No 18, Dippitigala, Lellupitiya
Open until 10:30 PM
Good place for snacks & short eats, but other food are ?
“දැන් නම් නිදිමතයි, බඩගිනියි දෙකම බං. අල්ලමුද කොහෙට හරි”
උඩවළව පැත්තෙ රවුමක් ගහල එන ගමනෙ රෑ 9ටත් කිට්ටුවෙද්දි තමයි මසාගෙන් වචනෙ එළියට ආවෙ.
“ආයෙත් අහල. එකෙන් ම. ඒකනෙ මම කිව්වෙ කලින් ම, රෑ කෑමටවත් හොඳ තැනකට අල්ලමු කියල”
“හරි හරි, ඒවා අදාළ නෑ. මට කියාංකො දැන් කොහෙටද අල්ලන්නෙ කියල”
“හ්ම්ම්… පැල්මඩුල්ලටත් කිට්ටු එකේ කෙළින්ම යමුද සිල්වර් ස්පූන් එකට. මට ආරංචියක් ආවා ඒක අලුතෙන් හදලත් කියල”
“සිරාවට! ඒනම් යමු.”
එතනින් එහාට ඉතින් කතාබහේ ලොකු වෙලාවක් නෑ. විනාඩි 10ට වගේ අපි සිල්වර් ස්පූන් එක ළඟ. වාහනෙන් බැහැලා එහෙම ඔන්න අපි ඇතුල් වුණා බේකරි අයිටම් තියෙන ප්රධාන භෝජනාගාරයට. යද්දි ඒකෙ බුෆේ දාලා…
දඩ බඩ ගාලා එතනට කිට්ටු කරපු අපි දෙන්නා බැලුවා පොඩ්ඩක් එබිලා මොනවද තියෙන්නෙ කියල.
සැහ්! චිකන් බිරියානි කියන්නකො.
“නරක ම නෑ. හැබැයි වෙන මොනව හරි තිබ්බ නම් හොඳ නැද්ද”
මසා මගෙන් පොඩි විමසුමක් කළා.
“ඒක තමයි මාත් බැලුවෙ. නිකම් ශ්රී ලංකන් වගේ එකක්, නේ…”
“ම්ම්…”
“ඉන්නකො, මම අර අතන ඉන්න එක්කෙනාගෙන් අහල එන්නම්. එයා නිකම් මැනේජර් පාටක් පෙන්නුම් කරන්නෙ”
පස්සෙ ඉතින් මම ගිහින් එයාගෙන් අහල බැලුවා. බොලේ එතකොටනෙ දැනගත්තෙ සිල්වර් ස්පූන් එකෙන් දැන් ඉටෑලියන් රෙස්ටුරන්ට් එකකුයි, ශ්රී ලංකන් එකකුයි දෙකක් වෙන වෙනම පල්ලෙහා කරගෙන යනව කියල. ඒක දැනගත්ත විතරයි අපි දෙන්න සෙනිකවම ශ්රී ලංකන් එක ඉස්සරහ.
ඒකෙ නම කරි පොට්. බුෆේ එකක් තමයි තියෙන්නෙ. හැබැයි ඩේ ස්පෙෂල් කියල කෑම ජාති 4ක් 5කුත් වෙනම ම හැදෙනව. දෙන්නම් ජම්බො කියල ඔන්න අපි වැඩේ පටන් ගත්තා. ඒ අතරට ස්පෙෂල් ඒවයිනුත් ජින්ජර් මට්න් එකකුයි, ඉස්සො බිකපෝ එකකුත් දැම්මා.
මසා බෙදාගත්තෙ බුෆේ එකේ තිබ්බ ෆ්රයිඩ් රයිස්. ඒ එක්ක චිකන් ඩෙවිල්, බිත්තර සලාද, චොප්සි එහෙමත් බෙදාගෙන තිබුණා. ඒ නිසා ම මම බෙදාගත්තෙ රතුබත්. ඒකට ඉතින් අල හොදියි, මාළු හොදියි, පරිප්පුයි, බිත්තර සලාදයි, චිකන් ඩෙවිලුයිත් බෙදාගත්තා.
බෙදාගෙන… ඔන්න වැඩේට!
යම්ම්… රතු බත්!
වැඩේ කියන්නෙ ඒ රතුබතට මාළු හොදි එකතු වුණාමනෙ, පංකාදු පහයි ඈ… මදි නොකියන්න මිරිස්, ගම්මිරිස් වගේ ම බැදපු තුනපහ ලුණු ඇඹුලුත් දාලා තරමක් හින්දල ගත්තු ඒ මාළු හොද්ද බත්වලට විතරක් නෙවෙයි පාන් ගෙඩියකට වුණත් කියාපු. ඊටත් කෙලවල්ලන් මාළු කෑලිත් නොම්මර එකට තියෙනවනෙ. පොඩියට කපල තිබ්බට, ඒවටත් හොඳ හැටි මිරිස් තුනපහ අල්ලල.
ඔක්කොමත් හරි මාළු හොදි එක්ක අල හොදි එකතු වුණාම තමයි රතු බතේ ගතිය නැගල එන්නෙ. මිරිස්, තුනපහ රස අතට කිරි හොදි රසත් එකතු වුණාම… ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. එයාලගෙ පරිප්පුවත් සෑහෙන්න හොඳයි. හොඳට කිරි දාලා, අඩි අල්ලන ගාණට එහෙම හින්දල අරන් තිබ්බෙ. බිත්තර සලාදෙත් නරක ම නෑ. තම්බපු බිත්තර පලු, පිපිඤ්ඤා, තක්කාලි, ලූණු එක්ක ලුණු ඇඹුලුත් පදමට වගේ.
හ්ම්ම්… චිකන් ඩෙවිල් එක තමයි!
හොඳයි. හැබැයි මදි. සැර මදි. සෝස් රස වැඩියි. චිකන් කෑලිත් ටිකක් පොඩියි. ඒ වුණාට පදමට බැදිලා නම් තිබ්බා. ඇත්තටම ඒක හරියන්නෙ ෆ්රයිඩ් රයිස් එකට තමයි.
වැඩේ කියන්නෙ ඊට පස්සෙනෙ මම ෆ්රයිඩ් රයිස් කාලා බැලුවෙ.
අනේ! ඒකත් නරකම නෑ. හැබැයි තව එන්න ඕන. හීනියට ලියපු එළවළු ටිකක් වැඩිපුර, කැරලි වෙන්න දාපු බිත්තරත් ටිකක් වැඩිපුර, එතකොට… ෆ්රයිඩ් රයිස්වලට දාන සෝසුත් තව වැඩිවෙන්න ඕන.
කොහොම හරි ඔය අතරට ජින්ජර් මට්න් එකයි, ඉස්සො බිකපෝ එකයිත් මේසෙට ආවා. ආවත් හරි මෙන්න මසා, මට්න් එකේ. තව රයිස් ටිකකුත් බෙදාගෙන ඇවිත් වැඩේ දෙනව.
කරන්න දෙයක් නැතිම තැන මාත් මට්න් කෑල්ලක් දෙකක් කාලා බැලුවා.
හපොයි! ඒකෙ තනිකරම රස කාරකනෙ. අර මැගී හරි ක්නෝ හරි කුඩු අම්බානක දාලා. ඊටත් සුදුලූණු රසත් සෑහෙන්න. කන්කුන් පොඩ්ඩකුත් දාලා තිබ්බ. ඒත් ඒකෙන් නම් ලොකු රසක් එකතු වෙලා තිබ්බෙ නෑ. කොටින්ම කියනව නම් මට්න් සුවඳක් රසකුත් එන්නෙ ම නැති ගාණයි. හැබැයි ඉතින් බැලූ බැල්මට හරි ලස්සනයි. අනේ මන්දා, ඕඩෙරේ දාපු කෙනාගෙ වැරැද්දක්ද කියල ජින්ජර් මට්න් කෙසේ වෙතත් මේසෙට ඇවිල්ල තිබ්බෙ නම් ගාලික් මට්න් එකක්.
ඉස්සො එකෙත්, ඒ පදමට ම වගේ රසකාරක නම් තිබ්බා. හැබැයි ඉස්සො රසයි සුවඳයි ළාවට හරි තිබ්බ නිසා චාන්ස් එකක් දෙන්න පුළුවන්. හැරත් ඒකට නම් කංකුං, මාළු මිරිස් ටිකක් එහෙමත් මදි නොකියන්න දාලා තිබ්බා. හ්ම්ම්… ලුණු ඇඹුල් වගේම සෝස් පදමත් ගාණට වගේ තිබ්බනෙ. අනේ මන්දා ඒත් ඉතින්! නේ…
එක්කො බැරි කෑම නොහද ඉන්න ඕන. අනිත් එක තමයි එළවළු 3යි මාළු කරියයි බුෆේ එකට රු. 500ක් කියන්නෙ?
Open until 10:30 PM
Cuisine
Asian Western Chinese Sri Lankan Thai Sri Lankan Chinese Mongolian Fast Food Bakery
Dish Types
Noodles Eggs Meats Seafood Pasta Fruit Vegetarian Beverages Kottu Biriyani Lamprais Rice And Curry Fried Rice Beef Pork Chicken Tandoori Fried Chicken Mutton Fish Crab Cuttlefish Cookies Cakes Cupcakes Candy Doughnuts Parata Iced Coffee Fruit Juice Milkshakes Alcoholic Beer Bites Healthy Chocolate
Ratings Breakdown
Great place to have a delicious Sri Lankan buffet…
The warm reception we received on arriving at Earl's was…
Delete Comment