Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

Dova Temple (Bandarawela)

Dova Raja Maha Viharaya, Kumbalwela, Bandarawela.

  • Open until 10:00 PM


රජුනගේ දෑතින් නිමවූ බුදු රජුනගේ ප්‍රථිමාවකි. ප්‍රථිමාවෙහි දෙපා මුල වන ගල් තලාවකි. ගල් තලාව අවසානයෙහි වන ගල් ලෙනකි. ගල් ලෙනෙ මුල්ලෙහි වන විසල් උමගකි. උමගෙහි සැඟව ගිය හෙළ රජ ඉතිහාසයකි.



රජුනගේ දෑතින් නිමවූ බුදු රජුනගේ ප්‍රථිමාවකි. ප්‍රථිමාවෙහි දෙපා මුල වන ගල් තලාවකි. ගල් තලාව අවසානයෙහි වන ගල් ලෙනකි. ගල් ලෙනෙ මුල්ලෙහි වන විසල් උමගකි. උමගෙහි සැඟව ගිය හෙළ රජ ඉතිහාසයකි.

ක්‍රි. පූ. 103වැනි වසර එළැඹිණි. පිරිහී යමින් තිබූ බුදු සසුනට වසන්තය උදා වන්නට විය. එවකට හෙළ දිව පාලකයාව සිටි කම්මහරට්ඨකයනගේ බල බිඳී සද්ධා තිස්ස රජ පුත් දුටු ගැමුණු රජ සොහොයුරු වළගම්බා කුමරු පාලන බලය අතට ගත්තේය. ගත වූයේ පස් මසකට ආසන්න කාලයකි. බුදු සසුන හිස ඔසවන්නට පටන් ගත්තා පමණි. නැවතත් දකුණු ඉන්දීය ආක්‍රමණයිනට හෙළ දිව ගොදුරු වන්නට පටන් ගති. පුලහත්තගෙන් ඇරඹුනු සොලී පාලනය බාහිය, පන්‍ය මාර, පිලය මාර සිට දාතික වන තුරු වසර දහ හතරක් පුරාවට පැවතිනි. සිහල සේනා රහසේ සංවිධානය කරමින් වළගම්බාවන්, කුප්පික්කල මහාතිස්ස තෙරුණගේ සෙවනෙහි සැඟව, වන ගතව විසීය. ඒ, ක්‍රි. පූ. 89වැනි වසරයි. දාතිකගේ සොළී සේනාවෝ පරදවා හෙළ දීපය නැවත වරක් සිහළ රජකු යටතේ නැගී සිටියේය. අභය ගිරි ස්ථූපය, දඹුළු විහාරය වැනි සුවිසල් බෞද්ධ සිද්ධස්ථාන ඉදිවිය. ත්‍රිපිඨකය ග්‍රන්ථාරූඪ විය. බුදු සසුනට නැවත වරක් වසන්තය උදා විය.

සැඟව සිටි සමයෙහි තමනට ආරක්ෂාව සැලසූ සියළු ස්ථානයනට කෘත ගුණ සැලකීමක් වශයෙන් වළගම්බා රජු ඒ ඒ ස්ථානයන්හි බෞද්ධ සිද්ධස්ථාන ඉදිකලේය. ඒ අතුරින් දෝව රජ මහා විහාරය ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. මන්ද යත්, එහි වන වළගම්බා රජු අතින්ම නිම වෙමින් පැවතුනු අඩි 38කට ආසන්න උසකින් යුත් ශෛලමය බුද්ධ ප්‍රථිමා වහන්සේ නිසාවෙනි. ඒ හැරුණු කොට රාවණ රජ සමයේ ඉදිව වළගම්බා රජුගේ භාවිතයට භාජනය වූ, ලෙන් විහාරය පිටුපස ගල් තලාව යටින් ඇරඹ ඇල්ල, 2කේ කණුව ප්‍රෙද්ශයෙහි වන රාවණා ගුහාව හරහා කරඳගොල්ලේ රක්ඛිතාකන්ද ලෙන් විහාරය වෙතත් සහ සෘජුවම බෝගොඩ රජ මහා විහාරය වෙතත් දිවෙන කිලෝමීටර 11කට ආසන්න දිගකින් යුත් උමං මාර්ග දෙකක ප්‍රධාන ද්වාරයද මෙහි දක්නට ඇත.

මීට වසර 400ට ඉහත නුවර යුගයේදී දෝව රජ මහා විහාරය නමින් ඉදි කරීම් කටයුතු නිමවුවද මෙම විහාරයෙහි මුල් නම වූයේ කුඹල්තිස්ස ආරියගල විහාරයයි. එය අඩි 30ක පමණ දිගකින්ද අඩි 10ක පමණ පළලකින්ද අඩි 12ක පමණ උසකින්ද යුත් කටාරම් කෙටූ ලෙනකි. ක්‍රි. ව. 1800 දී පමණ කළු ගලින් නිමවූ මකර තොරණත් උළුවහු සහ බිත්තිත් නිසාවෙන් කොටස් 3කට වෙන් කෙරුනු මෙම ලෙන් විහාරයෙහි ප්‍රථම කොටසේ බිත්ති සහ සිවිලිම් මුළු මනින්ම පිරී ගොස් ඇත්තේ නුවර යුගයේ සිතුවම් වලිනි. එම සිතුවම් අතරින් සිවිලිමෙහි දක්නට ඇති ජ්‍යෝතිෂ්‍ය ශ්‍රාස්ත්‍රයට අදාල සංකේත සහිත පරිපූර්ණ වගුවත් බිත්ති මත ඇති ඉතා දුර්ලභ ගණයේ සිතුවමක් වන ඇත් - ගොන් සටනත් සුවිශේෂී තැනක් ගනී.

දෙවැනි කොටස, අට විසි බුදු වරුන්ගේ ප්‍රථිමාවන්ගෙන්ද මතු ආත්ම භවයකදී ගෞතම නමින් බුදු වීමට සුමේධ තාපස තෙමේ දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ගැනීමේ සිට වන කථා පුවත් වලින්ද සමන්විත වේ. තෙවැනි කොටසෙහි අඩි 12කට ආසන්න දිගකින් යුත් සැතපෙන පිළිමයක් සහ ලෙන් වහලයෙහි ඇඳි අලංකාර නෙළුම් මල් රටාවන් දක්නට ඇත.

ඒ හැරුණු කොට මෙරට සිතුවම් අතරේ ඉතාමත් දුර්ලභ යක්ෂ රූප දෙකක් වන ඇතෙක් මුඛයෙන් අල්වා ගෙන සිටින කුවේර නැතිනම් අගෝරගේ සිතුවමක් සහ ගොනෙක් මුඛයෙන් අල්වා ගෙන සිටින සියවටුකගේ සිතුවමක් ලෙන් විහාරයෙහි ප්‍රධාන ශෛලමය මකර තොරණ වම් පස සහ දකුණු පස සිතුවම් කොට ඇත. මන්ද යත් මෙම යක්ෂයින් දෙපල බෞද්ධ සහ ද්‍රවිඪ සිද්ධස්ථාන ආරක්ෂා කරන්නේ යැයි තිබූ ජන විඥ්ඥානාත්මක විශ්වාසය නිසාවෙනි. තවද මෙම ලෙන් විහාර සිතුවම් අතරේ නාග රූපයන්ද බොහෝමයක් දක්නට ඇත. කොටින්ම කියතහොත් බුදුරදුනට පැන් පුදන භාජනය පවා නාග රූප අනුරුවක ආකාරයක් ගනී.

බණ්ඩාරවෙල සිට බදුල්ල ‍දෙසට කිලෝමීටර 6කට ආසන්න දුරක් ගිය තැන්හි ප්‍රධාන මාර්ගය අභියස පිහිටා ඇති දෝව රජ මහා විහාරය වර්තමානය වන විට දෙස් විදෙස් සංචාරකයිනගේ තෝතැන්නක් බවට පත්ව ඇති නමුදු වන්දනාකරුවනගේ හැසිරීමත් විලාසිතාවනුත් නිසාවෙන් ඈත අතීතයේ පටන් පැවත ආ සදාචාරයන් පිරීහී යාම නම් දෙනෙතට කඳුළු ගෙන එන කරුණකි.


TIP

Please be virtuous.

Address

Dova Raja Maha Viharaya, Kumbalwela, Bandarawela.

Directions

About 6Km from Bandarawela on Badulla road.

Report Inaccuracy

Open until 10:00 PM

Ratings Breakdown

Overall Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment