Artwork for Brew-at-Hatch-Top Banner 2 A
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for PMF Ifatr Sidebar banner 1

4/5

Caravan Village (Yala)

No 84 Gurugoda, Palathupana, Kirinda


Amazing jungle caravan experience in Yala!



බෙරගල, බෙලිහුල්ඔය ගමන අවසානයේ..

යාළුවයි මායි දෙන්නම කල්පනා කලා.. සීතල දවස් ගාණක සුවපහසුවට පස්සෙ, පොඩි වෙනසකටත් එක්ක ගිණි රස්නෙට නයිටක් දෙකක් ගහන්න පුලුවන් පැත්තකට ගැලපෙන්න. ඒ කල්පනා කරල තමයි බැලුවෙ යාල තත්වෙ කොහොමද කියලා.

ම්.. ඉන්ටනෙට් එකේ එහෙමත් බලලා, දන්න කියන ඈයොන්ටත් කෝල් එකක් දෙකක් ගහලා.. බැලින්නම්, ලොකු අවුලක් නෑ. ඊටත් ඉස්සර ලොකු ලොකු කට්ටියට විතරක් ඔෆර් කරපු හෝටල්, දැන් අඩු ගාණට අපේ අයටත් දෙනව කියන්නෙ.

ඒ නිසාමයි ඇත්තටම අපිත්.. සෆාරි යන්න උවමනාවක් තිබ්බෙ නැතත්, නිකමට හරි රවුමක් ගහන්න හිතුවෙ යාල පැත්තෙ. සුවපහසු කොටේජයක් බුක් කරලා හොඳ කැලේ පැත්තකට වෙන්න, කටට රහට කෑම ටිකක් කාලා, හැන්දෑවට පොඩි අඩියක් ගහලා.. දන්නැද්ද ඉතින්!

කොහොමහරී.. ඒ බලාපොරොත්තුවත් එක්කම ආයෙත් නෙට් එකේ පැය ගාණක් හොයලා හොයලා අපි හොයාගත්තා.. අපේ බජට් එකට, අපිටම හරියන විදියෙ ප්ලේස් එකක්.

‘කැරවැන් විලේජ්’ තියෙන්නෙ යාල පලටුපාන වෙරළට කිට්ටුව. 

ඒ විතරක් නෙවෙයි ඒකට යන්න තියෙන්නෙත් කැළෑ පාරකින්.

කෙසේහෝ වේවා තැනට ගියාට පස්සෙ නම් ෆුල් චිල්. ලස්සන පුංචි පූල් එකක් එහෙමත් තියෙනවා කෙලින්ම බීච් විව් එකට. වත්තෙ ලොකු හෙවණක් නැතත් අතරින් පතර කොහොඹ, මයිල වගේ ගස් ටිකකින් අපූරුවට හැඩවෙලා. ඔක්කොමත් හරි එක පේලියට ලස්සනට තියාපු කැරවැන් කැබින් ටිකනෙ.. ඇතුල ෆුල් ලක්ෂරි විදියට ඉන්ටිරියර් කරලා. 4-6 දෙනෙක්ට සුවපහසුව ඉන්න පුලුවන්.

ඒ හැරුනාම.. මෙයාලගෙ පොඩි බංගලාවකුත් තියෙනවා 10-12 දෙනෙක්ට වගේ ඉන්න ඉඩ තියෙන.

හැබැයී.. අපි නම් ගත්තෙ ලක්ෂරි වුඩ්න් කොටේජ් එක. ඒකෙත් උඩ තට්ටුවෙ කාමරයක්.

ආයෙ අන්න කොටේජ් ආ.. නොම්මර එකයි!

ඒසී. කරලා, තනි පොලිෂ් කරපු ලීයෙන්ම නිමවලා, ඇටෑච්ඩ් බාත්රූම්, ත්‍රිපල් බෙඩ්, කබඩ්, රැක්, කණ්නාඩි මේස..

ඔක්කොමත් හරි ජනේලයෙන් පේන බීච් විව් එක!

හැන්දෑවට තමයි යාලු පට්ටම. අනිත් එක එතන උඩට සෙට්වුනා කියන්නෙ ආයෙ අඩියක් ගහන්න, කෑම ටිකක් කන්නවත් වෙන තැන් හොයන්න ඔ්න නෑ. කෙලින්ම ඔ්ල් ඉන් වන් ලොකේෂන් එකක්.

හැබැයී.. එහෙමයි කියලා අපි පහළට නොගිහින් හිටියෙත් නෑ. මොකද මෙයාලගෙ කැරවැන් කැබින් එකක් ඇතුලෙම හදපු රෙස්ටුරන්ට් එකේ.. කෑම වේලක් ගන්නව කියන්නෙත් අමුතුම අත්දැකීමක්නෙ.

වැඩේ වුනේ..

කෑම තමයි...

අපි ලන්ච් එකට ඔ්ඩර් කලේ ෆ්‍රයිඩ් රයිස්. අනේ.. ඒ වුනාට මේසෙට ආපු එක?

බතේ ෆ්‍රයිඩ් ගතියක් තියා.. මුකුත් නෑ ආයෙ. තෙල් රස විතරයි. ඒකත් නිකම්ම සම්බා හාලෙන්. කැරට්, ලීක්ස් දාලා තිබ්බට බිත්තරවත් හරි හැටි නෑ. ඒකත් අවුලක් නෑ රයිස් එකට චොප්සි ටිකක්?

චිලිපේස්ට් විතරයි යාළු ආවෙ. වෙලාවට වෙනමම ෆිෂ් ඩෙවිල් එකක් ඉල්ලුවෙ.

හැබැයි ගාණ! එක්කෙනෙක්ට රු. 900යි..

ඒ..

ඒක එහෙම වෙලා.. හිතාගන්න බැරි වැඩකුත් වුනා..

අපි ඉතින් දවල් කෑම සවුත්තුයිත් එක්කනෙ, ගාණත් වැඩියිනෙ කියලා හැන්දෑවෙ පැය 3, 4ක නයිට් සෆාරියකුත් දාලා, රෑ කෑම එළියන්ම කාලා පහුවෙනිදා උදේ කෑමට වාඩි වුනානෙ.

අනේ.. රු. 500ට!

බතුයි, පංකාදු පොල්සම්බෝලයකුයි, චිකන් කරියයි, මිරිස් පපඩම් බැදලා, පරිප්පු.. බොලේ ඩෙසට් එකට පළතුරුත් තියෙනවා..

ෂුවර් එකට කුක් මාරු වෙලා වෙන්න ඔ්න.

කොහොමවුනත්.. ප්ලේස් එකේ සර්විස් එකෙත් පොඩි පොඩි අඩු පාඩුකම් තිබ්බා. මැනේජර් ජෙනුඉන් වුනාට ස්ටුඅට්ලා කීපදෙනෙක් හිටියා මෙලෝ රහක් නෑ. අපේ චෙක්අවුට් එක 11ට තිබ්බෙ. මෙන්න 10.45ට ඇවිල්ලා කියනවා..

“සර්, ඔයාලා 11වෙද්දිම යන්න ඔ්න..” කියලා.

පොඩි කොල්ලොනෙ කියලා අපි ඉතින් මුකුත් කිව්වෙ නෑ, හ්ම්…!


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment