Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for SRI LANKA GOOGLE SEARCH SIDEBAR 2

3/5

Dimuthu Food Cabin

B335, Maharagama


Good Sri Lankan Chinese food to try specially variations of kottu.



මදැයි මට්න් කන්න කියල ආසාවෙන් ඕඩරේ දැම්ම. හයියෝ... දාලා අනික් පැත්තට මෙන්න එනව කෝල් එකක් කඩෙන්.

“මේ... මහත්තය. අනේ සොරි. අපි ගාව අද මට්න් නෑනෙ. ඒකයි බාබතුත් නෑ සර්. මොකද කරන්නෙ. ඒ වෙනුවට වෙන මොනවහරි ඔඩර් කරනවද...?”

“ආ... නෑ නෑ ඒනම් ඕන නෑ. ඉතිරි ටික විතරක් එවන්නකො. අර දෙකේ සල්ලි ඩිලිවරි එකේ එවන්න පුළුවන්ද?”

“හරි සර්. අපි එවන්නම්. අනේ සොරි...”

හිත හදාගත්ත ඉතින්.

හදාගෙන ඉඳල ඉඳල කොහොමහරි වෙලාවට කලින් ඕඩරේ ආපු නිසා ඔන්න සන්තෝසයි.

සන්තෝසෙ පිටින් ම පහලට ගිහිල්ල අරගෙන ආපු කෑම ටිකත් හරි හරියට යාළුවයි මායි මේසෙට දිග ඇරියෙ, ඒ වෙද්දිත් බඩගින්න දෙගුණ තෙගුණ වෙලා තිබ්බ නිසා. ඒත්... ඇරපු ගමන්නෙ, උණුඋණුවට තිබ්බ දැල්ලො කොත්තුවයි (රු. 450) , මික්ස් රයිස් එකයි (රු. 450) දීපු සුවඳ...?

ආයෙ ඉතින් ඒ පැත්ත බලල මේ පැත්ත බලද්දි, දෙන්න කෙළින් ම පිඟන් දෙකේ. චිකන් ලිවර් (රු. 350), මාළු ලිවර් (රු. 220) කරිවලිනුත් ටිකක් බෙදාගෙන ඔන්න හරි හරියට.

ම්... මුලින්ම කියන්නම් මාළු ලිවර් එක. ඇත්තටම ඒක ලිවර් කිව්වට ලිවර් නෙවෙයි, බොකු. හරියට හැදුව නම් සුප්ප ම කෑමක් තමයි. ඒත් මෙයාලා ඒ රෙසිපිය හරි හැටි දන්නෙ නැති පාටයි. මොකද ඒකෙ පුංචි තිත්තක් අල්ලල තියෙනව. ඊටත් සැර එහෙමත් මදි වගේ. තුනපහ ටික හොඳ හැටියට දාලා තිබ්බට...

අනේ මන්දා ඉතින්. මං හිතන්නෙ ගාල්ල මාතර පැත්තෙ ගිහිල්ල, පොඩ්ඩක් හොයල බලල ඒකෙ හරි රෙසිපිය අරගෙන ආව නම් සෑහෙන්න ගේමක් ගහන්න තිබුණ.

ඒකට චිකන් ලිවර් එක එහෙම, තිබ්බ නිකම් රඹටි හැලෙන්නෙ හොඳේ. හොඳ හැටි ගම්මිරිස්, අමු මිරිස්, තුනපහ ටිකත් එක්ක ලූනු අඩුම කුඩුමත් දාලා... පදම් වෙන්නම තම්බල. කොත්තුවත් එක්ක එහෙම යනව නිකම් රම්පෙට පොරි වගේ.

අනික කොත්තුවෙත් තිබ්බෙ දැල්ලොනෙ. ඒකත් නිකම් නෙවෙයි හොඳ ෆ්‍රෙෂ් දැල්ලො. මහ ගොඩා...ක් දාලා නැති වුනාට, තියෙන ටික තියෙනව හරියටම. එළවළු අඩුම කුඩුම ටිකත් එක්ක කැරලි වෙන්න බිත්තරයකුත් දාලා, සැර තියෙන්න මිරිස් ගම්මිරිසුත් එක්ක... ෂැහ්! ඇත්තටම ඒකට දැල්ලො කරියකුත් තියෙන්න තිබ්බෙ ඈ... පිස්සු හැදෙනව ඒනම්.

ම්... රයිස් එකත් නරක ම නෑ. හැබැයි ඒකෙ ටිකක් එළවළු, මස් මාළුවල ෆ්‍රෙෂ් ගතියෙ පොඩි අඩුවක් දැනුණ. ඒ කිව්වෙ චිකන් එහෙම බැදල හීනියට ඉරල, එතකොට මාළු, දැල්ලො එහෙමත් එහෙමනෙ දාලා තිබ්බෙ. ඇත්තටම ඒව ටිකක් කලින් බැදපු ගතියක් තමයි ආවෙ. ඒ හැරුණාම ඉතින් මස් මාළුවල ප්‍රමාණයෙ නම් අඩුවක්  නෑ. හැරත් චිලිපේස්ට් ටිකක් එහෙමත් එකතු වුනාම කොහොමත් ගොඩනෙ.

ඇත්තටම කෑම ටික කාලා අපි හරි දුකෙන් හිටියෙ එයාලගෙ මට්න්, බාබත් කරි රස බලන්න බැරි වෙච්ච එක ගැන.

අපි හිතුව, ඒවත් හරි රහටම තියෙන්න ඇති කියල ඈ... අපරාදෙ ඉතින්!

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment