ODEL Promenade, No.02, Ward Place, Colombo 07
Chop Chop Kottu at ODEL premises does tasty, generous kottu all day.
කොළඹ ෆුඩ් කෝට් සෙට් එකට මෑතකදී එකතු වුණු අලුත් ම එක තමයි ඔඩෙල් ප්රොමනේඩ් එක. ඇත්තම කිව්වොත් මේක එදා මෙදාතුර තිබුණු ෆුඩ් කෝට් සංස්කෘතියට අලුතෙන් දෙයක් එකතු කරපු තැනක්. අර වෙන තැන්වල වගේ සද්ද බද්ද එක්ක වටවෙච්ච බිල්ඩිමක, එක ම ජාතියේ කෑම විකුණන රෙස්ටෝරන්ට් සෙට් එක වෙනුවට, එළිමහනේ අලුත් ම කෑම කඩ ටිකක් තියෙන ෆුඩ් කෝට් එකක් විදියට ඔඩෙල් ප්රොමනේඩ් එක ප්‍රසිද්ධයි. ඔන්න ඔය අතරේ තියෙන චොප් චොප් කොත්තු එක ගැනයි මේ රිවිව් එක.
ඉස්සර නම් චොප් චොප් එකේ රස කොත්තු කන්න බොරැල්ල කිට්ටුවට ම යන්න ඕනේ. ඒ ගියත් එතැන ඉඳන් කන්න බැහැනේ. ටේක් අවේ සහ ඩිලිවරි විතරනේ තිබුණේ. හැබැයි ඔඩෙල් ප්රොමනේඩ් එකේ තියෙන නිසා දැන් ඒ කරදරෙත් නෑ. කැමති කොත්තුවක් ඕඩර් කරලා පාඩුවේ වාඩිවෙලා කන්න චාන්ස් එක තියෙනවා.
කිව්වත් වගේ මේක තියෙන්නේ ඔඩෙල් ප්රොමනේඩ් එකේ. හරියට ම කිව්වොත් කඩ පේළිය කෙළවරේ ම තියෙන සීෆුඩ් ෂැක් අවුට්ලට් එකේ අල්ලපු වැටේ. එක්කෝ එළියේ තියෙන පුටු මේසවල වාඩිවෙලා කෑම ගන්න පුළුවන්. ඒ නැත්තන් ටේක්-අවේ ගන්නත් පුළුවන්.
අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. චොප් චොප් එක හදලා තියෙන්නේ කොත්තු පෙරේතයන්ට ම තමයි. ප්‍රධාන වශයෙන් මේවා ජාති දෙකයි. එකක් රොටි කොත්තු. අනිත් එක ඉඳි ආප්ප කොත්තු. ඕවා දෙකෙන් එකක් දාලා චිකන්, බිත්තර, සොසේජස්, ක්‍රැබ්, ප්‍රෝන් සහ වෙජිටබල් කොත්තු හදලා ගන්න ඇහැකි. අවාසනාවකට වගේ අපි යද්දී ඉඳි ආප්ප කොත්තු ගන්න තිබුණේ නැහැ. ඒ නිසා අපි චිකන් රොටි කොත්තුවකුයි (රු.450), ප්‍රෝන් රොටි කොත්තුවකුයි (රු.500) ගත්තා. බීම විදියට අයිස්ඩ් මයිලෝ (රු.190) එකකුත් ඕඩර් කළා. අහ්! තව පොඩ්ඩෙන් අමතක වෙනවා. චිකන් කොත්තුවට එක්ස්ට්‍රා චීසුත් දාලා තමයි ඉල්ලුවේ. තවත් රුපියල් 100ක් ගියා ඒකට.
විනාඩි දහයක් වගේ යන්න ඇති. ඔන්න කොත්තු දෙක ම ආවා අපේ මේසෙට.
මේ තියෙන්නේ චිකන් කොත්තුව. පෙනුමෙන් ම තේරෙනවනේ කොච්චර හොඳට කුළුබඩු මික්ස් එක දාලා තියෙනවද කියන එක. හැම රොටි කෑල්ලකට ම අඩුවක් නැතුව මේ රස පැතිරිලා එන විදියට තමයි කොත්තුව ගහලා තිබුණේ. චිකන් කෑලිත් තොගයක් එකතු කරලා තිබුණා. වැඩිපුර චීස් ඉල්ලලා දාගත්තට, මේකෙයි ප්‍රෝන් කොත්තුවෙයි ලොකු වෙනසක් අපට තේරුණේ නැහැ. හැබැයි කොත්තුවට දාන කැරට්, තක්කාලි පෙති, ලූණු රවුම්වලින් නම් ඒකට නියම ෆ්‍රෙෂ් ගතියක් එනවා.
ප්‍රෝන් කොත්තුවත් මරු. නිකන් මේ පිට පෙනුමට ඉස්සෝ එකෙක් දෙන්නෙක් දාලා හදපු එකක් නෙවෙයි මේ. හැම කටකට ම ඉස්සෙක් හැපෙන සයිස් එකට ඉස්සෝ ගොඩක් දාලා තිබුණා.
අයිස්ඩ් මයිලෝ එකේ නම් ඒ හැටි ගැම්මක් නෑ. හෙන පොඩ්ඩයි හම්බෙන්නෙත්. ලොකුවට මයිලෝ රසක් ඇත්තෙත් නැහැ. කිරි රස තමයි හුඟක් ම ආවේ.
එවෙලේ ම හදලා දෙන කොත්තුව වුණත් පට ගාලා දාලා දෙන්න චොප් චොප් කොත්තු එකේ අයට පුළුවන්. කවුන්ටරේ ඉන්න අය වුණත් හොඳට හිනාවෙලා කතා කරනවා.
ඔය වටපිටේ තියෙන කොත්තු කඩවල්වල තරම් අඩුවට මෙතැනින් කොත්තු නොලැබෙන බව නම් හැබෑව. ඒ වුණාට වැඩි ගාණක් දීලා වුණත් මේවයේ තියෙන කොලිටිය ඒ වගේ කඩවල්වලින් ගන්න අමාරුයිනේ. හැමදාම කන්න බැරි වුණත් ඉඳලා හිටලා හරි මේ පැත්තෙන් ගියොත් චොප් චොප් කොත්තු එකට ගොඩවෙලා යන්නකෝ.
Started off as a humble home-based business, Eat Right now…
Upali's does affordable and tasty Sri Lankan food.
4/5
AdamG
Good stuff here although a bit pricey
4/5
Lakshan
Great review. They offer the best Kotthu experience you could get in colombo.