Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Diego's Peri Peri

403, Nawala Rd, Rajagiriya

Get it delivered on Pickme Food

A new resto in Nawala that mainly focuses on grilled peri peri chicken.



මුලින්ම අප්‍රිකාවෙ පටන් අරං, පස්සෙ පෘතුගීසි ජාතිකයො අතින් ප්‍රසිද්ධියට පත් වුණ පෙරි පෙරි ගැන අහල තියනව නෙ? මෙන්න මේ පෘතුගීසි ස්ටයිල් එකට චිකන් කන්න පුළුවන් අලුත්ම තැන, දියේගෝගෙ පෙරි පෙරි කඩේ හොයාගෙන අපි ගියා හැන්දෑ වරුවක නාවල පැත්තෙ.

තැන

මේක තියෙන්නෙ නුගේගොඩ ඉඳන් නාවල පාරෙ ගියාම රාජගිරිය කිට්ටුව. ඈතටම පේන්න දියේගෝස් පෙරි පෙරි කියල තඩි බෝඩ් එකක් ලොකුවට ගහල තියන හින්ද හොයාගන්න අමාරු නෑ පොඩ්ඩක්වත්. ඇතුල් වුණාම ලොකු ඉඩකඩක් නෑ. හැබැයි තැන පොඩි වුණාට 12-15 අතර ප්‍රමාණයකට වාඩි වෙලා කන්න පුළුවන් විදිහට මේස පුටු පිළිවෙළට ඇරෙන්ජ් කරලයි තිබ්බෙ. ඒ වගේම, වෙලාව අරං කෑම කන්න පුළුවන් විදිහෙ ප්‍රියමනාප වටපිටාවක් කඩේ ඇතුළේ තිබුණා.

කෑම

චිකන්, බීෆ් සහ සීෆුඩ් ආශ්‍රය කරගෙන හදපු මේගොල්ලන්ගෙ මෙනු එකෙන් කෑම ඕඩර් කරන්න කලින්, අපි පෙරි මීටර් එකෙන් ලෙවල් එකක් තෝරල දෙන්න ඕනේ. ඒ තමයි අපේ කෑමවල සැර ප්‍රමාණය තීරණය කරන මීටරේ. මයිල්ඩ්, මීඩියම්, හොට්, එක්ස්ට්‍රා හොට් සහ යූ ක්‍රේසි කියන ලෙවල්ස් පහෙන් එකක් අපිට තෝරගන්න පුළුවන්. ඊටපස්සෙ කෑම විදිහට අපි ඕඩර් කළේ චිකන් රැප් එකක් (රු. 575), පෙරි පෙරි ග්‍රිල්ඩ් චිකන් වින්ග්ස් (රු. 200) සහ සිග්නේචර් ගාලික් බ්‍රෙඩ්. (රු. 200)

මුලින්ම අපි රහ බැලුවෙ චිකන් රැප් එක. සලාද කොළ, තක්කාලි, ලූණු එක්ක සොෆ්ට් චිකන් තීරු මැදට දාල සමාන කෑලි දෙකකට කපල ලස්සන ප්‍රසන්ටේෂන් එකකුත් එක්ක ආපු චිකන් රැප් එක පංකාදුයි. මේකට ඇති වෙන්න පෙරි පෙරි සෝස් ගොඩකුත් දාල තිබුණා. රැප් එක සුමුදුවට හැපෙන නිසා වැඩිය වද විඳින්නෙ නැතුව කන්න පුළුවන්.

ඊළඟට ගාලික් බ්‍රෙඩ්. හොඳට ගාලික් රහයි බටර් රහයි මික්ස් වුණ රන්වන් පාට ගාලික් බ්‍රෙඩ් කෑලි හයක්. ඒක නං මේසෙට ආව විතරයි කොහෙන් ගියා ද නෑ. එහෙ බලල මෙහෙ බලද්දි ගාලික් බ්‍රෙඩ් ප්ලේට් එක හිස්.

මේ අතරින් විශේෂම කෑම තමයි පෙරි පෙරි ග්‍රිල්ඩ් චිකන් වින්ග්ස් ටික. අපි ඕඩර් කළේ වින්ග්ස් තුනකින් සමන්විත පෝෂන් එක. මීට අමතරව වින්ග්ස් පහක පෝෂන් එකකුත් මෙයාල ළඟ තියනවා. මේක ආවෙ නියම පෙරි පෙරි සෝස් එකකුත් එක්ක. නියම පදමට ග්‍රිල් වුණ චිකන් වින්ග්ස් ටික සෝස්වල පෙඟුණම හිතගතහැකි නේ?

බීම

ස්ට්‍රෝබෙරි ස්මෑෂ් (රු. 250) සහ සිට්රස් බ්ලාස්ට් (රු. 250) තමයි අපි තෝරපු බීම දෙක. සෝඩා මිශ්‍ර වුණ ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ඩ් ඩ්‍රින්ක් එක හරිම රිෆ්‍රෙෂිං. සිට්රස් එක නං නමෙන් කියවෙන විදිහටම චුට්ටක් ඇඹුල්. හැබැයි කෑම ටිකත් එක්කම බඩට යද්දි මේ ඔක්කොම රස හරි හරියට ගැලපුණා.

සර්විස් එක

සර්විස් එකේ කියන්න තරම් වරදක්වත් විශේෂයක්වත් නෑ. සාමාන්‍ය හොඳ සර්විස් එකක් අපිට ලැබුණා. ඒ වගේම ෆස්ට් ටයිම් යන අයට මෙනු එක පැහැදිලි කරල දෙන්නත් එයාල ඉදිරිපත් වෙනව අපිට දකින්න ලැබුණා.

අවසාන වශයෙන්

මේගොල්ලො උදේ එකොළහේ ඉඳල රෑ දහය එකොළහ වෙනකන්ම ඇරලා. යන එන ගමන් ඕගොල්ලොත් දියේගෝගෙ පෙරි පෙරි ලෝකෙට ගොඩ වෙලාම බලන්නකෝ. ගිහින් ඇවිත් ඒ ගැන හිතෙන දේවල් අපිටත් කියන්න..


TIP

The Pulled Beef Burger and the Peri Peri Wings were delish.

Address

403, Nawala Rd, Rajagiriya

Contacts

Website Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

Western Portuguese

Price Range

More than Rs.1500

Dish Types

Beef Chicken Fish Burgers Wraps

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
5
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment