3/5

Curry Leaves

68, W.A.Silva Mawatha, Colombo 06


Curry Leaves is one of Colombo's oldest Indian restaurants, but remains mostly under the radar. Their strength lies in their biryani, but the rest of the dishes were pretty ordinary.


කොළඹ තියන පරණ ම ඉන්දියන් රෙස්ටොරන්ට් එකක් විදිහට වැල්ලවත්තෙ කරි ලීව්ස් එක හඳුන්වන්න පුළුවන්.

තැන

මේක ඉන්දියන් රෙස්ටොරන්ට් එකක් කිව්වට, පැලට් වලින් හදපු මේස බංකුත් එක්ක අවුට්ඩෝ සීටිං ඇරෙන්ජ්මන්ට් එකේ තියෙන්නෙ කැෆේ ගතියක්. ඇතුළට ගිහින් බැලින්නං ඉන්ඩෝ එක චයිනීස් රෙස්ටොරන්ට් එකක පෙනුමයි. ඉන්දියන් ගතියක් කොහෙවත් ගෑවිලා ම නෑ. ඇතුළේ ලයිට් එළියයි, ඉන්ටීරියර් ඩිසයින් එකේ පාටවලුයි ඇහැට අමාරු හින්ද අපි වාඩි වෙන්න එළිය ම තෝරගත්තා.

කෑම 

මෙතන බිරියානි ගැන කනින් කොනින් අහල තිබ්බ හින්දා අපි ඕඩර් කළා චිකන් බිරියානි එකයි (රු. 425) නයි මිරිස් කොත්තු එකයි (රු. 550).

බිරියානි බතේ අර ඔතෙන්ටික් මසාලා රහ තිබුණෙ නැති වුණාට කුළුබඩු හොඳට දාල සීසනින් කරලා තිබුණා. චිකන් ලෙග් එක වෙන ම උඩින් තියල තිබුණා මිසක් බිරියානි ක්‍රමේට මැරිනෙට් කරලා තිබුණෙ නෑ. ඒත් බත රස නිසා ලොකු අවුලක් වුණේ නෑ. මේකට ආව රයිතා එකත් නරක ම නෑ.

මේ තියෙන්නෙ නයි මිරිස් කොත්තුව. පුදුමෙ කියන්නෙ මේකෙන් නයි මිරිස් ෆ්ලේවර් එක හොඳට ආවට ලොකු ස්පයිසි ගතියක් කටට දැනුණේ නෑ. කොහොම වුණත් කැරට්, ලීක්ස්, බිත්තර එහෙම හරි හරියට දාලා උඩින් අමුමිරිස් කරල් දෙකකුත් තියල ලොකු පෝෂන් එකක් විදිහට සකස් කරල තිබුණා.

බීම 

මේක රෙස්ටොරන්ට් එකක් වගේ ම පබ් එකක්. මේ දවස්වල පබ්ස් වහල නේ. ඒ නිසා පබ් එක පැත්තට යන්න අපිට පුළුවන් වුණේ නෑ. හැබැයි කොක්ටේල්, මොහිටෝ වගේ දේවල් රෙස්ටොරන්ට් කොටසෙනුත් ගන්න පුළුවන්. ඒ නිසා අපි ගත්තා කරි ලීව්ස් ස්පෙෂල් කොක්ටේල් එකයි (රු. 800), ලෙමන් ඇන්ඩ් මින්ට් ජූස් එකයි (රු. 600).

බීම දෙක ආවම අපි උඩ ගියා. දෙක ම එක පාටයි. මේ උස වීදුරුවෙ තියෙන්නෙ කරි ලීව්ස් ස්පෙෂල් කොක්ටේල් එක. මේකට වොඩ්කා එක්ක කරපිංචා, ගොටුකොළ, දෙහි මිශ්‍ර කරලා තිබුණා. ඇල්කොහොල් ගතිය නං හුඟක් අඩුයි. යන්තමින් ඇඹරැල්ලා රහකුත් ආවා. අනික් එක ලෙමන් ඇන්ඩ් මින්ට් ජූස් එක. දෙහි, මිංචි කොළ රහට අමතරව මේකෙනුත් අර ඇඹරැල්ලා රහ ආවා. හැබැයි සීනි එහෙම ගාණට දාල නිසා ඇඹුල බැලන්ස් වෙලා තිබුණා. අපරාදෙ කියන්න බෑ බීම දෙක ම හොඳ රිෆ්‍රෙෂිං ගතියයි.

සර්විස් එක

අපි ගියේ රෑක හින්ද ද මන්ද මෙතන අපි ඇරෙන්න තව එක කස්ටමර් කෙනෙක් විතරයි හිටියෙ. ඒ නිසා වෙන්න ඕන කෑම බීම මේසෙට එන්න වැඩි වෙලාවක් ගත වුණේ නෑ. සර්විස් එක මිත්‍රශීලීයි, ඒ අතින් වරදක් නෑ.

අවසාන වශයෙන්

ඉන්දියන් රෙස්ටොරන්ට් එකක් විදිහට නම් කරල තිබුණට කරි ලීව්ස් එකේ කෑමවලවත් පෙනුමෙවත් එහෙමකට ඉන්දියන් ගතියක් නං නෑ. හැබැයි ‘ශේප්’ කියල ජාමෙ බේරන්න පුළුවන් තත්ත්වෙක කෑමබීම ටික තිබුණා.


TIP

Avoid the hot butter cuttlefish. It's an Indian restaurant.

Address

68, W.A.Silva Mawatha, Colombo 06

Directions

Curry Leaves is located midway through W.A Silva Mawatha, just past Almaas (or before if you enter from Havelock Rd)

Contacts

Open 11:30 AM - 3:00 PM & 5:30 PM - 12.00 Midnight

Cuisine

Indian South Indian

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Biriyani Mutton

Ratings Breakdown

Overall Rating
3


Latest