Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

5/5

DUROI

Borella

  • Closed right now


Fantastic dodgy bar in Borella.



අනේ මන්දා දවස් 3ක් තිස්සෙ එක දිගට, බොනවා බොනවා බොනවා…

ආයෙ සුවර් සොට් එකට, ලඟදිම අවයව ටික චෙක් කරගන්න වෙයි වගේ. හිතන්නකො, එහෙම බි බී ඉන්න අතරෙ 4 වෙනිද දවසටත් සෙට් වෙන්නම ආරාධනාවක් ලැබුනාම?

බෑ කියන්න කියලද?

බොක්කෙන්ම ආවෙ, “කීයටද මචං. කොහාටද සෙට් වෙන්නෙ?”

“හ්ම්ම්… බොරැල්ලට වරෙන්. අද අඩු ගාණට ගහමු.

6 වෙද්දි හොඳේ… ඇපෙක්ස් එක ගාවට”

“ආ එළ එළ”

කිව්වොත් කිව්වා කියල මම කලට වෙලාවට, 5.30 වෙද්දිම නැගිට්ටා පුටුවෙන්. නැගිටල දාගත්තා පික්මි එකක්. දාගෙන කෙලින්ම බොරැල්ලට.

“ඒ… ඇපෙක්ස් එක පේන මානෙ ඉන්නෙ. හරියටම බාර් එක ඉස්සරහ. ට්‍රැෆික් බං. මං මෙතනින් බැහැලා එන්නද?”

“නියමයි. බැහැලා ඇපෙක්ස් එකට එන්න එපා. වරෙන් බාර් එකට අල්ලපු ගේට්ටුවෙන් ඇතුලට. දුරෝයි කියල නම තියෙන්නෙ. මම ඉන්නව ඒකෙ එළියෙ මේසෙකට සෙට් වෙලා”

“තොගෙ…

ඈ යකෝ මට කිව්වෙ ඇපෙක්ස් එකේ කියලනෙ. දැන් මොකක්ද මෙතන බාර් එකක් අස්සෙ රිංග ගෙන කරන්නෙ. ඉඳපං ඉඳපංකො මං එනකම්…”

මට නේද යාළු, යකා නැගපි කියන්නකො. ඇයි ඉතින්, සිහින මවාගෙනනෙ හිටියෙ සැපට වාඩි වෙලා අඩියක් ගසන්න.

කොහොම හරි කමක් නෑ ඉතින් ඩෝප් වෙනවනම් කියල හිත හදාගත්තු මම වීල් එකෙන් බැහැලා ගියා ඇතුලට. ඇතුලට යද්දි… ඔන්න ඉන්නව.

“හෑ… මේකද බොල ඇපෙක්ස් එක?”

“ආ.. හා… හා… බොලට බොන්න දෙන්නත් ඕන. ඒක හොඳ එකෙන් අරන් දෙන්නත් ඕන. අනේ පළ යකෝ යන්න. වාඩිවෙයන්. එව්වට වැඩිය හොඳයි මල්ලි මෙව්වා. බොරු නම් බලපං මේ කඩල කොත්තු (රු. 250) ටිකක් කාලා” යාළුවා, එයා ගෙන්න ගෙන තිබ්බ කඩල කොත්තු පිඟාන මගේ පැත්තට තල්ලු කලා. මාත් ඉතින් දන්නැද්ද ගත්ත ගමන් හැඳි 2, 3ක් බඩට දාගෙනයි ආපස්ස බැලුවෙ.

කිව්වට විශ්වාස කරන්න යාළු, ආයෙ ඇස් දෙකෙන් කඳුළු පැනපු නැති එක විතරයි. සුප්ප කඩල කොත්තුව කියන්නකො. මම ඊට කලින් හොඳම කඩල කොත්තුව කාලා තිබුනෙ කොල්ලුපිටිය වෙස්පා එකෙන්නෙ. ඇත්තම කිව්වොත් මේක ඊටත් වැඩිය හොඳයි. හිතා ගන්න බැරි මොනව දාලා හදලද කියල. හැබැයි එකක් ෂුවර්. කුකා නම් රියල් වැඩ්ඩෙක් ආ… මොකද අරක්කු, බියර් වලට හරියනම විදියට හොඳ හැටි ලුණු, ගම්මිරිස් රස ඉස්මතු වෙන්න හදල තියෙනව. ඊටත් ඒකෙ කොත්තුවල වගේම ලීක්ස්, කැරට්, ලූණු, මිරිස් එහෙමත් පදමට තියෙනවනෙ. බිත්තරයකුත් කැරලි වෙන්න දාලා.

පිස්සු හැදෙනව, අවංකයෙන්ම!

ඔන්න ඉතින් කොත්තුව කාලා පිස්සු වැටිච්ච මම බිර වීදුරුවක් තොල ගාන්න ගත්තෙ යාළුවත් එක්ක පොඩි කයියකට සෙට් වෙන ගමන්. මොකද ඒ වෙද්දි පොර ඔක්කොම බයිට් ජාති ටික ඕඩර් කරල තිබුනෙ. මට තිබ්බෙ බියර් එකක් ගෙන්න ගන්න විතරයි.

වැඩේ කියන්නෙ, මම ඕඩර් කරපු බියර් එකත් එක්ක මේසටෙ ආපු පෝර්ක් ඩෙවල් (රු. 550) එකනෙ?

මගෙ සන්තෝ… මේ බාර් මෙච්චර කල් හැංගිලා තිබ්බෙ කොහොමද කියල හිතෙනව අප්ප! පංකාදු පෝර්ක් එක. ඊටත් පෝර්ක් කෑලි තිබ්බ 15කට එහා පැත්තෙ. ඒකත් තෙල් කෑලි 3, 4යිද කොහෙද. අනික හැම පෝර්ක් කෑල්ලක්ම ගැඹුරු තෙලේ බැදල. හොඳ සැරට හිටින්න මිරිස්, අමු මිරිස්, ලූණු, තක්කාලි, කංකුං එහෙමත් දාලා සෝස් වලින් රස කරලා…

කොටින්ම කියනව නම් බියර් නෙවෙයි, දෙන්නෙක්ට බෝතලයක් ගහන්න වුනත් කියාපු බයිට් එක.

හැබැයි ඊට පස්සෙ මේසෙට ආපු චිකන් ෆ්‍රයිඩ් රයිස් (රු. 450) එකේ නම් පොඩි අවුලක් තිබ්බ. ඒ තමයි බත් එකේ ලා… බෙරි ගතියක් තිබ්බ එක. හැබැයි ඉතින් ඒ බෙරි ගතිය නැති වුනා නම් ෆ්‍රයිඩ් රයිස් එකත් නොම්මර එකයි ඈ… බැදපු චිකන් පලුවක්ම පොඩියට කඩලා දාලා කැරට්, ලීක්ස් ටිකකුත් ගාණට දාලා ලුණු, ගම්මරිස් එක්ක සෝස් රසත් නූලට තියෙන්න,

ෂැහ්! ටොපේ ටොප්…

වැඩේ තියෙන්නෙ ඒ බයිට් ටිකත් එක්ක අපි කොච්චර ගැසුවත් ඇතිවෙන්නෙ නැති සීන් එකක් තිබ්බනෙ. බියරුත් ගේනව ගේනව ඉවරයක් නෑ. බයිටුත් කනව කනව ඉවර වෙන්නෙ නෑ… මාර කේස් එක. අන්තිමට, වේටර් අයිය ඇවිල්ල කිව්වෙ..

“මල්ලි අපි 10.30ට වහනව, දැන් වෙලාව 10.15යි” කියල. ආයෙ මොනවද.. වහනව නම් ඉතින් අපි යන්න එපැයි.

“නැගිට්ට දෙන්නම පුටුවෙන්”

රඹටි හැලෙයි කිව්වලු. මම දෙවරක් කැරකිලා අමාරුවෙන් උළුවස්ස අල්ල ගත්තෙ.

“ඒ වැදිල නෑ කියල හිතුවට වැදිලනෙ @#යි!” හ්ම්ම්… නෑ සද්දයක්.

අමාරුවෙන් බෙල්ල හරවල බැලින්නම්.. එකට නැගිටපු එකා ආයෙ පුටුවෙ…!


TIP

Try Kadala Kottu or Pork


Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment