Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

Hawaii Bakers & Restaurant

163 New Kandy Rd, Malabe

  • Closed right now


Food is averagely good and that's it!



ගියේ නම් වෙන තැනක් බලාගෙන. ඒත් අවාසනාවට පහුගිය සතියෙම ඒක වහල. මොනව කරන්නද ඉතින්. ගියපු එකේ මොකක්හරි ගැලපිල්ලක් දාන්නත් එපැයි. බැලුව වීල් එකෙන් බැහැපු තැන ඉඳන්ම වටපිට,

‘කොහෙද හොඳ ප්ලේස් එකක් පේන්න තියෙන්නේ..’

‘ආ.. අන්න අතන’

හරියටම ස්ලිට් එකට අල්ලල, ඊට එහා පැත්තෙ!

බැලූ බැල්මට නම් ටිකක් පොෂ් ප්ලේස් එකක් වගේ. ඊටත් වටපිටාවෙ ඉන්නෙත් පොෂ් කට්ටියනෙ.. කියල ගියා ඕන් කහ ඉරත් පැනල ඒ පැත්තට. ගිහිල්ල හිටං රෙස්ටුරන්ට් එකට කිට්ටු කලත් හරි මගේ අදහස තවත් තක්සේරු වුණා. ඇයි ඉතින් ලොකු වාහන 4, 5ක්ම පාකින් එකෙත්නෙ.

ඒත් ඉතින් ඇතුලට ගියාම නම්.. ම්හ්?

නිකම් ඇලුමිනියම් මේස පුටු ටිකක් දාලා තියෙනව ඉස්කෝලෙ කැන්ටිමේ වගේ. වීදුරු ෂෝකේස් ටිකක කෑමත් දාලා, ලොකු ගැම්මක් නම් නෑම වගේ..

හැබැයි ඉතින් එහෙම වෙන්නත් බෑ අප්ප. ‘හවායි’ කියන්නෙ හොඳ, නම ගියපු රෙස්ටුරන්ට් එකක්නෙ කොළඹ පැත්තෙ. මොකද කරන්නේ.. කියල කල්පනා කරපු මම, කෝකටත් ඕඩරයක් දෙකක් දාලා බලනව කියල කිට්ටු කලා කැෂියර් එක ළඟට.

කිට්ටු කලත් හරි..

මං කිව්වෙ හාවායි එසේ මෙසේ නෑ කියල. යාළු රයිස් ඇන්ඩ් කරි තියෙනව ක්‍රැබ්, ඉස්සො, දැල්ලො, බැදපු මාලු ඕන දෙයකින්. ආයෙ ඉතින් හෙවිල්ලක් බැලිල්ලක් මොකටෙයි කියල මම සනිකව දැම්ම ඕඩරේ, ක්‍රැබ් රයිස් ඇන්ඩ් කරි එකයි (රු. 300), දැල්ලො පෝෂන් එකයි (රු. 150), ඉස්සො පෝෂන් එකයි (රු. 150). දාලා, කිට්ටුව පාත ඉඳන් මාව බලන්න එනව කියපු යාළුවො දෙන්නට මොනවද දාන්නෙ කියල බලන්න ගත්ත මෙනුව අතට. අරගෙන බැලුව. බලලා..

විස්තරේ අහන්න කියල!

ඒත් කවුරුත් පේන්න නෑනෙ.

හැබැයි තප්පරේට වගේ සුදු කලු ඇඳපු කෙනෙකුත් ආවා මගේ ඉස්සරහ. මං හිතන්නෙ ඈත තියල දැකල වෙන්න ඇති.

“මේ.. මට්න් බිරියානි ගන්න පුළුවන්ද?”

“මට්න් නැහ්. ඕන නං චිකන් දෙන්නං. ඔය මාලුත් ගන්න පුලුවන් ඉතින්” බොලේ මේකගෙ ගණන්? හරියට පිනට කන්න ඇවිල්ල වගේ. මට යකා නැග්ග හොඳේ යාළු. මුකුත් කියන්න ගියේ නෑ. ඊට පස්සෙ ඇහුව,

“පෝර්ක්?”

“පෝර්ක් නැහ්. ඒවා මුකුත් නෑ. ඔය තියෙන ටික තමයි” හිතන්නකො ඉතින්. වෙන එකෙක් වුණා නම්...

“හරි. මේ මෙනියු එකෙන් මොනවද ගන්න පුලුවන් කියන්නකො.”

“නූඩ්ල්ස් ගන්න පුළුවන්. කොත්තු ගන්න පුලුවන් 5.30න් පස්සෙ. එච්චර තමයි”

ඉවසීම කියන්නේ.. වෙලාවට ඒවා ඉගෙනගෙන තිබ්බෙ.

සද්ද බද්ද නෑ. මික්ස් නූඩ්ල්ස් එකයි (රු. 420), චිකන් බිරියානි එකකුයි (රු. 350) ගේන්න කිව්ව අර රයිස් එකත් එක්ක. කියල ගිහින් වාඩිවුණා. වාඩි වුණාට පස්සෙ කෑම ටික ආවා. පටන් ගත්ත කන්න.

බත එහෙම හරිම ෂෝක් ඈ.. තව ටික වෙලාවක් තිබ්බ නම් සීතලට දුම් දාන්නෙ. ඊටත් කකුළුව කටට අල්ලල කැඩුව,

චික් විතරක්.. මස් දියවෙලා, ඉස්ම වගේ බේරෙනව අප්ප. හප්පෝ.. එහෙම්ම තිබ්බ ඒක පැත්තකින්. තියල කෑවා දැල්ලො කෑල්ලක්.

අන්න ඒක නම් මරු ආ.. අපි ගෙදර හදනව වගේ හොඳහැටි මිරිස් තුනපහ දාලා හදපු කරියක්. අනික දැල්ලො කෑලිත් තොගයක්. බොරු කියන්න ඕන නෑනෙ. ඉස්සො එකත් ඒ වගේමයි. මදි නොකියන්න කිරි, අමු තුනපහ, රම්පෙ කරපිංච ටික දාලා හින්දල, ඉස්සොත් තොගයක් දාලා, සුපිරි ඈ..

හැබැයි අර කකුළුවගෙත්, මස අවුල් වුණාට හොද්දෙ නම් ඒ රස නම් තිබ්බ, හ්ම්..

ඒ හැරුණාම මෑ කරල් එකෙත් රස හොඳයි රස්නෙට තිබ්බ නම්. කිරි එහෙම දාලා හොඳ හැටි. ආයේ.. පරිප්පු තිබ්බ, බීට් තිබ්බ.

ඒක නෙවෙයි, උණු උණුවෙ තිබ්බ නූඩ්ල්ස් එකෙනෙ නැගල ගිහින් තිබ්බෙ. හැබැයි ඒකෙ මික්ස් කියන්නෙ මාරම මික්ස් ආ... බිත්තරයි, චිකනුයි, මාලුයි විතරයි. යාළුව කියපු විදියට නම් ඉස්සො තිබිලත් නෑ, දැල්ලො තිබිලත් නෑ. වැඩිය ඕන නෑ ඔය ෆොටෝ එක බලන්නකො. කැරට් ලීක්ස් ටිකත් හරිහැටි නෑනෙ. අර උණු නිසා අපේවුන් දෙන්න කාලා මිසක්. 

අයියෝ.. බිරියානිය!

කියන්නම ඕනද?

එහෙනම් අහගන්නකො. සම්බහාලෙ බත ඈ.. ෆ්‍රයිඩ් රයිස් වගේ දාලා තියෙන්නෙ. හැබැයි කහ දාලා තියෙනව සවලෙන්ද කොහෙද. ඒ හැරුණාම බිරියානි මික්ස්, මසාලා එහෙම හතර මායිමේ නෑ. ඔන්න උඩින් චිකන් පලුවක් තිබ්බ.. ඒකත් තන්දුරි අනං මනං නෙවෙයි, නිකම් බැදල විතරයි.

අනේ එතනින් එහාට නම් කියන්න දෙයක් ඇත්තෙම නෑ යාළු. මතක තියාගන්න විතරක් කියන්නම්..

හොඳ ෆ්‍රීසර් එකක, පේන්නම දාලා තියෙනව, කවදා.. හදපුවද මන් දන්නෑ, පළතුරු ජූස්! 


Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment