Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickME Food Rs. 400 OFF on your Dinner Order until 23.6.21 SBB Artwork for Coffee post sidebar 1-Aga coffee

3/5

Cioconat Lounge

107 Barnes Place, Colombo 7


Cioconat offers some tasty, generous fare, but even so it still isn’t exactly where it could be.



“Cioconat Lounge”; නම නම් උච්චාරණය කරන්න ටිකක් අමාරුයි තමයි. අපට දැනගන්න ලැබුණ විදියට මේක උච්චාරණය වෙන්නේ "චෝ-කෝ-නාට් ලෝන්ජ්" විදියට. ඉතාලි භාෂාවෙන් චොකලට් වලට කියන්නේ "Cioco" කියලනේ. ඉතින් ඒ ආරය අරන් තමයි මෙතනට Cioconat Lounge කියන නම දාලා තියෙන්නේ.

තැන

කාලෙකින් මේ පැත්තේ යන්න බැරිවුණු නිසා, අපි හිතුවා දවල් කෑමකට මෙහෙට ගොඩ වෙන්න. කොළඹ 7, කින්සි පාරේ කෙලවරට වෙන්න පිහිටලා තියෙන මේ Cioconat Lounge එකේ ප්‍රධාන වශයෙන්ම පිළිගැන්වෙන්නේ ඉතාලි කෑම වර්ග. මේ ඇරුනාම කෝපි වර්ගත් මෙතැන තියෙනවා.

සිකුරාදා දවසක් නිසාදෝ හෝ හුඟක් සෙනඟ වැඩි ගතියක් අපට දකින්න ලැබුණා. ඒ නිසා ටිකත් කළබලෙත් පොඩ්ඩක් වැඩියි. ඒත් බොහොම පිරිසිදු, සුව පහසු වටපිටාවක් මෙහේ තියෙනවා කියලා කියන්න පුළුවන්.

කෑම බීම  

අපි starter එක විදියට ඕඩර් කලේ ක්‍රීමි මෂ්රූම් සුප් (රු.450) එක. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රීමි සුප් එකක් තමයි මේක. මෂ්රූම් යහමින් දාලා, බොහොම උකු විදියට හදලා තිබුණු මේ සුප් එකේ තිබුණේ දිව නහර පිනා යන රසක්.

අපි Cioconat Lounge එකට ගොඩ වුණේ බොහොම තදට අව්ව තිබුණු දවසක. ඒ නිසා හරි තිබහක් වගේම, මහන්සියකුත් අපට දැණුනා. මේ නිසාම තමයි අපි හිතුවේ මෙයාලගේ මෙනු එකේ තියෙන මොක්ටේල් අතරින්, මින්ට් ඇන්ඩ් ලයිම් මොජිටෝ (රු.450) එකකුත් ඕඩර් කරන්න.කොළ පාටට තිබුණ මේ මොජිටෝ එකේ හරි කදිම පෙනුමක් තිබුණා. දෙහි පෙත්තක් වගේම මින්ට් කොළ දෙක තුනකුත් උඩින් තියලා තමයි මේක ලස්සන කරලා තිබුණේ. ලාවට වගේ දැනෙන තිත්ත ගතියක් තිබුණත්, මේ මොජිටෝ එකේ හොඳ රසක් තිබුන බව අනිවාර්යෙන්ම කියන්න ඕනේ.

ඉතාලි අවන්හලක් විදියටම නම් කරන්න නොහැකි වුණත්, ඒ ආභාසය අරන් හැදුණු අවන්හලක් නිසා අපි හිතුවා පීසා එකකුත් ගන්න. ස්පයිසි රස පීසා එකක් විදියට එයාලා නම් කලේ මෙක්සිකන් පීසා (රු.1700) එක. සාමාන්‍යයෙන් හොඳ පීසා එකක තියෙන්න ඕනේ චීසී ගතිය මේ පීසා එකේ තිබුණේ නැහැ. ඒ වගේම අර කිව්ව විදියේ ස්පයිසි ගතියකුත් මේකේ තිබුණේ නැහැ. ඒත් මදි නොකියන්න ඔලිව් නම් මේ පීසා එකේ තිබුණා. ඔලිව් රසට ආස කරන අපේ අයට හොඳට ගැලපෙන පීසා එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

අතුරුපස විදියට අපි තෝරගත්තේ Nutella crepe (රු.550). පැණි පොල් පුරවන්නේ නැතුව හදපු පෑන් කේක් එකක් උඩින් රසම රස නටෙලා චොකලට් වත්කරලා තමයි මේ අතුරුපස හදන්නේ. මේ වගේ රෝල් කරපු පෑන් කේක් පහක් මේකට ලැබෙනවා. චොකලට් රසට ආස කරන ඕනෙම කෙනෙක් Cioconat Lounge එකෙන් ගන්නම ඕනේ අතුරුපසක් විදියට මේ නටෙලා ක්‍රේප් එක හඳුන්වන්න පුළුවන්.

සර්විස් එක

අපේ කෑම ටික විනාඩි 20කින් මේසෙට ගෙනත් දෙන්නම් කිව්වත්, පැය භාගෙකට වඩා ගියා ඒ වැඩේට. තද බඩගින්නේ හිටියත් සුප් එක කලින් ලැබුණු නිසා අපට ඒක එච්චර දැනුණේ නැහැ. සර්විස් එක ප්‍රමාද වෙන්න සමහරවිට හේතුවෙන්න ඇත්තෙත් එවෙලේ තිබුණු කලබලකාරී බව කියලා අපට නොහිතුණාම නෙවෙයි. වේටර් කෙනෙක්ව ලඟට ගෙන්නගන්න කෝල් බට්න් එකකුත් හැම මේසයකටම ලැබෙනවා.

අවසාන වශයෙන්

Cioconat Lounge එකේ කෑම වර්ග හැම එකක්ම සියයට සීයක්ම හොඳයි කියලා කියන්න අමාරුයි. ඒත් වරදක් නැහැ. රස පැත්තෙන් ගත්තොත්, ගෙවන මිලට හොඳම වටිනාකම ලබෙනවද කියන ප්‍රශ්නයත් මෙතැනදී මතු වෙනවා. කොහොම වුණත්, මහන්සිවෙලා ගෙදර යන හවස් වරුවක ගොඩවෙලා කෝපි කෝප්පයක් තොල ගාන්න, යාළුවොත් එක්ක සති අන්තෙක කතාවක් දාන ගමන් සුවපහසු වටපිටාවක කෑම වේලක් රස විඳින්න යන්න පුළුවන් තැනක් විදියට Cioconat Lounge හඳුන්වන්න පුළුවන්.

 


TIP

Adjoining the shop is a little store selling a bizarre mix of items - American candy, like Nerds and Hersheys, and also dates (?).
All Reviews

Cioconat has steadily descended down the hill of progress and we're disappointed to report that they're at a stagnant standstill at the moment.

Cioconat offers some tasty, generous fare, but even so it still isn’t exactly where it could be.

We could never quite bring ourselves to explore Cioconat, the coffee shop lurking behind all the unsightly coffee-and-ash cladding on Barnes Place. With a name like Cioconat (?) and a facade that has all the elegance of a Colombo bank, what good could possibly lay behind those glass doors? But we were wrong. Kind of. Cioconat isn't terrible - the eponymous hot chocolate is actually quite amazing, the food is decent, and the space is surprisingly large and comfortable. They even offer shisha.

සිංහල “Cioconat Lounge”; නම නම් උච්චාරණය කරන්න ටිකක් අමාරුයි තමයි. අපට දැනගන්න ලැබුණ විදියට මේක උච්චාරණය වෙන්නේ "චෝ-කෝ-නාට් ලෝන්ජ්" විදියට. ඉතාලි භාෂාවෙන් චොකලට් වලට කියන්නේ "Cioco" කියලනේ. ඉතින් ඒ ආරය අරන් තමයි මෙතනට Cioconat Lounge කියන නම දාලා තියෙන්නේ.

සිංහල මට ඕනෑ වුණා බාන්ස් පෙදෙසේ ‍කෝපි හා අළු පැහැති ආකර්ශනීය නොවන මුහුණතක් ඇති Cioconat බලන්න යන්න. නම අමුතුයි. එහි ඉදිරිපස පෙනුම බැංකුවක වගේ. ප්‍රිය උපදවන්නේ නැහැ. මේ වීදුරු දොරවල් පිටුපස ඇත්තේ මොන වගේ ලෝකයක්ද යන කුහුලින් යුතුව තමයි මම එහි පිවිසියේ. ඇතුළත් පිටත පෙනුමට සමානයි. ඒත්, Cioconat හොඳ තැනක්. එහි පුදුම හිතෙන තරම් ලොකු හා සුවපහසු අවකාශයක් තිබෙනවා. ඔවුන්ගේ උණු චොකලට් ඉතා රසවත්. කෑමත් හොඳයි. ඔවුහු ශිෂා හෙවත් ගඩුගුඩාත් පිරිනමනවා.

Address

107 Barnes Place, Colombo 7

Directions

It's at the corner of Kynsey Road and Barnes Place.

Contacts

E-Mail Facebook Website

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Coffee

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3

Similar Places

User Reviews
A
1

2/5

0

Ashee

I don't recommend this place for ifthar buffet. They don't fill the dishes when they run out and if you are a slow eater you're basically left with hardly anything . (specially after starving the whole day, I don't think you can't eat a lot at once during ifthar) so no! I don't think this place does any justice to ifthar buffets

A
1

5/5

0

Asma Imran

ordered shish kebab and smoked salmon… it was excellent… friendly service… taxes are really high… but the food makes me wanna return to them for another meal someyime soon…

A
1

2/5

0

Ashee

I don't recommend this place for ifthar buffet. They don't fill the dishes when they run out and if you are a slow eater you're basically left with hardly anything . (specially after starving the whole day, I don't think you can't eat a lot at once during ifthar) so no! I don't think this place does any justice to ifthar buffets

A
1

5/5

0

Asma Imran

ordered shish kebab and smoked salmon… it was excellent… friendly service… taxes are really high… but the food makes me wanna return to them for another meal someyime soon…

I
1

1/5

0

Isuru Uyanage

Dont ever go to this place. they don't have anything which have been mentioned in the menu. we went for a special meeting for lunch. but at last we had to eat dhal n rice. if you wanna feel ashamed of yourself, take someone there for a outing. They do not have the quality of service at the time they started. simple i do not recommend this place to anyone.

See 45 Comments