Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for SRI LANKA GOOGLE SEARCH SIDEBAR 2

4/5

Concord Food Court

Batugedara, Ratnapura


A popular rice and curry buffet spot in Ratnapura, that does some excellent rice and curry for a decent fare.



ග“ඕං ඔන්න ඔතන. නවත්තන්න ඉතින්. ඉන්න බෑ බොල, පැය 4ක් තිස්සෙ එක දිගට ඇවිල්ලා. මම වොෂ් රූම් ගිහිල්ල එන්නම්.

ඒ මේ, ඒක නෙවෙයි. මෙතනින්ම කාලා අදිමුද. මෙතන කෑම හොඳයි. මං දවසක් කෑවා”

හදිස්සි වැඩකට උඩවලව යන ගමන් ඉවසන්න බැරි අවශ්‍යතාවයකටයි මම වාහනේ නැවැත්තෙව්වෙ රත්නපුර ‘කොන්කෝඩ්’ එක ළඟ. කොහොම හරි වෙලාව උදේ 8ටත් කිට්ටු කරල තිබ්බ නිසා මගේ අදහසට මස්සිනයි අක්කයිත් කැමති වුණා. වැඩේ කියන්නෙ මම එළියට ගිහින් එන අතරට මෙයාලා කඩේ ඇතුළට ගිහින් බුෆේ එකටත් සෙට් වෙලා කියන්නකො. කොත වගේ ගහල කෑම වේල ගජරාමෙට බෙදාගන්නව. කමක් නෑ, බොලගෙ ආදර කතාවනෙ කියල මාත් ගිහිල්ල ගත්ත පිඟානක්. අරගෙන සෙට්වුණා නියම වැඩේට.

ම්ම්… පංකාදු බුෆේ එක ඈ… පටන් ගන්නෙ කෙලින්ම රතු සුදු දෙජාතියෙ ම ඉඳිආප්පවලින්. ඊට පස්සෙ පාන්, බත්, නූඩ්ල්ස්, කිරිබත්, කඩල... අල, පරිප්පු, චිකන්, මාළු, කට්ට සම්බෝල, පොල් සම්බෝල බැදපු මිරිස්, පපඩම් එහෙමත් තියෙනවනෙ. එහෙම තියෙද්දි ඉතින් නේ, එකක් හරි මිස් කරන්න හිතෙනවද කියන්නකො.

දෙයියන්ගෙ නාමෙන් මම නම් පුලුවන් හැම දේ ම වගේ බෙදාගත්ත. බෙදාගෙන වතුර වීදුරුවකුත් අරගෙනමයි වාඩි වුණේ. බඩත් හොඳ හැටි හිස් කරගෙන තිබ්බ එකේ දෙන්නම් ජම්බෝ කියල පටන් ගත්ත පාන් කෑල්ලකින්ම වැඩේ… හොදි ටිකක් එහෙම ගාගෙන.

ම්ම්… ටොප් ආ! අර එකම අවුල තිබ්බෙ පෙති පාන් වෙච්ච එක. සත්තයි, පෝරණු පාන් තිබබ නම්.. වගකියනව පැලෙන්න. ඇත්තටම ඒ චිකන් හොද්දයි පරිප්පුවයි කලවම් වුණාම සුපිරි රසක් එන්නෙ. මොකද චිකන් එකේ මිරිස් තුනපහ වගේම ලුණු ඇඹුල් පදමත් ගාණටනෙ. හැරත් ඒ චිකන් එහෙමත් හොඳ අළුත් පාටයි. කෑලිත් ලොකුවට කපල නිසා තවත් වාසියි. හිතාගන්න බැරි හොද්ද තරමක් ඝනේට හැදුවෙ කොහොමද කියල තමයි. සමහරවිට හින්දන්න ඇති මගෙ හිතේ.

කොහොම වුණත් පරිප්පුව නම් හොඳටම හින්දල තිබ්බ. ඒ නිසා ඒකෙ රස ලෙසටම! වැඩේ කියන්නෙ අල හොද්දත් පරිප්පුවට දෙවනි නෑ කියන්නකො. අල කෑලිවලට තුනපහ අල්ලල, නියම පදමට රස වෙලා. අර මම වැඩිය කන්නැති නිසා මිසක් නැත්නම් අලවලටත් දෙසන්න තිබුණා යමරෙට.

මාළු හදල තිබ්බෙ ඇඹුල් තියල් විදියට. ඒකත් නොම්මර එකයි. ලුණු ඇඹුල් වගේම, බැදපු තුනපහ, අබ ගම්මිරිස් සුදුලූනුවල රස පවා හොඳට එනව. අනික මාළු කෑලිත් මාර ම ෆ්‍රෙෂ්නෙ. හරියට බැදලා උයලා වගේ. හැබැයි එහෙමත් නෑ. මගෙ හිතේ ඒකත් හොඳ හැටි හින්දල වෙන්න ඕන.

එතනින් එහාට ගියාම හොඳටම තිබ්බෙ පොල්සම්බෝලෙ තමයි. කියල වැඩක් නෑ ඒකත් ටොප් ආ… හැබැයි තව දෙහි පොඩ්ඩකුයි, උම්බලකඩ චුට්ටකුයි ආව නම්… අර චිකන් හොද්දයි, පොල් සම්බෝලෙයිම ඇති බත්, පාන් ඕන දෙයකට වග කියන්න.

ආ… කියන්න බැරි වුණානෙ. මෙයාලගෙ නූඩ්ල්ස් එකත් මරු හොඳේ. මදි නොකියන්න ලීක්ස්, කැරට්, කැරලි බිත්තර එහෙම දාලා.. සැර තියෙන්න ගාණට ගම්මිරිස්, අමු මිරිස් එහෙමත් දාලා, මරේ මරු.

අනික ඉතින් ඉඳි ආප්පත් මදුරු දැල වගේ නෙවෙයිනෙ. හොඳ ඝනකමට අතට අහුවෙන්න තිබ්බනෙ.

තව ඉතින්… කෑම ජාති තොගයක් තියෙනව. ෂෝට් ඊටස් අනම් මනම් එහෙමත්. ඒවා ඉතින් කාලා බැලුවෙ නෑ. අනික මෙයාලගෙ දවල් කෑම වේලත් දවසක කාලා බලන්නම ඕන. මොකද උදේ එක මෙහෙම කියන්නෙ ඉතින් දවල් එක ගැන කවර කතාද.

නේ!


TIP

Try lunch buffet

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment