Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

Ginza Hohsen (Galadari Hotel)

Galadari Hotel, 64 Lotus Rd, Colombo 01


Ginza Hohsen is back to life in an all-new location down Galadari Hotel.



ගින්සාz හොහ්සෙන් මෙනූ එකේ ඉතාම රසවත් කෑම තියෙනවා කියලා කිව්වත් ඒක හොයලා බලන්න බැරි තරමට එහෙ ගණන් වැඩියි. ඔබ හොඳ සුෂී, කත්සු දොන් සහ අනෙකුත් ජපන් ආහාර බලාපොරොත්තු වෙනවනම් කොළඹ තවත් විකල්ප තියෙනවා. (ඉහළ මට්ටමෙන් නිහොන් බාෂි සහ පහළ මට්ටමෙන් සකුරා)

අපි මූලික සුෂී සහ කත්සු දොන් කෑවා. ඒවා රස නමුත් අති විශේෂ ගතියක් තිබුණේ නෑ. විශේෂ ගතියක් තිබුණේ බිලේ. දෙන්නෙකුට රුපියල් 6,000 කට ආසන්න ගණනක්. ඒක සම්පුර්ණ කෑම වෙලකුත් නෙවෙයි. අපි දෙන්නම සුෂී කෑලි හතර බැගින් සහ කත්සු දොන් භාජන භාගය බැගින් කෑවා. ඔබට අවශ්‍ය තවත් දේවල් ගත්තොත් බිල දෙදෙනෙකුට රුපියල් 10,000කට වඩා වැඩි වෙයි. ඒක වටින්නේ නෑ.

සමහරවිට කොළඹ ජපන් කෑම සඳහා විකල්ප අඩුවෙන් තිබුණානම්... ඒත් එහෙම ප්‍රශ්නයක් නෑ. ගෝල් ෆේස් හෝටලය ළඟ තියෙන නිහොන් බාෂි ගොඩක් හොඳයි වගේම ඇත්තෙන්ම මිල අඩුයි. මිල ගැන කතා ඇති. දැන් අපි සාමාන්‍ය දේවල් ගැන කතා කරමු.

පිහිටි තැන

ගින්සාz හොහ්සෙන් තියෙන්නේ කොළඹ හිල්ටන් හෝටලයේ. ලොබි එකට ඇතුල් වෙද්දී වමට හැරිලා අවසානය දක්වාම යන්න. හිල්ටන් කාර්යමණ්ඩලය අති විශිෂ්ටයි වගේම එයාලගේ අවන්හල් සහ බීම හල් උසස් තත්ත්වයෙන් තියා ගන්නවා. ඒත් කලාතුරකින් තමයි ඒවා අති විශිෂ්ට වෙන්නේ.

ගින්සාz හොහ්සෙන්  කාමහලක් හා ජපන් අවන්හලක් අතර අමුතු එකතුවක්. සැරසිලිවල කිසිම විශේෂ ගතියක් නැහැ මේසේ තියෙන බොත්තම් තුන (වේටර්, බිල, වතුර) අරුනකොට. මේ බොත්තම් ගොඩක් උදව් වෙනවා අත වනමින් වෙටර්ලාට කතාකරනවාට වඩා.

තත්ත්වය

ගින්සාz හොහ්සෙන්හි තත්ත්වය  හොඳයි වුණත් මුදලේ අගයට වඩා අඩුවෙන් තමය ලැබෙන්නේ. සුෂී හොඳයි. එයාල ළඟ නිරතුරුවම ටූනා මාළු තියෙනවා. (සමහර තැන්වල ඒවා ඉවර වෙනවා.) එයාලගේ කත්සු දොන් රසවත් වගේම හොඳයි. කොළඹදී එක්කෝ ඔබට උසස් තත්ත්වයේ ජපන් කෑම අඩු මිලට ගන්න පුළුවන් එහෙම නැත්නම් ජපන් කෑම විශාල ප්‍රමාණයක් අඩු මිලට ගන්න පුළුවන්. ඒත් ගින්සාz හොහ්සෙන් වලදී ඔබේ බලාපොරොත්තු කඩ වේවි බොහොම පුංචි දේකට ගොඩක් සල්ලි ගෙවන්න වෙන නිසා.

සේවාව

සේවාව අති විශිෂ්ටයි. සාමාන්‍යයෙන් හිල්ටන් එකේදී එහෙම තමයි. මේසේ තියෙන බොත්තම් කදිම සොයා ගැනීමක්.

නිගමනය

ගින්සාz හොහ්සෙන් හොඳයි. ඒත් අපිට ඒක නිර්දේශ කරන්න පුළුවන් කොළඹ තියෙන එකම ජපන් අවන්හල නම්. ඒත් ඒක එකම එක නෙවෙයි.

Address

Galadari Hotel, 64 Lotus Rd, Colombo 01

Contacts

E-Mail Website

Report Inaccuracy

Similar Places

User Reviews
G
1

5/5

0

Gustof

@YAMU, The phone number needs to be changed.

G
1

5/5

0

Gustof

@YAMU, The phone number needs to be changed.

See 5 Comments