Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

4/5

Dinemore (Kohuwala)

Kohuwala, Nugegoda


Sri Lanka’s favourite submarine is probably that at Dinemore. This fast food franchise has been around for quite a while, and by the looks of it they’ve expanded and opened up many more restaurants in Colombo, Kandy and even expanding internationally by branching out into the beautiful islands of the Maldives.



ශ්‍රී ලංකාවේ හොඳම සබ්මැරීන් පිරිනමන්නේ ඩයින්මෝ වෙන්න පුළුවන්.

මේ ක්ෂණික ආහාර අලෙවි ජාලය දැන් කලක පටන් මෙහි තිබෙනවා. ඔවුහු පසුගිය කාලයේ පුළුල් වී තිබෙනවා. කොළඹ පමණක් නොවෙයි නුවරත් තව තවත් අවන්හල් විවෘත කෙරුණා. දැන් ඔවුහු සුන්දර මාලදිවයින් වෙතත් විහිදිලා.

ඩයින්මෝ බර්ගර්ස්, සබ්මැරීන්ස්, සැන්විචස්, ෂවර්මාස්, පීසා වැනි ක්ෂණික ආහාර වර්ග රැසක් පිරිනමනවා. පෙනෙන විදියට ඔවුහු දැන් ෆ්‍රයිඩ් රයිස් හා බුරියානිත් පිරිනමනවා. ඒත්, මම නම් දිගට ම මගේ ප්‍රියතම සබ්මැරීන්වල ම එල්ලී ඉන්න කැමතියි.

කොහුවල ඩයින්මෝ බොහෝ දුරට කෑම මිළ දී ගෙන පිටත ගෙන යන්න තිබෙන තැනක්. එය ටිකක් පුංචියි. ගිහින් කෑම කන්න හොඳ තැනක තිබෙන ගෘහස්ථ ස්වභාවය එහි නැහැ. එහි මේස කීපයක් හා පුටුත් තිබෙනවා. ඒ නිසා එහි ගිහින් යමක් කන්නත් පුළුවන්.

ඩයින්මෝ කෑම ගෙදරට ගෙනැවිත් ද දෙනවා. ඔවුන්ගේ වෙබ් අඩවිය හරහාත් ඇණවුම් කරන්න පුළුවන්. ඒත්, ඔබට ඔබේ ආහාර ඉක්මණින් ගෙන්වා ගන්න අවශ්‍ය නම් මම නිර්දේශ කරන්නේ දුරකථනයෙන් ඇණවුම් කිරීමයි.

සමස්ථයක් ලෙස ඩයින්මෝ තවමත් කොළඹ ඉහළ ම පෙළේ ක්ෂණික ආහාරහල් අතරින් එකක් ලෙස වැජඹෙනවා. ඔවුහු ඉතා රසවත් සබ්මැරීන් පිරිනමනවා.

Similar Places

Have you visited this place?

Write your own review!
See 20 Comments