Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Casadi

42/18 Vihara Road, Mount Lavinia (Off Samudrasanna Road)


Casadi is a beachfront outdoor restaurant located alongside Buba, serving excellent, affordable food - but sadly no booze



කැසාඩි කියන්නේ වෙරළ පැත්තේ තියෙන එළිමහන් අවන්හලක්. ඒක තියෙන්නේ බූබා එක පැත්තේ. කැසාඩි ඉස්තරම්, මිල දරාගත හැකි කෑම පිළිගන්වනවා. ඒත් තියෙන ප්‍රශ්නේ තමයි එයාලා මත්පැන් පිළිගන්වන්නේ නැති එක.

කැසාඩි මට කැසාවා සිහිකරනවා. ඒත් කැසාඩි මඤ්ඤොක්කා හෝ පිෂ්ටය අඩංගු අල වර්ගවලට කිසිම සම්බන්ධයක් නෑ. මේක බූබා එකට එහා පැත්තේ තියෙන shack-style අවන්හලක්. මේක තියෙන්නේ ගල්කිස්සේ හුදකලා වූ වෙරළ තීරයේ. මිනිස්සු ඒ පැත්තට යන්නේ එතන තියෙන ප්‍රසිද්ධ බාර් එකට යන්න ඕනේ වුණාම විතරයි.

කැසාඩි පටන්ගෙන මේ වෙනකොට අවුරුද්දක් විතර වෙනවා. ඒත් ඒක අපේ අවධානයට ලක් වුණේ නැති එක ලැජ්ජාවට කරුණක්. මොකද මෙහෙ කෑම බූබා එකේ තියෙන මිල අධික, තත්ත්වයෙන් බාල වීගෙන යන කෑම වලට වඩා ගොඩක් හොඳයි. මෙහෙ තියෙන එකම ප්‍රශ්නය තමයි කැසාඩි එකට අර මත්පැන් බලපත්‍රය කියන අරුම පුදුම ලියවිල්ල නැති එක. මත්පැන් බලපත්‍රයක් නැති එක විශේෂයෙන්ම වෙරළ තීරයේ අවන්හල් වලට මරණය කැඳවන කාරණයක් වුණාට එහෙම හිතලා මෙහෙ නෑවිත් ඉන්න එපා. ආසන තියෙන ආකාරයයි පිහිටි තැනයි බූබා වගේම හොඳයි. සේවාව සහ කෑම බූබා එකටත් වඩා හොඳයි. නිහතමානීව ඇහුවොත් මත් වෙන මොනවහරි හොයා ගන්න බැරි වෙන එකකුත් නැහැ. ඔබේම මත්පැන් මෙහාට ගෙන්න තහනමක් නෑ.

අපි එහෙ ගියේ රෑට විතරයි. හොඳට අඳුරු වෙනකොට. ඒත් මෙතන හරි ලස්සනයි. මේස තියලා තියෙන්නේ පෙණ නැගෙන රළ වලට ළඟින්. කෝණාකාර එළිය ඉරි වගේ කඩොලාන අතරින් වැටෙනවා. රතු එළියක් පොල් අතු වහලේ පොල් අතු අතර සිදුරු වලින් එනවා. ඒත් මේක දෙපැත්තකට යන්න පුළුවන්. ශෘංගාරාත්මක හෝ භයානක විදිහට. බූබා එකේ සහ කැසාඩි එකේ තියෙන විශේෂත්වය තමයි ඔබට ඔබ ඉන්නේ නොදැනා භූමියක මැද, තනියම කියලා දැනෙන එක. ඒක ශෘංගාරාත්මක වෙන්න පුළුවන් - රළවල සද්දේ අහගෙන තරු දෙස බලාගෙන. ඒත් නිසල රාත්‍රියක ඒක ටිකක් භයානක වෙන්නත් පුළුවන් - එහෙ හරි අඳුරුයි. ඔබට ගල්කිස්සේ ගෝල්ඩන් මයිල් එකේ කලබලකාරී හැඟීම හෝ හික්කඩුවේ බර මුමුණන හඬ ඇසෙන්නේ නැහැ මෙතනට. මේවා හුදකලා, අමුතු (සමහර විට කංසා වල සුවඳත් දැනෙන්න පුළුවන්) තැන් දෙකක්. කලබලකාරී ප්‍රධාන පාරෙන් ඈත්ව පිහිටලා තියෙන, කරදරකාරී කෝච්චි පාරෙනුත් එහා තියෙන බාර්.

ඒත් මම හිතනවා කැසාඩි විශේෂයෙන්ම අපූරුයි කියලා. කාර්යමණ්ඩලය මිත්‍රශීලී, හොඳ අය. කෑම, කන්නම වටින ඒවා. එයාලා සාමාන්‍යයෙන් වෙරළ තීරයේ තියෙන කෑම වර්ග දෙනවා. පැහැදිලි සේ පෙනෙන, සැර, ලුණු ගතිය වැඩි බත්. ඔබ තියුණු සහ කිවුල් දේ වලට අකමැති නම් එයාලට කියන්න. ඩෙවල් පෝර්ක්, කකුළු ඔම්ලට් සහ තවත් දේවල්. එළවළු ෆ්‍රයිඩ් රයිස් (රු. 250)  හරිම හොඳයි වගේම බටර් ගතිය වැඩියි. එළවළු වැඩියෙන් දාල තියෙනවා වගේම රසකාරක හොඳින් දාලා තියෙනවා. හොට් බටර් මෂ්රූම් (රු. 300) හදලා තියෙන්නේ පංකාවක් හැඩති කැබලි වලට ඝණකම් සෝස් එකක් දාලා. ගාර්ලික් ප්‍රෝන් (රු. 500) කියන්නේ හොඳින් පිරුණු මහතා ඉස්සෝ ගාර්ලික් බටර් එකේ දාලා.

හොඳ කෑම. කදිම සේවාව. බූබා එකට තරගයක් දෙන්න කෙනෙක් ඉන්න එක සතුටක්. කැසාඩි මත්පැන් බලපත්‍රයක් ගත්තොත් බූබා එකට හොඳ තරගයක් දෙන්න වෙයි.

TIP

The food, while very good, tends to be a bit too salty. Just ask them to go easy on it when you order.

Address

42/18 Vihara Road, Mount Lavinia (Off Samudrasanna Road)

Directions

Head down Galle Road till you get to the Mt. Lavinia Market (there's a Bata and Food City). Then head down Station Road. Take the last left, just before the road ends. Pass Old Quarry Road and turn left on Vihara Road. Follow this road until it ends in a sandy parking lot. Then cross the railtracks and it's right next to Buba

Contacts

E-Mail Facebook

Report Inaccuracy

Closed right now

Price Range

Between Rs. 200 - Rs. 500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

User Reviews
T
1

5/5

0

tizzyrubix

excellent price range… when one is constant broke

T
1

5/5

0

tizzyrubix

excellent price range… when one is constant broke

See 10 Comments