Artwork for Coke with food - top banner
Artwork for Promote YAMU Top Banner
Artwork for PMF free for 2000 Offer sidebar banner Artwork for Promotional Artwork

4/5

Choice Restaurant

Centre Bazaar Rd, Mannar


Delicious Jaffna style Sri Lankan food, specially seafood & fried rice, kottu serving with a pleasant waiters.



පළාත මොකක් වුණත්, කොයි ආකාරයක් වුණත්... වටපිටාවෙ තියෙන හොඳම කඩයක් තෝරනව කියන එක නම් ලේසි පාසු කාරණයක් නෙවෙයි. ඒකත්... කොහොමද මන්නාරම් වගේ පැත්තක වුණාම?

ඇත්තට ම මේ මන්නාරම් කතන්දරේ මගෙ ඔළුවට ආවෙ පහුගිය මාසයක දෙකක ඉඳල. ඒකට විශේෂ හේතුවකුත් තිබ්බ. ඒ තමයි, මන්නාරම් කරවල. එහෙම කිව්වට ඉතින්... ඇත්තටම ‘ෆ්‍රෙෂ් සීෆුඩ්’!

අන්න ඒකමයි මම තකහනියක්... ප්ලෑන් කර කර හිටියොත් නොයෙන ගමන් නිසා, හැරෙන තැපෑලෙන් ම බස් එකක් බුක්කරල යන්න ලක ලෑස්ති වුණේ.

ප්ලෑනෙන් පස්සෙ ඉතින් මට ඉතුරු වෙලා තිබ්බෙත් එක දවසයි. ඒකේ... කැමරා බඩු අඩුම කුඩුම ටිකත් ලයින් කරගෙන... ඔන්න මම කොහොමහරි පිටත් වෙන්න...!

රෑ නැගපු ගමනෙ,

“මන්නාබැහැගන්න, මන්නාබැහැගන්න...” කියල කණ ළඟ සද්දෙ ඇහෙනකොට, මතකෙ හැටියට පාන්දර පහයි. උඩ ගිහිල්ල ඇහැරුණ මම අතට අහුවෙච්ච සේරම බඩු අරගෙන තමයි බස් එකෙන් බැස්සෙ. බැහැලා... බඩු ටිකත් පැත්තකින් තියලා... ඉස්සෙල්ල ම බැලුව ඔක්කොම හරිද කියල. බලල යාන්තම් වැඩේ ගැළපුනාට පස්සෙ, ගොඩවුණා ළඟම තිබ්බ කඩේට. ගොඩවෙලා බිව්ව කිරි කහට එකක්.

හප්පේ... ඊට පස්සෙ තමයි යාළු යාන්තම් නිදිමත කැඩුණෙ.

‘හ්ම්... යන්න ඕන බලන්න ස්ටේෂම පැත්තෙ. යාළුවා... නැගිටලත් ඇත්තෙ බාග වෙලාවට.

නැතත් ඉතින් මොකෝ’

නිල් ම නිල්පාට අහසට ළා රතට හුරු තැඹිලක් එකතු කරගෙන ලේවා කොටු උඩින් නැගෙන ඉර, දිහා බලාගෙන මම, හෙමින් සැරේ අඩියෙන් අඩිය, දුම්රියපොළ පැත්තට!

යද්දි, වෙලාවට ම යාළුව ඉන්නෙ ඔය ඉස්සරහ ම.

“උබ කෝල් එකක්වත් දුන්නෙ නෑනෙ බං. මං මේ පාන්දර කෝච්චියට ඇහැරුණු ගමන්.

ඉතින් ඉතින් මොකෝ වෙන්නෙ?”

පටන් ගත්තු කතාව... පොඩි රෙස්ට් එකක් අරගෙන, වොෂ් එකකුත් දාගෙන, මුලු හතර දිබ්බාගෙම රවුම් ගහල එන ගමනෙ අවසානයක් වෙනකම් ම ඇදුන ඉතින්.

ඒ ඇදිලා... මගේ රාත්‍රී නවාතැනට යන්න ඔන්න මෙන්න තියල, රෑ කෑමට සෙට් වෙච්චි තැන ගැන තමයි මේ…

කතාවෙන් බහෙන් මට තේරුණේ එතන තමයි ටවුමෙ අලුත්ම, හොඳම ප්ලේස් එක. ඊටත් ඇරඹුමේම ලැබුණු සර්විස් එකෙන්ම, ඒක හොඳ හැටි තේරුණා. ඒ නිසාමයි මම ගත් කටටම සීෆුඩ් රයිස් එකකුයි (රු. 400), කට්ල්ෆිෂ් පෝෂන් එකකුයි (රු. 200) ඉල්ලුවෙ. ම්... යාළුව නම් ගොඩක් කන්න බෑ කියල පරාටා එක්ක (රු. 40) ගත්ත චිකන් කරියක් (රු. 150),

“උබ කහං බං. මට හැමදාම මාළු කාලා එපා වෙලා”

කිව්වත් වගේ... මදි නොකියන්න සෙනඟ ඉඳපු කඩේ, කෑම ටික විනාඩි 10ක් යන්න කලින් මේසෙට ආව එකනෙ යාළු වැඩේ. ඒකත් නිකම් නෙවේ, සිනාමුසු මුහුණින්, කැඩිච්ච සිංහලෙන්... “සර්ර්, තා මොන අරි ඔනනං කින්ඩ. මම අතන ඉන්ඩවා”

තිබ්බ අනෝරා බඩගින්නත් එක්ක ඇත්තටම මම රයිස් පිඟානම ලං කරගත්ත ළඟට. ලං කරගෙන දාගත්ත දැල්ලො කරියත් ඒකටම. දාගෙන...

කටයි දෙකයි, හායි හූයි... රසයි, පංකාදු පහයි, කියන්න වචන නැති ගානයි. සත්තයි... මං හිතන්නෙ මඩකලපුවෙන් මම එක පාරක් කාපු දැල්ලො එකට පස්සෙ කාපු රසම දැල්ලො කරියද කොහෙද. හිතා ගන්න බෑ ඇත්තටම ඒකට මොන මිරිස් තුනපහවලින් දාලද කියල, පුදුම රසක් ඈ... මසාලා රසටත් ටිකක් කිට්ටුවෙන් යන්න, හොඳ හැටි කිරි මදිපාඩු ටිකත් දාලා, ගම්මිරිස්, අමු තුනපහ සියල්ලත් එක්ක... හරියටම කිව්වොත් බිස්ටේක් එකක් වගේ. රයිස් එක නොතිබ්බ නම්... සත්තයි මම කනව පාන් ගෙඩි 2ක් විතර.

ඊට පස්සෙ රයිස් එකනෙ. ඒකෙ තිබ්බ ඉස්සො, දැල්ලො, මාළු තොගයක් හොඳේ යාළු. කන කන කටක් ගානෙ එක කෑල්ලක් නෙවෙයි, කෑලි 2, 3ක්ම. පොඩි ඉස්සො වුණාට මොකද ෆුල් ෆ්‍රෙෂ්. එතකොට මාළුත් පොඩි පොඩි කෑලි කපල බැදල. දැල්ලොත් තම්බල වෙන්න ඕන... මදි නොකියන්න දාපු කැරට්, ලීක්ස්, බිත්තර අඩුම කුඩුම ටිකත් එක්ක... පුදුම රසක් ඈ... හැරත් ඒකෙ සයිස් එක. තුනෙන් පංගු 2ක් විතර මම කෑවට මොකද, බඩගින්න නිසා මිසක්... නැත්නම් කිසි අවුලක් නැතුව ඒක දෙන්නෙක්ට හොඳටම ඇති.

වැඩේ කියන්නෙ ඔය අතරට මම යාළුවගෙ පරාටා කෑල්ලකුයි, චිකන් කරියෙනුයි පොඩ්ඩකුත් රස බැලුවනෙ.

ඒක නම්... බැලුව බැලුවම තමයි. දෙන්න තරු නෑ හොඳේ. උණුම උණු, සුපිරි සොෆ්ට් පරාටා එකක්. හරියට ගත්තොත් නාන් රොටියක් වගේ. ඒකයි... පංකාදු පහට මිරිස්, ගම්මිරිස්, තුනපහ, කිරි දාලා පදමට හදපු චිකන් කරියයි! ඇත්තටම හිතා ගන්න බෑ කන්න ගත්තොත්... කොහෙන් ඉවරයි ද කියල.

රසට පිස්සු වැටුණු තරමක් කියන්නේ... එතනින්ම තමයි මම පහුවෙනිදා දවල්ට කෑවෙත්. ඒක නම් චිකන් බිරියානියක් (රු. 500). හොඳ... රෝස්ට් චිකන් පළුවක් එක්ක, සම්බ හාලෙ බතයි, තම්බපු බිත්තරයයි... හොඳටම හොඳයි. හැබැයි... ටිකක් විතර බිරියානි රස මදියි, හ්ම්...

තව...

කියන්නත් බොහෝ දේයි. ඒත් මහන්සියි. ඒ නිසා ඊළඟ ලිපියෙන් තවත් කොටසක්, හොඳෙයි! 


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment