Artwork for Playtrix Top Banner Ladies Night
Artwork for Yamu Promo Top Banner
Artwork for TSING TAO sidebar banner 2

4/5

Government Service Sports Club

2/16 Baseline Road, Colombo 5

  • Closed right now


Serving the best handallo in town, the GSSC is a dodgy bar with cheap drinks and decent patrons.



පහුගිය බ‍්‍රහස්පතින්දා දවල් කෑමට පස්සේ අපේ යමු එකේ ඉමාඩ් මටයි මලින්තටයි හවස පොඩ්ඩක් සෙට් වෙන්න කතා කලා. අපිත් ඉතිං  ඕන වෙලාවක ඕන දෙයකට ඔට්ටුයිනෙ. ‘‘කොහෙද බං සෙට් වෙන්නේ?’’ මම ඉමාඩ්ගෙන් ඇහුවා. ‘‘ටිකක් පරණ ප්ලේස් එකක් තියෙනවා බේස් ලයින් පාරෙ, ගවර්මන්ට් සර්විස් ස්පෝර්ට්ස් ක්ලබ් කියලා. එතෙන්ට යමු.’’ ඉමාඩ් කිව්වා.

වාතාවරණය

ඔන්න ඉතිං යමු ඔෆිස් එකේ වැඩ ටික ඉවර කරලා හවස 5.45ට විතර අපි එළියට බැස්සෙ රජයේ සේවයේ කී‍්‍රඩා සමාජ අවන්හලට යන්න. වජිර පාර ළගින්ම තී‍්‍රවිල් එකකට ගොඩ වුණ අපි විනාඩි දහයක් යන්න කලින් අවන්හල ළගට ආවා. ඉමාඩ් කිව්ව වගේම ඒක ටිකක් පරණ තැනක් තමයි. ඉස්සරහ ලොකු වාහන නවත්වන අංගනයකුත් තියෙනවා. අවන්හලේ තනි තට්ටුවේ ගොඩනැගිල්ල පළලින් ටිකක් අඩුයි. වහලෙට රට උළු දාලා වටේට තියෙන ලොකු හිස් ඉඩේ කොට්ටම්බා ගස් දෙක තුනකුත් වවලා තිබුණා. අවන්හලේ දොරෙන් ඇතුල්වෙන තැන දකුණු පැත්තේ තමයි බාර් එක තියෙන්නේ. වම් පැත්තේ පොඩ්ඩක් ඇතුලට වෙන්න පූල් කී‍්‍රඩා කරන්න මේසෙකුත් දාලා තිබුණා. පටු ගොඩනැගිල්ලෙන් එහා පැත්තේ එළිමහනෙ තමයි බොන අයට ඉඩ හදලා තියෙන්නේ. ඇතුලෙත් බොන්න පුළුවන් වුනාට එතැන දහ දොළොස් දෙනෙකුට වඩා ඉන්න ඉඩ නෑ.

අපි තුන්දෙනා එළිමහන් කොටසට ගිහිල්ලා ටිකක් පැත්තකට වෙන්න තිබුණ නිදහස් තැනක මේසයක් වටේට වාඩි වුණා. එළිමහන් කොටස නම් ටිකක් ලොකුයි. මේස පහළවක් දාසයක් විතර දාලා හදලා තිබුණට තව මේස දහයක් දොළහක් දාන්න එතන ඉඩ තියෙනවා. නියම වැඩේ කියන්නේ හැන්දෑවට රජ කරන්න එන මදුරුවන්ට මෙයාලා දෙන බෙහෙත තමයි තාච්චියක දාලා පුච්චන පොල් ලෙලි වල දුම.

වාඩි වෙලා විනාඩි දෙක තුනක් යනකොට එතනට ආව අවන්හලේ සේවකයෙක් ‘‘සර් මොනවද ගේන්නේ’’ කියලා අපෙන් ඇහුවා. ඉමාඩුයි මලින්තයි ටිකක් සැරට බොන්න ආස නිසා එයාලට පරණ අරක්කු (කාලක් රු.460)  භාගයක් ගේන්න කිව්වා. මම නම් ඉතිං හුරු පුරුදු ලයන් ස්ට්‍රෝන්ග් (රු.320)  බෝතලයක් තමයි ඉල්ලුවේ. කොළඹ සාමාන්‍ය පන්තියේ අවන්හල් අතරින් මේ අවන්හලේ විශේෂත්ව දෙකක් තියෙනවා. එකක් තමයි මේ අවන්හල පටන්ගෙන තියෙන්නේ 1800 ගණන්වල ඉංගී‍්‍රසි ආණ්ඩු කාලේ. අනිත් එක තමයි එයාලා ළග තියෙන ගොඩක් ප‍්‍රසිද්ධ හැඳැල්ලෝ බයිට් එක. මමත් මේ කියන හැඳැල්ලෝ බයිට් එක මීට කලින් කාලා තිබුණෙ නැති නිසා අපි හැඳැල්ලෝ (රු.390)  පිඟානකුයි ඩෙවල් ඌරුමස් (රු.480) එකකුයි ඇණවුම් කළා.

අාහාර සහ සේවාව

වාඩි වුණ ගමන්ම වගේ අපිව මදුරුවෝ කෑවට විනාඩි පහක් දහයක් යනකොට නම් පොල් ලෙලි වල දුම නිසා මදුරුවෝ ටිකක් අඩුවෙලා. ඒත් එක්කම වගේ අපි ඇණවුම් කරපු සැර බීම ටිකයි වීදුරු තුනකුයි බයිට් එකයිත් මේසෙට ආවා. ආයෙ ඉතිං බල බල ඉන්න දෙයක් නෑනේ. රෑ වෙන්න කලින් ගෙදර යන්නත්  ඕන නිසා මම බියර් බෝතලේ අරන් මග් එක පිරෙන්න දාගත්තා. ඉමාඩුයි මලින්තයි දෙන්නත් එයාලට  ඕන ගානට ආරක්කු දාගෙන වීදුරු දෙකට සෝඩා ටිකකුත් දාගත්තා.

ඊට පස්සෙ පුරුදු විදියට චියර්ස් පාරක් දාලා අපි හෙමිහිට සැර බීම උගුරක් තොල ගෑවේ බයිට් එකට ආපු ඌරු මස් ඩෙවල් කෑල්ලකුත් ගෑරප්පුවේ රඳවගෙන. බියර් උගුර බඩට යන්නත් කලින් ඌරූ මස් කෑල්ලක් කටේ දාගත්ත මම හෙමිහිට රස කර කර හපන්න පටන් ගත්තා. සීතල බියර් එකට ඌරූ මස් බයිට් එකේ එච්චරම ගැලපෙන්නේ නෑ වගේ. මොකද කියනවා නම් ඒකේ සැර ගතිය ටිකක් යට ගිහින් පැණි රස ගතියක් මතුවෙලා තිබුණා. සාමාන්‍යයෙන් බියර් වලට ටිකක් සැරට වගේම ලුණු ගතියත් හොඳට තියෙන බයිට් එකක් තමයි  ඕන.

මම කොහොම කිව්වත් ඊලඟ බියර් උගුර බොන්න මග් එක අතට ගන්න කොට ඌරූ මස් ඩෙවල් පිඟානෙන් කාලක් විතර ඉවර වෙලා තිබුණේ. මලින්තටයි ඉමාඩ්ටයි නම් ඒක නැගලා ගිහිල්ලා. අමු මිරිස්, ළුෑණු, මාළු මිරිස්, ඉඟුරු වගේම කංකුනුත් දාලා හදල තිබුණ ඌරූමස් ඩෙවල් එක ෆ‍්‍රයිඩ් රයිස් එකකට නම් හොඳට ගැලපෙනවා කියල තමයි මට නම් හිතුනේ. කරන්න දෙය්ක නැති නිසා මේසෙට ඇවිල්ල තිබුණ හැඳැල්ලෝ පිඟානෙන් එකක් අරගෙන සෝස් ටිකක් ගාලා මම කාලා බැලූවා. නියමයි, මෙව්වනෙ බයිට් කියන්නේ. බියර් උගුරු දෙක තුනක්ම එක දිගට කටට හලා ගත්ත මම බැදපු හැඳැල්ලෙක් අරගෙන සෝස් ටිකක් ගාලා කටට දෙකට ගිලලා දැම්මා. හොඳ කි‍්‍රස්පි ගතියට හැපෙන දැවටුමට ඇතුලෙන් නියම ගානට දැනෙන පුංචි ලුණු රසත් එක්ක එන හැඳැල්ලෝ මාළු කූරි හොඳට බැදිල තිබුණ නිසා කටු ගතිය නම් දැන්නේම නැති තරම්. ඒ අතරට මිරිස් සෝස් වල රසත් එකතු වෙලා හැදෙන රස නම් සීතල බියර් උගුරකට කියාපු කට ගැස්මක් තමයි.

පැයක විතර කතා බහක් යන අතරෙ ඉමාඩ්ගෙ යාළුවෙකුත් ඇවිල්ලා අපිත් එක්කම සෙට් වුණා. එයත් ටිකක් සැරට බොන්න ආසයි කිව්ව නිසා අපි අවන්හලේ සේවකයෙක්ට කතා කරලා තව පරණ අරක්කු කාලක් ගේන්න කිව්වා. වැඩේ කියන්නේ ඒ වෙලාව වෙද්දි මේසෙට ඇවිල්ල තිබුණ බයිට් පිඟන් දෙකම හිස් වෙලා තමයි තිබුෙණ. ඒ නිසා අපි බැදපු දැල්ලෝ (රු.450)  පිඟානකුයි රෑ  කෑමට මික්ස් ෆ‍්‍රයිඩ් රයිස් (රු.480) එකකුයි ඇණවුම් කළා.

අවන්හලේ සෙනඟ ටිකක් වැඩිවෙලා තිබුණත් සේවක මිත‍්‍රයා විනාඩි දහයක් විතර යනකොට අපි ඉල්ලපු පරණ අරක්කු කාලයි බයිට් ටිකයි මේසෙට ගෙනාවා. බෝතලේ ඉතිරි වෙලා තිබ්බ අන්තිම බියර් ටිකත් මග් එකට දාගත්ත මම ඒකෙන් උගුරක් බීලා මේසෙට ආපු බැදපු දැල්ලෝ කෑල්ලක් අරන් සෝස් ටිකකුත් ගාගෙන රස බැලුවා. දැල්ලෝ රස නම් දැනෙන්නේ නැති තරම්. දවටලා බැදපු නිසා හොඳ කි‍්‍රස්පි ගතියක් තිබුණත් දැල්ලෝ බයිට් එකේ සැර ගතියවත් ලුණු ගතියවත් නම් නියම පදමට තිබුණේ නෑ. ඒ නිසා මම මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකෙන් හැඳි දෙක තුනක් පිඟානට දාගෙන චීලි පේස්ට් ටිකකුත් එකතු කරගෙන මට  ඕන විදියට සැර ගතිය හදා ගත්තා. අන්තිම බියර් උගුරු ටිකත් බීල දාපු මම ෆ්‍රයිඩ් රයිස් එකෙන් කටක් දෙකක් රස බැලුවා. සාමාන්‍ය පන්තියේ චීන අවන්හල්වල හදන ෆ්‍රයිඩ් රයිස් වලින් එන සුවඳත් රසත් මේ ෆ්‍රයිඩ් රයිස් එෙකත් අඩු නැතිව තිබුණා. පදමට ගැලපන සැර ගතියත් එක්ක බැදපු ඉස්සෝ, දැල්ලෝ, කුකුල් මස්, බිත්තර වගේම ළුෑණු කොළත් දාලා හදල තිබුණ මේ ෆ්‍රයිඩ් රයිස් එක නම් තරමක් දුරට හොඳයි කියන්න පුළුවන්.

මලින්තයි ඉමාඩුයි ඉමාඩ්ගේ යාළුවයිත් ඒ වෙනකොට ගෙනාපු සැර බීම ටික ඉවර කරලා තිබුණ නිසා එයාලත් මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකට පට පට ගාලා වැෙඩ් දුන්නා. මේ අතරේ තමයි මම වෙලාව බැලුවේ. රෑ නමයටත් කිට්ටුයි. ‘‘මලියා, නමයයි බං වෙලාව. යමං නේද’?’ මම මලින්තගෙන් ඇහුවා. ඒ වෙනකොට හොඳට වැදිලා ඉඳපු අපි කට්ටිය ටිකක් අමාරුවෙන් පුටුවෙන් නැගිටලා ගෙනාපු බෑග් ටිකත් කරේ දාගෙන හෙමිහිට හෙමිහිට පාරට ආවේ රජයේ සේවයේ කී‍්‍රඩා සමාජ අවන්හලට සමු දීලා.

අනුමිතිය

අවන්හලේ කොච්චර කට්ටිය වැඩ් වුනත් හොඳ අවධානයකින් ඉඳලා නිතරම වගේ ළගට ඇවිල්ලා ‘‘ මෙනවද සර්  ඕනේ’’ කියල අහන හොඳ සේවක මණ්ඩලයක් ඉන්න මේ අවන්හල කොළඹ පැත්තේ ඉන්න අයට නම් හවසට පොඩි ෂොට් එකක් දාන්න නියම තැනක්.


TIP

Go with a group and grab a table indoors. You can't go wrong with the handallo.
All Reviews

GSSC is wala-level value for money, and the indoor seating has a charming ambiance, but you've got to get there early to grab a table.

One of the Colombo's best dodgy bars is, without a doubt, the Government Service Sports Club. Hidden behind the Baseline Road, a large crumbling building opens out onto a ramshackle garden scattered with a handful of metal chairs, plastic tables and a few mournful cats.

සිංහල අන්තිමට චන්දනයි මායි අවසාන ‘කාලත්’ ක්‍රියා කරල! තව පොඩ්ඩෙන් එතනම අභාවප්ප්‍රාප්ත වෙනව. වෙලාවට අපි වැටෙද්දි කලින් කට් වෙච්ච අය නැගිට්ටෙ.

සිංහල ‘‘කොහෙද බං සෙට් වෙන්නේ?’’ මම ඉමාඩ්ගෙන් ඇහුවා. ‘‘ටිකක් පරණ ප්ලේස් එකක් තියෙනවා බේස් ලයින් පාරෙ, ගවර්මන්ට් සර්විස් ස්පෝර්ට්ස් ක්ලබ් කියලා. එතෙන්ට යමු.’’ ඉමාඩ් කිව්වා.

සිංහල රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජය කොළඹ තිබෙන පහළ පෙළේ බාර් අතරින් හොඳම එක බව සැකයක් නැහැ. බේස්ලයි්‍න් පාරේ විශාල දිරාපත් වෙමින් යන ‍ගොඩනැඟිල්ලක් පිටුපස සැඟවී තිබෙන එය විවෘත වන්නේ ගරාවැටුණ උද්‍යානයකටයි. එහි අතන මෙතන යකඩ පුටු කීපයකුත්, ප්ලාස්ටික් මේසත් තිබෙනවා. දුක්මුසු පෙනුමැති බළලුන් කීපදෙනෙක් මේසවලින් බිමට වටුණු හඳැල්ලන් අහුලා කනවා. එහා කෙළවරේ අබල දුබල තාප්පය දිගට සෝඩා බෝතල් ගොඩගහලා.

Address

2/16 Baseline Road, Colombo 5

Directions

It's on Baseline Road near the canal and the old Airtel office. If you turn right from Park Road onto Baseline Road, it's just after the canal (but on the opposite side of the road). It's on Thalakotuwa Gardens, the road that leads to AIS and Elizabeth Moir.

Report Inaccuracy

Closed right now

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Pork Fish Bites

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3

Have you visited this place?

Write your own review!
See 15 Comments