Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

3/5

Colombo Eatery

Delivery only


A home-based venture specialised in many kinds of pudding.



අපේ දිනේෂ් මහත්තයගෙ සුහද පාර්ටියෙන්, බඩ දෙබෑවෙන්න කෑවට පස්සේ..

කට්ටිය කොහොමහරි ගාට ගාට ආවනෙ පල්ලෙහාට.

ඒ ඇවිල්ල බැලින්නං.. මෙන්න බොලේ විශ්වි ඕඩර් කරල ඩෙසට් එක! බිස්කට් පුඩිං, කොකනට් බිස්කට් පුඩිං, වටලප්පම් වගේම හදපු හකුරු පුඩිං.

හ්ම්.. දැං කාපංකො ඒක.

කරන්න දෙයක් නැතිම තැන කට්ටිය පොඩ්ඩක් වටවෙලා.. වැඩේ පටන් ගත්ත ඔන්න. ඇත්තටම මගේ නම් එච්චර පිරියක් තිබ්බෙම නෑ. ඒත් අර.. චොක්ලට් බිස්කට් පුඩිං (රු. 650 - ග්‍රෑ. 450) තිබ්බනෙ.

ඒකයි..

කිට්ටු කරල හිටං ඔන්න ගත්ත හැන්ද පුරෝලා එකක්, චොකෝ පුඩිමෙන්. අරගෙන එක කටටම ‘දඩස්’

චැහ්! හපෝ..

මොකක්ද අප්ප ඒ. මාරි රස විතරයි වැඩි හරියක්ම. චොක්ලටුත් දාලා තියෙනව, ඒත් සෑහෙන්නම මදි. හැබැයී.. පැණි රස නම් ගාණටම වගේ බැලන්ස් කරල තිබුණ. ආයෙ, ඉතින් එච්චරයි. ඒකෙන් ආයෙ කෑවෙ නෑ.

ඊට වැඩිය පැහැදිලිවම හොඳයි පොල් බිස්කට් පුඩිම (රු. 750 - ග්‍රෑ. 450). මම ඒ හැටි ආස නැතිවුණත්.. ඒකට දාලා තිබ්බ හවායන් කුකීස් එක්ක වැනිලා, ක්‍රීම් ටොපින්ග් එකයි, ඊටත් උඩින් තිබ්බ හීනියට ගාලා ඩිහයිඩ්‍රේට් කරපු පොල් තට්ටුවයි.. අමුතුම කොලිටියක් තියෙනව ඈ.. 

ම්.. අන්තිමටම කාපු ජැගරි පුඩිමත් (රු. 1100) හරි ගියේම නෑ අප්ප. ඒකෙ පැහැදිලිවම තිබ්බෙ බිත්තර රස විතරයි. අනේ බොරු කියන්නෙ මොකටද, හකුරු රසක් නම් යාළු අහලකවත් නෑ යාළු. ඒත් පාට කොහෙන් හරි ඇවිල්ල තිබ්බ. පැණි රස බැලන්ස් කරන්න මං හිතන්නෙ සීනි පැණි ද කොහෙද අරගෙන තියෙන්නෙ, හ්ම්..


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment