Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

Dessert Inc

131, Poorwarama Rd, Kirulapone, Colombo 05


An online dessert shop serving varieties of pudding, mousse and more.



එදිනෙදා අපිට හම්බ වෙන සාමාන්‍ය කෑමබීම තියන අවන්හල්වලටත් වඩා, ඩෙසට්වලට ම වෙන් වුණ තැනක් දැක්කම අපේ රස නහර පොපියනවා. මොකෝ රසකැවිලි කඩයක් කියන්නෙ රස මතකයක්. ඉතින් මේ කියන්න හදන්නෙ ඒ වගේ ඩෙසට් ෂොප් එකක් ගැන. මේක ඔන්ලයින් ඇණවුම් කරලා ගෙදරට ම ඩිලිවර් කරගන්න පුළුවන් අතුරුපස තියන ඩෙසට් ෂොප් එකක්. මේකේ ප්‍රධාන ශාඛාව තියෙන්නේ බොරලැස්ගමුවේ, හැබැයි අපි ඩෙසට් ගෙන්නගත්තේ කිරුළපනේ තියන අවුට්ලට් එකෙන්.

අතුරුපස

මෙනු එක ගැන කිව්වොත් මේ අය ළඟ විවිධ වර්ගයේ පුඩිං, මූස්, බ්‍රවුනි, වටලප්පම්, චීස් කේක් වගේ ජාති තියනවා. අපි ඕඩර් කළා බ්ලූබෙරි චීස් කේක් එකයි (රු. 450), ස්ට්‍රෝබෙරි ඩිලයිට් පුඩිං එකයි (රු. 220), චොක්ලට් බිස්කට් පුඩිං එකයි (රු. 150).

බ්ලූබෙරි චීස් කේක් එකේ සුපුරුදු විදිහට ලේයර්ස් තුනයි. යට ම තිබුණ බිස්කට් ලේයර් එකේ තිබුණේ සැහැල්ලු බටරි ගතියක්. හොඳ පැණි රසක් මේකෙන් ආවා. දෙවනියට ක්‍රීම් චීස් ලේයර් එකත් කටට සොෆ්ට්, ක්‍රීමි ගතියයි. ඒ වගේ ම චීස් රස උපරිමයි. හොඳ ස්මූත් ටෙක්ස්චර් එකකුත් මේකේ තිබුණා. උඩ ම තියන බ්ලූබෙරි ලේයර් එක රස පෙනුමට, ජූසි ගතියට තිබුණා. ඒකෙන් යන්තම් ආපු ඇඹුලයි පැණි රසයි මරු. ඉතින් මේ චීස්කේක් එකේ හොඳ රිච් ෆ්ලේවර් එකක් තිබුණා කිව්වොත් හරි.  

ඊළඟට ස්ට්‍රෝබෙරි ඩිලයිට් පුඩිං එක ගැන කිව්වොත් මේකෙන් තනිකර ම ආවෙ හයිලන්ඩ් ස්ට්‍රෝබෙරි මිල්ක් රස. ටෙක්ස්චර් එක හරි ම සොෆ්ට්. කටේ දිය වෙලා යන ගාණට තමයි හදල තියෙන්නෙ. යටින් සෑහෙන පැණි රස ජෙලටින් බේස් එකකුත් තිබුණා. ඒ හින්දා කිරි රසයි පැණි රසයි එක වගේ ම මික්ස් වෙලා තිබුණා. ඒත් පෝෂන් එක පොඩි නිසා ගාණ නං ටිකක් වැඩියි කියල අපිට හිතුණා.

අපි ඕඩර් කරපු ජාති තුනෙන් අපේ හිතට ඇල්ලුවෙ නැත්තෙ චොක්ලට් බිස්කට් පුඩිං එක තමා. මොකද කිව්වොත් මේකේ හොඳ ක්‍රීමි ටෙක්ස්චර් එකක් තිබුණට ක්‍රීම් එකේ නිකං කුඩු කුඩු වගේ ගතියක් තිබ්බා. අනික කොකෝවා පවුඩර් වැඩි වෙලා ද මන්දා අමුතු තිත්තක් වගේ එකකුත් ආවා. ඒ  ඇරෙන්න කප් එක පුංචි ම පුංචි නිසා රු. 150කට නං කොහොමත් වටින්නෙ නෑ කියල තමා කියන්න වෙන්නෙ. 

අවසන් වශයෙන්

ගත්ත ජාතිවලින් බ්ලූබෙරි චීස්කේක් එක ගැන විතරයි අපි සම්පූර්ණයෙන් පැහැදුණේ. චොක්ලට් බිස්කට් පුඩිං එකට නං තව මේගොල්ලො හොඳට ම අවධානය දෙන්න ඕන.

Address

131, Poorwarama Rd, Kirulapone, Colombo 05

Contacts

Facebook Instagram E-Mail

Report Inaccuracy

Open until 10:00 PM

Price Range

Less than 500

Dish Types

Brownies Cakes Cupcakes Candy Chocolate Chocolate Biscuit Pudding

Cuisine

Home Baker Home Based

Ratings Breakdown

Overall Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment