Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

Cinnamon Lakeside (Pool)

115, Sir Chittampalam A. Gardiner Mawatha, Colombo 2


Of Colombo’s 5 star hotel pools we are partial to the one at Cinnamon Lakeside. It’s probably the most recently refurbished of the big hotel pools and with its Beira-side views, deep blue tinge, and innovative U-shape it makes for better swimming than your average hotel pool.



කොළඹ තරු පහේ හෝටල්වල පිහිනුම් තටාක අතරින් අපි වඩාත් කැමති සිනමන් ලේක්සයිඩ්හි තටාකයට. එය තමයි කොළඹ හෝටල්වල පිහිනුම් තටාක අතරින් මෑතදීම නවීකරණය කරන ලද එක. බේරෙ වැව අද්දර සුන්දර පරිසරයක පිහිටි එය නිල් පැහැ දියෙන් පිරි ඉංග්‍රීසි යූ අකුරේ හැඩයට සැදි එය සාමාන්‍ය පිහිනුම් තටාකයකට වඩා ප්‍රියජනක පිහිනුම් අත්දැකීමක් ලබාදෙනවා. මේ සුවිසල් තටාකය පිහිනන්න හරිම අපූරු තැනක්. ව්‍යායාමය සඳහා ඇති තරම් ඉඩකඩ තිබෙන එය සතියේ දිනවල දවල් හා සවස තනිවම වුණත් භුක්ති විඳින්න පුළුවන්, සෙනග නැති නිසා.

බේරේ වැව අද්දරම පිහිටා තිබෙන නිසා ඔබට හිතෙන්නේ ඔබ අපරිමිත සුවිසල් තටාකයක පිහිනනවාය තියලායි. දැන් බේරේ වැව වඩා පිරිසිදුයි. හැබැයි, එහි පිහිනීමනම් තවමත් බියකරු දෙයක්. සිනමන් ලේක්සයිඩ්හි සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමේ ඇති භෝජන මේ පිහිනුම් අත්දැකීම රසවත් කරනවා. විශිෂ්ට රෝයල් තායි අවන්හල පිහිටා තිබෙන්නේ පිහිනුම් තටාකයට අතේ දුරින්.

මෙතැන ඡායාරූප, චිත්‍රවලට පෙනී සිටින්නත් හොඳ තැනක්.

මෙහි දිග මීටර් 25ක් 30ක් ඇති. ඉංග්‍රීසි යූ අකුරේ හැඩය. අපි ගැඹරුම කෙළවරට ගියේ නැහැ. වැඩිහිටියන්ට අයකිරීම රු. 1200යි. ළමයින්ට රු. 750යි. ලයන් ලාගර් රු. 550යි. ක්ලබ් සැන්විච් රු. 750යි.
All Reviews

Of Colombo’s 5 star hotel pools we are partial to the one at Cinnamon Lakeside. It’s probably the most recently refurbished of the big hotel pools and with its Beira-side views, deep blue tinge, and innovative U-shape it makes for better swimming than your average hotel pool.

සිංහල කොළඹ තරු පහේ හෝටල්වල පිහිනුම් තටාක අතරින් අපි වඩාත් කැමති සිනමන් ලේක්සයිඩ්හි තටාකයට. එය තමයි කොළඹ හෝටල්වල පිහිනුම් තටාක අතරින් මෑතදීම නවීකරණය කරන ලද එක. බේරෙ වැව අද්දර සුන්දර පරිසරයක පිහිටි එය නිල් පැහැ දියෙන් පිරි ඉංග්‍රීසි යූ අකුරේ හැඩයට සැදි එය සාමාන්‍ය පිහිනුම් තටාකයකට වඩා ප්‍රියජනක පිහිනුම් අත්දැකීමක් ලබාදෙනවා. මේ සුවිසල් තටාකය පිහිනන්න හරිම අපූරු තැනක්. ව්‍යායාමය සඳහා ඇති තරම් ඉඩකඩ තිබෙන එය සතියේ දිනවල දවල් හා සවස තනිවම වුණත් භුක්ති විඳින්න පුළුවන්, සෙනග නැති නිසා.

Address

115, Sir Chittampalam A. Gardiner Mawatha, Colombo 2

Contacts

E-Mail Website

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
See 3 Comments