Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

3/5

Empire Cineplex (Independence Arcade)

30 Bauddhaloka Mawatha, Colombo 7


This small cinema has one hall with very comfortable lounge chairs (Gold) and another regular hall (Deluxe)



මේච්චර කාලෙකට සුව පහසුව ඉඳගෙන චිත්‍රපටයක් බලන්න යන්න තිබුනෙ වැල්ලවත්තෙ සැවෝයි එකට හරි බම්බලපිටියෙ එම් සී එකට හරි කොල්ලුපිටියෙ ලිබර්ටි එකට හරිනෙ. ඔන්න දැන් තියෙනව ඒ වගේම සුව පහසුවට චිත්‍ර පටයක් බලන්න පුළුවන් තවත් තැනක්.

නිදහස් චතුරස්‍රයෙ තියෙන එම්පයර් සිනමාහල ගැන ගොඩක් දෙනා මේ වෙද්දිත් දන්නව ඇති. කොහොම වුනත් අනිත් සිනමාහල් වල වගේම ප්‍රවේශපත්‍ර ගණන් දෙකකින් තියෙන සුපිරි සැප පහසු තත්වයේ ශාලාවකුයි සාමාන්‍ය සැප පහසු තත්වයේ ශාලාවකුයි එම්පයර් සිනමාහලෙත් තියෙනවා. ප්‍රමාණයෙන් තරමක් පොඩි මේ ශාලා දෙකේ විශේෂත්වය තමයි හොඳ සුව පහසුවට හාන්සිවෙලා චිත්‍ර පටය බලන්න පුළුවන් විදියේ පුටු පේලියක් තියෙන එක.

'ගෝල්ඩ්' ශාලාව

මේ ශාලා දෙකෙන් හොඳම එක තමයි 'ගෝල්ඩ්' ශාලාව. ගෝල්ඩ් ශාලාව තියෙන්නෙ ත්‍රිමාණ චිත්‍රපටි බලන්න. හැබැයි ඉතින් මේ ශාලාවෙ වාඩි වෙන්න නම් ඉඩ තියෙන්නෙ 40 දෙනෙක්ට විතරයි. ටිකක් විතර හාන්සි වෙන්න පුළුවන් ගාණට ඇල කරගන්න පුළුවන් පුටු ටික නිසා අත පය දිග ඇරල නිදහසේ චිත්‍රපටය බලන්න ගෝල්ඩ් ශාලාවට එන ඔයාලටත් පුළුවන්. මේ සැප පහසුව නිසාම මේ ශාලාවෙ චිත්‍රපටයක ප්‍රවේශ පත්‍රයක් සාමාන්‍යෙයන් රු. 1000කට වැඩියි.

'ඩිලක්ස්' ශාලාව

මේ ශාලාවෙ පුටු ටික නම් ගෝල්ඩ් ශාලාවෙ තරම් සැප පහසු නොවුනත් අත පය දිග ඇරල නිදහසේ ඉන්න පුළුවන්. හැබැයි ඉතින් තිරය නම් පොඩ්ඩක් විතර පොඩියි. ශබ්දයත් ගෝල්ඩ් ශාලාවෙ තරම් හොඳ නෑ. ශාලාව පිටිපස්සෙන් ප්‍රොජෙක්ටරේ පේන එකත් ටිකක් විතර හිතට අවුල්. කොහොම වුනත් මේ ශාලාවෙ නම් ප්‍රෙව්ශ පත්‍රයක් රු. 1000ට අඩුයි.

කෑම බීම

තත්වය හරිම කණගාටුදායකයි. එම්පයර් සිනමාහලට පිටතින් කෑම ගෙනියන්නත් බෑ. ඇතුලත ආපන ශාලාවෙත් හරි හමන් කෑමක් නෑ. බියර් නැති එකත් ලොකු ප්‍රශ්නයක්. ටිපි ටිප්, පොප් කෝන්, චොකලට් වගේ අතුරු ආහාර හැරුණාම සිසිල් බීම තමයි විකුණන්න තියෙන්නෙ.

සේවාව

කියන්න සතුටුයි සෙනඟ කොච්චර හිටියත් සේවාව නම් උපරිමෙන්ම තියෙනවා. වැඩි වෙලා පෝලිමේ ඉන්න ඕන වෙන්නෙත් නෑ. අනික සේවකයිනුත් හරිම කාර්යශීලී පිරිසක්.

අනුමිතිය

සැවෝයි, එම් සී, ලිබර්ටි සිනමාහල් එක්ක බැලුවාම එම්පයර් සිනමාහලේ ත්‍රිමාණ චිත්‍රපටි වල තත්වය නම් තරමක් හොඳයි කියල තමයි මට යාළුවෙක්ගෙන් දැන ගන්න ලැබුණෙ. ඒ වුනාට ශබ්ද විකාශන ප්‍රමිතිය නම් හැම එකකම වගේ සමානයිලු. කොහොම වුනත් සුව පහසුව අතින් එම්පයර් සිනමාහලට කිට්ටු කරන්න අනික් සිනමාහල් වලට බෑ. හැබැයි පොඩි ප්‍රශ්නයකුත් තියෙනවා. මේක එම්පයර් සිනමාහලට ගියපු ගොඩක් දෙනෙක් නගන චෝදනාවක්. චිත්‍රපට ශාලාවෙ වායු සමනය කිරීම අතිශයින්ම දුර්වලයිලු. ඒ කියන්නෙ සීතල අඩුයි නෙවෙයි. සෑහෙන්න වැඩියි. අන්තිම පැය විතර යද්දි ගැහෙන තරමට සීතලයිලු. දන්න කියන අය නම් සීතලට කබා අරගෙන එනවලු.

අනෙක් සිනමාහල් වල වගේම එම්පයර් සිනමාහලෙත් විකාශනය වෙන චිත්‍රපටයත්, ශාලාවත්, ප්‍රෙව්ශ පත්‍රයේ ගාණත් ticketslk.com වෙබ් අඩවියෙන් ඔයාලට දැන ගන්න පුළුවන්.


TIP

If possible, go for the Gold Cinema.

Address

30 Bauddhaloka Mawatha, Colombo 7

Directions

Independence Arcade can be accessed via Bauddhaloka Mw (between BMICH and Torrington Rd) or via Independence Square. The cinema is upstairs, in the east wing. Take the stairs near the Burger King.

Contacts

Website

Report Inaccuracy

Open Showtimes at 10 AM, 12.30 PM, 3 PM, 5.30 PM and 8 PM

Price Range

Between Rs. 1000 - Rs. 1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
See 5 Comments