Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

4/5

Cos P

137/3A, Kottawa Road, Palanwatta, Pannipitiya


A restaurant that does jackfruit centred, healthy food with a child-friendly ambience.



හැමදාම කඩ කෑම කන එක ඇඟට අගුණයි කියල තැවි තැවි ඉන්න අයට හොඳ උත්තරයක් දෙන අලුත් කෑම කඩයක් ළඟදි ඕපන් කළා. කොළඹින් පොඩ්ඩක් එහාට වෙන්න, කොට්ටාව හරියෙ දාල තියන මේ කඩේ නම තමයි කොස් පී. ඒ කියන්නෙ කොස් පොළොස්. මෙතන සම්පූර්ණයෙන්ම තියෙන්නෙ කොස් පොළොස් පාවිච්චි කරල හදන අලුත් අලුත් කෑම ජාති. කොස් පොළොස් නැත්තං හෙරලි කියන්නෙ ලංකාවෙ අපි එක්ක විශේෂ සම්බන්ධයක් තියන කෑමක්. කොස් ගහ බත් ගහ කියල හඳුන්වපු අතීතෙකුත් අපිට තිබුණ නේ. ඉතින් මේක එක පැත්තකින් අලුත් එක්ස්පෙරිමන්ට් එකක් වගේම අනික් පැත්තෙන් ඇඟට අහිතකර කඩ කෑම වෙනුවට එන සෞඛ්‍ය සම්පන්න ඔප්ෂන් එකක්.

කෑම

ස්ටාටර්ස් විදිහට මෙතන තියන කොස් පී චිප්ස්, නගට්ස්, කට්ලට්වලින් අපි තේරුවෙ කට්ලට්. තක්කාලි සෝස් එක්ක පොඩි වීදුරු බෝල් එකක ආපු කට්ලට්ස් හතර කොස් ෆිලිං එකකින් පුරවල, ලස්සනට රවුමට ගාණට බැදලා තිබුණා.

ඊළඟට අපි හැරුණේ මේන්ස් දිහාවට. කොස් පොළොස් පාවිච්චියෙන් හදපු රයිස් ඇන්ඩ් කරි, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, ක්ලබ් සැන්ඩ්විච්, රැප්ස්, බර්ගර්ස් වගේ කෑම ජාති ගොඩක් අතරින් අපි කොස් පී රැප් එකක් ඕඩර් කළා. කොස් ෆිලිං එක පුරවපු රන්වන් පාට ලොකු රැප්ස් 4ක් තියන එක පෝෂන් එකක් දෙන්නෙකුට හොඳටම ඇති. කාඩ්බෝඩ් පැකින්ග් එකක පැක් කරලා තක්කාලි සෝස් එක්ක එන මේ රැප්ස් දෙකකට වේලක්ම පිරිමහන්න පුළුවන්.

බීම

බීම විදිහට ඔෆර් කරල තිබුණේ අඹ, අලිගැට පේර, කටු අනෝදා වගේ ෆෘට් ජූස් වර්ග. මං අලිගැට පේර ඕඩර් කළාට එයාල සීනි තොගයක් දාල ඒක පැණි රහ කරයි ද කියල බයේ හිටියෙ. හැබැයි බීම එක මේසෙට ආවම කොස් පී එක ගැන ඇති වෙලා තිබුණ කැමැත්ත තවත් වැඩි වුණා. අලිගැට පේර රහ නොසිඳෙන විදිහට උකුවට ජූස් එක හදල තිබුණා විතරක් නෙමෙයි, පැණි රහ මදි අයට විතරක් දාගන්න කියල ෂුගර් සිරප් වෙනම සර්ව් කරල තිබුණා.

තැන සහ සර්විස් එක

සිකුරාදා පොළ හන්දියෙ වැඩි තදබදයක් නැති නිදහස් පැත්තක පිහිටලා තියන කොස් පී එක ඇතුළේ පෙරළි පෙරළි හෙරලි කන්න පුළුවන්. සැප පහසුවට පිරිසිදුවට කන්න බොන්න ඕන තරම් ඉඩකඩ එක්කම, ඇතුළේ පොඩ්ඩන්ට වෙන් වුණ ප්ලේ ඒරියා එකකුත් තියනවා. ඒ වගේම කතා දෙකක් නෑ සර්විස් එක නං උපරිමයි. මෙතන ඉන්න හරිම මිත්‍රශීලී ස්ටාෆ් එක කස්ටමර්ස්ලට උපරිමයෙන් සර්ව් කරන බව පෙනුණා.

අවසාන වශයෙන්

කොස් පී එකේ රහ වැටුණ මාත් එක්ක ගිය කොස් පෙරේතයට කොස් පී කෑම ගෙදර ගෙනියන්නත් ඕන වුණා. මේ තියෙන්නෙ එයාලගෙ ටේක් අවේ පැක් එක. වැඩි හරියක් පැකින්ග්වලට කඩදාසි පාවිච්චි කරල තිබ්බ එකත් අපේ අවධානයට ලක් වුණා.අපේ රටේ අය අතරෙ විතරක් නෙමෙයි, මෙහෙ එන විදේශීය සංචාරකයො අතරෙත් කොස් පී එක ප්‍රසිද්ධයි කියල පිට දැනගන්න ලැබුණා. ඉතිං අපි හැමෝම කැමති අපේම කොස් පොළොස් භාවිතයෙන් හදන අලුත්ම කෑම වර්ගවල නුපුරුදු රස වගේම සුපුරුදු ගුණත් විඳගන්න නං, කොස් පී කියන්නෙ හැමෝම අනිවාර්යයෙන් ගිහින් බලන්න ඕන තැනක්.

Address

137/3A, Kottawa Road, Palanwatta, Pannipitiya

Contacts

Facebook E-Mail Website

Report Inaccuracy

Open until 11:00 PM

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Rice And Curry Cakes

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4
Similar Places

User Reviews
M
2

5/5

0

MAITHREEA

Visited the place with my family some weeks ago. Absolutely love their food, like all of them. Being Sri Lankan, craving Kos & Polos is a sort of occupational hazard and boy, don't they do the dishes just right. The stars of their food are Kos & Polos, they just do it right. Keep up the good work

M
2

5/5

0

MAITHREEA

Visited the place with my family some weeks ago. Absolutely love their food, like all of them. Being Sri Lankan, craving Kos & Polos is a sort of occupational hazard and boy, don't they do the dishes just right. The stars of their food are Kos & Polos, they just do it right. Keep up the good work

See 1 Comment