Artwork for Brew-at-Hatch-Top Banner 2 A
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for PMF Ifatr Sidebar banner 1

5/5

Escapade Hostel by Nomadic

Ratmalkanda Estate, Ella


Beautiful, comfortable and high standard hostel in Ella, Kitalella for low price with an amazing.. scenic view.



අප්‍රේල් ගිණියමේ ඇල්ලත් ගිණිගහන තරමට..

දවල් 2ට විතර ඇති අපි ටවුමට කිට්ටු කරද්දි. පොඩි මදිපාඩු ටිකක් ගන්නයි කියලා හංදියෙන් බැස්සෙ. 

හප්පේ රස්නෙ!

හුලං පාර නැත්නම් සත්තයි, පිටකොටුව වගේ.. ඒ නිසාම ඉතින් හරි හරියට වැඩ ටික කරගෙන ඇවිල්ලා අපි ආපහු වාහනේට ගොඩවුනා. ගොඩවෙලා.. ඔන්න කිතල් ඇල්ල පාරෙ, ගිහිල්ල හිටං තඩි පයිනස් කැලයක් මැදින් වැටුණු අතුරු පාරකත් කෙලවරටම.. 

වැඩේ කියන්නෙ ඒ මගක් යද්දිනෙ..
“ඈ බං. මේ හරියෙ ඒ තරම් රස්නෙ නෑනෙ. බලාංකො නිකම් නුවර එළි‌ය වගේ තියෙන්නෙ”

“කිරි අප්පට හැබෑ නේන්නං බං. මටත් මොකක්දෝ වෙනසක් දැනුනා. ඒත් හිතාගන්න බැරුව හිටියෙ මොකක්ද කියලා.

අනේ මන්දා ඉතින්.. ඇල්ලෙ වුනත් ටවුමනෙ බං. කොහේ කොහෙත් වගේ ඒකෙත් විනාසෙ පටන් අරගෙන”

කතාවෙන් කතාව යාළුවයි මායි තාර පාරෙත් අවසානයට. ඊට පස්සෙ කොන්ක්‍රීට් පාර, ඒකෙත් කැඩිච්චම හරිය.. අන්න එතකොට ඈතින් මතුවුනා.. ගේට්ටුවයි, දෙපැත්තෙ ලස්සන කොරටු දෙකයි.

“ෂැහ්, ලොකේෂන් එක නම් පංකාදුයි බං. ඇල්ලෙ කියලා හිතන්නවත් බෑ. හරියට පට්ටිපොල, ඔහිය පැත්තෙ වගේ”

“හ්ම්.. හ්ම්.. අනික බලාංකො මෙතන පිළිවෙල. තණ බිස්ස නිකම් පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එකේ වගේ. දසමෙට මේන්ටේන් කරලා ඈ.. 

අර බංගලාව මං හිතන්නෙ වත්තෙ තිබිච්ච එකක් වෙන්න ඇති නේ බං. උඹට නිකම් හිතෙන්නෙ නැද්ද සුද්දොන්ගෙ කාලෙ ටයිප් එකක් වගේ”

ප්ලේස් එක දැකපු වෙලේ ඉඳන් දෙන්නගෙ විචාරය.

ඒ අතරට කොහොමහරි වාහනේ දාලා පිටිපස්සෙ පාකින් එකට යාළුවයි මායි හරිම කුතුහලයෙන්.. බැස්සා පඩිපෙල දිගේ පහලට. බැහැලා මතුවුනේ එළිමහන් භෝජනාගාරයට. සේවක මිත්‍රයෙකුත් ඇවිල්ලා හිටියා අපේ ඉස්සරහට, පිලිගන්න. ඉතින්.. එයාට ‘ගුඩ් ආෆ්ටනූන්’ එකක් දාලා, තේකක් ඉල්ලපු අපි හැරෙන තැපෑලෙන්.. භෝජනාගාරය ඉස්සරහ බැම්මට. 

“ඒ මරු බං. මෙතන නං නයිටක් නෙවෙයි, දෙක තුනක් වුනත් ඉන්න කියාපුම. බලාංකො විව් එක. අර එපිට හෙල්මලු වෙල් යාය..”

“ඒක නේන්නං බං. ඊටත් උඹ දැක්කද?”

“මොකක්ද?”

“යකෝ මෙතන රේල් පාර. මේං මෙතන ඉස්සරහ.”

පොඩ්ඩක් ඉස්සිලා බැලින්නම්නෙ.. ඉඩම මායිමෙන්ම රේල් පාර කියන්නකො.

“අනිවා කිතල් ඇල්ල ස්ටේෂන් එකත් මේ ලඟම ඇත්තෙ බං. මට මතකයි මැප් එකෙත් තිබුනා.. ඇල්ල රොක් යන පාරත් ඔතන බැහැපු තැනම ඒ කියන්නෙ”

“මරු මරු මරු.. ෆුල් ආතල් එකේ ඉන්න පුලුවන් ඈ..”

දෙන්නා හීන මැව්වා විතරක් නෙවෙයි, හීන ලෝකෙක වගේ පියවි ඇහැට පේන සොඳුරු දසුනෙ.. ගිලිලා, පතුලටම ගිහිල්ලා. ඒ අතරට ආපු තේ දෙකත් හෙමින් සැරේ, ඈතින් පේන ඇල්ල රොක් දිහා බලාගෙනම අහවර කරපු අපි කෙලින්ම ගියේ බෑග් දෙකත් අරගෙන පල්ලෙහා තට්ටුවෙ ඉස්තෝප්පුවට අල්ලපු කාමරයට.

ඇත්තටම මේක බංගලාවක් වගේ තිබුනට, වැඩේ යන්නෙ හොස්ටල් එකක වගේ. තට්ටු ඇඳන්, පොදු වැසිකිලි, ලොකර්.. ඒ නිසාම ඉතින් ගාණත් අඩුයි. හැබැයි වගකීමෙන් කියන්න ඔ්න ගාණ අඩුවුනාට සුවපහසුව, සර්විස් එක අතින් නම්.. තරු 5යි ඈ. 

විශේෂයෙන්ම පිරිසිදුකම? ටොප් එකටම. එතකොට..

කාමර 2ක් තියෙනවා. ඒවයින් එකක් තමයි වීඅයිපී ටයිප් එකට තියෙන්නෙ. ඩබල් ඇඳක් එහෙම දාලා.. ඇටෑච්ඩ් බාත්රූම්..

ගමන් විඩාවත් යන්න කියලා පොඩි වොෂ් එකකින් පස්සෙ ඇලට් එකක් දාපු යාලුවයි මායි ආයෙ නැගිට්ටෙ හැන්දෑවෙ 6ට විතර. ඒ නැගිටලා ඉස්තෝප්පුව පහුකරගෙන මිදුලට යද්දි?

මීදුමත් බාලා, ඈතින් ලාවට හඳ මෝදු වෙනවා..

ආයෙ ඉතින් ඒක දැක්කා විතරයි, අපිට නිකම් පිස්සු වගේ. හඳට යන එකකුත් ලං කරගෙන, පොඩි සංගීතයකුත් දාගෙන..

සතුටින්, නිදැල්ලලේ..!


Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment