Artwork for KAMU TOP BANNER
Artwork for KARAMU TOP BANNER

3/5

Chanvel Restaurant

Sri Devananda road, Nawinna


Chanvel Restaurant is one of the oldest members in Colombo's dodgy bar scene.



මීටිමකට පසුව ඔෆිස් එකේ හෙන ගෝරිය. කට්ටිය, එක එක්කෙනාගෙ මතවල... අදහස් තොග ගණන් එළියට දානව.

“මොකෝ බං කරන්නෙ?” ඒ අතරෙ සරිතුයි මායිත් පුරුදු විදියට කතාවට සෙට් වුණා.

“කරන්න දෙයක් නෑ බං. අනික මේක මෙහෙම කතා කරල හරියන්නෙත් නෑ. කොහෙට හරි ගිහින් නිදහසේ කතා කරන්න ඕන”

“ඒක තමයි මාත් කල්පනා කළේ. ඉඳාන්කො..”

සරිත් ගියා කට්ටිය ළඟට. ගිහින් දැම්ම වචනෙ, “මචංල.. මේක මෙහෙම කතා කරල හරියන්නෙ නෑනෙ. අපි යං කොහෙට හරි. ගිහින් පොඩි ෂොටක් එහෙම දාන ගමන් පිළිවෙලකට කතා කරමු.”

“හප්පට සිරි. එළ අදහස ඈ.. යමං යමං” වචනෙ බැස්සෙ දිනේෂ්ගෙන්.

ඊට පස්සෙ ඉතින් දන්නැද්ද, සනික තැනක් බලපු අපි නාවින්නෙ චැන්වෙල් එකට යන්නයි තීරණය කළේ. තිරණය කරල ඔන්න විනාඩි 5ට පික්මිත් දාගෙන පිටත් වුණා. වෙලාව කියන්නෙ ඔෆිස් ට්‍රැෆික් එකට කලින් පැනගන්න පුළුවන් වෙච්ච එකනෙ. නැත්නම් බොන්න තියා කතාකරන්නවත් වෙන්නෙ නෑ. රෑ වෙලා ස්ථානයට පිවිසෙන්න වෙන්නෙ.

කොහොම හරි... නාවින්න හංදියෙන් බැහැපු සනික, අපි අඩියට දෙකට රෙස්ට් එකට ගොඩවුණා. ඒකත් නිකම් නෙවෙයි, කෙළින්ම උඩ තට්ටුවට. ගිහිල්ල කරල හිටං චැට් එක පටන් ගත්ත. පටන් අරන්, හෙමින් සැරේ... මේසෙට ආපු මෙනු බලල අරක්කු, බියර් ටිකකුයි හැඳැල්ලො (රු. 650), ස්පෙෂල් රයිස් (රු. 640), මික්ස් ග්‍රිල් එකකුයිත් (රු. 1650) ඕඩර් කළා.

“සර් මික්ස් ග්‍රිල් එක එන්න නම් ටිකක් පරක්කු වෙයි. ඔක්කොම බදින්න එපැයි”

“හා, ඒකට කමක් නෑ. හෙමින් සැරේ දාන්නකො.” ඕඩරේ කන්ෆර්ම් කරපු අපි ඔන්න ෆුල් චැට් එකටම!

ඒ විදියට විනාඩි 15ක් 20ක් ගැලපෙද්දි තමයි අඩුමකුඩුම ටික මේසෙට ආවෙ. ඒ කිව්වට බොන ජාති ටිකයි, පිඟන් කෝප්ප ටිකයි තමයි ඉස්සෙල්ලම. ඊටත් විනාඩි 5කට විතර පස්සෙ තමයි රයිස් එකයි හැඳැල්ලො එකයි ආවෙ. හැබැයි ඉතින් ආවනෙ. ආවට පස්සෙ කොහෙ බලබල ඉඳිලිද. ගත්ත ගමන් කට්ටියම චියර්ස්!

ඉස් ඉස්සෙල්ලාම කියල හැමෝම වැඩ ඇල්ලුවෙ හැඳැල්ලො එකෙන්.

කොටින්ම කිව්වොත් බලන් ඉඳිද්දි ඒක වාෂ්පවුණේ. ඇයි අප්පේ… රස! හොඳ පදමට දවටල, ගැඹුරු තෙලේ ගාණට බැදල, සැර හිටින්න ගම්මිරිස් පොඩ්ඩක් එහෙමත් දාලා.. පංකාදුයි ඈ. ඊටත් කටගැස්ම සරු වෙන්න ඒකට ලූනු, තක්කාලි, සලාද කොළ, දෙහි පෙති එහෙමත් දාලනෙ. ඇත්තටම හැඳැල්ලෙක්ගෙ සෝස් චුට්ටක් ගාලා ගත්ත කියන්නේ… ෂොටක් නෙවෙයි, දෙක තුනක් වුණත් ඉතින් නතින්ග් තමයි.

වැඩේ වුණේ හැඳැල්ල එහෙම වුණාට රයිස් එකේ රස ටිකක් අවුල්නෙ. වෙන මොකවත් නෙවෙයි, ඒකට මැගි හරි නෝ හරි රස කාරක දාලා අම්බානක. කන කන කටක් ගානෙ නිකම් ක්ෂණික නූඩ්ල්ස් කනව වගේ හැඟීමක් එන්නෙ. එහෙම නැතිවුණා නම් දෙයියනේ කියල සුප්ප රයිස් එක. මොකද ඒකට කජු, ග්‍රීන් පීස්, මුද්දරස් පලම්, සොසේජස්, බුල්සායි, චිකන්, ඉස්සො, දැල්ලො, මාළු ඔක්කොම දාලනෙ. හැරත් ඒවා නූලට රස තියෙන්නෙ බැදල කරල ලුණු, මිරිස්, ගම්මිරිස් පදමත් ගළපලනෙ.

අර බඩගින්නට කාලා ඉවර වුණා මිසක් නැත්නම් ඇත්තටම රයිස් එක රිජෙක්ට්.

ඒත් අවුලක් නෑ වෙලාවට මික්ස් ග්‍රිල් එකවත් ආව නම්. කොහෙද ඒකත් නෑනෙ. අන්තිමට බලාගෙන ඉඳල ඉඳල පල්ලෙහට ගිහින් කිව්වට පස්සෙ තමයි ඒක මේසෙට ආවෙ. සිස්ලින්ග් ප්ලේට් එකේ, දුම් ද දා.. එහෙම! උණු හින්ද අපි එක පාරම වැඩේට බැස්සෙත් නෑ. පොඩ්ඩක් ඉඳල මුලින්ම ගත්ත සොසේජස් කරලක්.

ම්ම්… නරකම නෑ. හැබැයි සෝස් රස ටිකක් වැඩියි. එහෙම නැතිවුණා නම් නියම ගාණට බැදුණු සොසේජස් එක. ඒ වගේම තමයි, ඒකට ආපු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකත් හොඳයි. හැබැයි හොඳටම තිබ්බෙ පෝක් පෙත්තයි, මාළු පෙත්තයි. ලාවට ෆ්‍රයි කරල ලුණු, ගම්මිරිස් අඩුම කුඩුම පදමෙ හොඳ හැටි පදම් කරලා රසයි කියන්නේ… බයිට් එකට කියාපුම. වැඩේ කියන්නෙ පෝක්, ෆිෂ් රසට තිබ්බට චිකන් පලුවෙත් අර සෝස් රස වැඩි සීන් එක තිබ්බ. එතකොට… ඉස්සො, දැල්ලොන්ගෙත් ඒ කේස් එකම තමයි. අනිත් කාරණය ඇවිල්ල ගාණෙ හැටියට ග්‍රිල් එකේ සයිස් එකත් මදි. ඒකෙන් වුණේ අන්තිමට අපිට අමුවෙන් ම කෙලල ඇරින්න වුණ එක තමයි.

ඊට පස්සෙ ඉතින් කතාව…

මෙදා පාර නම් අමුතුවෙන් කියන්න වෙනව. මොකද තුන්දෙනා බෝතලේ ගහලත් එකෙක්ටවත් බඩු නෑ කියන්නකො. දිවුරා කියන්නෙ යාළු, ස්ථානයේ සර්ව් කරන අරක්කු... කලවම් ඕං!


TIP

Try Handallo

Artwork for Frimi Shoutout banner - non merchants only
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment