසා, අපි ගියා ඒගොල්ලන්ගෙ අලුත් කැෆේ එක පැත්තේ. 

කෑම 

ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස්, ශෝටීට්ස්වල ඉඳන් කේක් සහ අනෙකුත් රසකැවිලි ජාති දක්වා පැතිරුණු ලොකු මෙනු එකකින් මෙතන සමන්විතයි. ඒ අතරින් අපේ ඇහැ ගියේ තන්දුරි චිකන් පරාටා එකකටයි (රු. 280), චිකන් ලසඤ‍්ඤා එකකටයි (රු. 750).

මේ තියෙන්නෙ අඩ කවයක් වගේ එන තන්දුරි චිකන් පරාටා එක දිග ඇරියම පේන විදිහ. මේකෙ මතුපිට නං පොඩ්ඩක් වියළියි. රොටියක වගේ ටිකක් තද ගතියක් තමයි තිබුණෙ. හැබැයි චීස් එක්ක මික්ස් කරපු සොෆ්ට් තන්දුරි චිකන් හොඳහැටි ස්ටෆ් කරලා. මිශ්‍රණයට ලූනු, අමුමිරිස්, ගම්මිරිස් ඇතුළු ජාති දාල ටිකක් ස්පයිසි කරලා නිසා තවත් හොඳයි.

චිකන් ලසඤ‍්ඤා එක ටේක් අවේ දාල වගේ පැක් කරලමයි ආවෙ. චීස් ගොඩක් එක්ක මික්ස් වුණු චිකන්, චොප් කරපු කැරට් එහෙම ලසඤ‍්ඤා එකේ තිබුණා. තව පොඩි සැර කික් එකක් ආව නං අපි කැමතියි. මොකද මේක රත් කරල දුන්නට ඒ තරං රස්නයක් තිබුණෙත් නෑ. කොහොම වුණත් ටේස්ටි කේටරර්ස් එකේ සුපුරුදු ලසඤ‍්ඤා රහ නං නොඅඩුව දැනුණා.

බීම

බීම විදිහට අයිස්ඩ් කොෆී එකයි (රු. 140), ඔරේන්ජ් ජූස් එකයි (රු. 110) තමයි අපි තේරුවේ. මේ දෙක ම සුපිරි. අයිස්ඩ් කොෆී එකේ කිරි රසයි කෝපි රසයි නියම පදමට බ්ලෙන්ඩ් වෙලා. හුඟක් තැන්වල හම්බෙන අයිස් කෝපි වගේ සීනි වැඩි කරලත් නෑ. අනික කූල් ම කූල්.

ඔරේන්ජ් ජූස් එක හැබෑ දොඩම් යුෂ නෙමෙයි. කෝඩියල් වර්ගයකින් හදල තිබුණෙ. ඒත් පැණි රසයි දෙහි ඇඹුලයි අඩු වැඩි නොවී සම සම ව රසට මිශ්‍ර වෙලා තිබුණා. ඒ හින්දා රස්නෙ නිවිලා කූල් වෙලා යන හොඳ රිෆ්‍රෙෂිං ජූස් එකක් මේක.

අතුරුපස 

අතුරුපස විදිහට චොක්ලට් බිස්කට් පුඩිං, කැරමල් පුඩිං වගේ ම කේක් ජාති ගොඩකුත් මේ අය ළඟ තියනවා. අපි ගත්තා කැරමල් පුඩිං එකක් (රු. 170). මේක පුදුම රසයි. වැඩිය පැණි ගතියක් නොතිබ්බට හොඳ කිරි රසට කැරමල් රස ගාණට මුහු වෙලා. ටෙක්ස්චර් එකත් මාර ස්මූත්. 

තැන සහ සර්විස් එක 

මේක තියෙන්නෙ පිටකෝට්ටේ හන්දියෙ ම වගේ. හොඳට පාකිං ස්පේස් එහෙම තියන, ලොකු පිරිසකට එක වර අසුන් ගන්න පුළුවන්, සෑහෙන ඉඩකඩ සහිත ප්‍රසන්න තැනක්. නිදහසේ වාඩි වෙලා කයියක් ගගහ කන්න බොන්න පුළුවන්. පිරිසිදුකම පිළිවෙළ අතිනුත් උපරිමයි.

ස්ටාෆ් එක එහෙට මෙහෙට දුව දුව කඩියො වගේ වැඩ. කස්ටමර්ස්ලා එක්ක හොඳ සුහදතාවකින් ගනුදෙනු කරන බවත් පෙනුණා. 

අවසාන වශයෙන්

කෑමබීම ගැන පැහැදිලා හිටපු අපිට තැනයි සර්විස් එකයිත් හොඳට හිතට අල්ලපු නිසා, අලුත් ම කැෆේ ටේස්ටි අත්දැකීම රස එකක් වුණා කිව්වොත් හරි. ඉතින් ඕගොල්ලන්ටත් බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment