Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

4/5

Himsara Foods

7 Chitra Lane, Colombo 5

  • Open until 09:00 PM


A great place to grab some good rice and curry, along with a killer pork curry.



“දැන් ඉතින් තුනත් පැනලනෙ බං. බත් තියා පාන් කෑල්ලක් කන්නවත් තැනක් හොයා ගන්න බෑ ලේසියකට, හොඳේ”

වරුවක් තිස්සෙ කොටුවෙ ඇවිදල ඇවිදල, අන්තිමට මෙන්න කියනව බත් ටිකක් කමු ‘නේද’ කියල.

මට නේද යාළු…

කමක් නෑ, ඔන්න ඔහෙ ඕන මගුලක් වෙච්චාවෙ කියල මාත් නැග්ග මිනිහා දාපු පික්මියටම. නැගල ඔන්න දෙන්නත් එක්ක යනව බොරැල්ල පැත්තට...

“මේ දෙපැත්ත බලපං. හොඳයි කියල හිතෙන බත් කඩයක් දැක්කොත් කියාන් හොඳේ!”

“හරි හරි බං. මාත් මේ බලන්නෙ බත් කඩයක් තමයි. මදෑ උබට මතක් වුණා බඩගින්න කියන එක. ඒකම ඇති බඩ පිරෙන්න, රෙද්ද”

ඔය විදියට ඉතින් බොරැල්ලට ම ගියා. එක බත් කඩයයි හම්බවුණේ කියන්නකො, පුංචි බොරැල්ල හරියෙන්. ඒකෙත් කෑම බාගෙට ඉවර වෙලා.

ඒ අතරෙ...

“මහත්තය මෙතනින් කොහාටද?”

“ආ… ඔය, ඔය බෞද්ධාලෝක මාවත පැත්තට දාන්නකො”

වීල් එක බොරැල්ලත් පහුකරගෙන කනත්ත හංදියටම ඇවිල්ල.

අනේ බැරිම තැන ඩී එස්. එක ඉස්සරහ බත් කඩෙත් බැලුව. වැඩක් නෑ, ඒකෙත් කෑම ඉවරයි.

“මේ… මාව පිස්සෙක් නොකර ඔන්න ඔය හම්බෙන කඩේකින් මොනා හරි කාලා යමංද? ඇයි ...කෝ, මේක මළ මගුලක් උනානෙ”

“හරි හරි කලබල නොවී ඉඳාන්කො. මම එක්කං යන්නං ප්ලේස් එකට.

මල්ලි ඔතන ජාවත්ත පාරෙන් වමට දාලා නාරාහේන්පිට පැත්තට යං...”

අන්තිම චාන්ස් එක කියල කට වහගත්තට මොකද මට අසූහාරදාහට නැගල හිටියෙ.

“යමකො යමකො, ගිහින් ඔතනත් නෑ කියාංකො”

“බය වෙන්නෙපා, බය වෙන්නෙපා. මෙතන බඩු සුවර් මචං”

කොහොම හරි වීල් එක විනාඩි 5ට 6ට වගේ අදාල ප්ල්ස් එකට කිට්ටු කලා. කිට්ටු කරද්දි කඩේ නම් ඇරල, ඒත් ඇතුලට ගිහින් බලන්න එපෑ කෑම තියද කියල. දඩිබිඩියට වීල් එකෙන් බැහැපු යාළුවා කඩේට දිව්ව.

මෙන්න බොලේ එක තප්පරයක් ගියේ නෑ, මනුස්සය මට කඩේ ඇතුලෙ ඉඳන්ම අත වනනව. සනික හයර් එක එන්ඩ් කරපු මමත් අඩියට දෙකට කඩේට දිව්ව.

සැහ්! යද්දි… දවල් කෑම බුෆේ එක එලෙසින්ම තියෙනව. එක එළවලුවයි යාළු අඩු වෙලා තිබ්බෙ!

“මේ… අපිට දෙන්නකො අක්කෙ සුදුබත් චිකන් කෑම (රු. 200) එකකුයි, රතුබත් බැදපු මාළු කෑම (රු. 240) එකකුයි. ඒකයි… පෝර්ක් කරියකුත් (රු. 250) වෙනමම දෙන්න හරි.”

ගත් කටටම ඕඩරේ දාපු යාළුව කෙලින්ම ගියේ වොෂ් රූම් එකට. ඒ අතරෙ මම ෆිජ් එක ඇරල කෝක් බඩියකුත් අරගෙන ලඟම තිබ්බ මේසෙන් වාඩි වුණා. වාඩි වෙලා එක විනාඩියක් ගියේ නෑ…

“සර්, තප්පරයක් දෙන්න පෝර්ක් කරිය ගේන්නම්…”

ඉල්ලපු කෑම දෙකම මේසෙ උඩ කියන්නකො!

… මාර සර්විස් එකක්නෙ.

අර කිව්වත් වගේ යාළුව මේසෙට ඇවිත් වාඩි වෙන ටිකට පෝරක් කරියයි පපඩම්, බැදපු මිරිස් පීරිසියකුයිත් අපේ මේසෙ උඩ.

ෂප්පේ… රස්තියාදු වුණාට පාඩු නම් නෑ පුතේ!

දෙන්නම් ජම්බෝ කියල මම ලංකර ගත්ත බැදපු මාළු කෑම පිඟාන. මොකද මම ආස රතුබත්වලටනෙ. මුලින්ම එළවළුවලින් ටික ටික කාලා බැලුවෙ බත් එක දිහා බැලූ බැල්මටම ආස හිතුන නිසා.

ඉතින්! පුදන කොටම කාපි යකා... අල කරිය තියෙනව මල්ලි පංකාදු පහට. කිරි එහෙම ලෝබ නැතුව දාලා. ඒ විතරක් නම් බැරියැ, ගම්මිරිස් තුනපහ පදමත් නියම ගාණටනෙ. මම අලවලට ඒ හැටි ආස නෑ. ඒත් මේ අල කරිය එක්ක නම්… පාන් ගෙඩියක්, පරාටා 7, 8ක් ගින්නක් නැතුව ගිල්ලහැකි පැහැදිලිවම.

ඒකටම දෙවනි නැති දඹල එක. ෂප්පේ… කිරි රහ වගේම නැවුම් ගතියත් හොඳ හැටි තියෙන්න හදල තියෙන්නෙ. අනික ඒ දඹලත් ටිකක් ළපටි නිසා රස ඩබල් ත්‍රිබල්.

ඔන්න පරිප්පු කරිය නම් තරමක් සාමාන්‍යයි. ඒකත් අර කඩල පරිප්පු නිසා වෙන්න ඕන. හදිස්සියෙවත් මයිසූර් පරිප්පු වුණා නම් පෝර්ක් හොදිත් එක්ක ගජරාමෙට දෙසා බාන්න තිබ්බ. ඔය අතරට බත් එකේ තිබ්බ අපූරු කොල මැල්ලුමකුත්. මගෙ හිතේ කලවම් මැල්ලුමක්. මොකක් වුණත් රස නම් පංකාදුයි. කොළවල නැවුම් ගතිය තරමක් තියෙන්න, පොල් එහෙමත් හොඳ හැටි දාලා පදමට මලවල අරගෙන.

ඇත්තටම ඉතින් බැදපු මාලු කූරියත් හරිම රසයි. හැබැයි ඌව බදින්න කලින් ලුණු ගම්මිරිස් ටිකක දාලා පදම් කරල ගත්ත නම් ඊට වැඩිය රසයි. මාළු කූරිය එහෙම වුණාට චිකන් කරිය නම් එහෙම නෑ. ඒක තිබ්බ ටොප් එකටම. සැර ගතිය ගාණට තියෙන්න, බැදපු තුනපහ, මස්කරි ටිකක් එමෙත් දාලා, ආයෙ ගමේ රහ කියන්නේ…

අන්තිමට කියන්නම්කො පෝර්ක් එක ගැන, තනි වචනයෙන්!

‘සුපිරි’

සුපිරි කියන්නෙ, සුපිරිම සුපිරි. අවංකයෙන් ම කාලෙකට පස්සෙ කාපු හොඳම පෝර්ක් කරියක් යාළු. එකම අවුල තිබ්බෙ තෙල් කෑලි තොගයක් තිබ්බ එක තමයි. ඒ වුණාට ඒ අතර තිබ්බ මස් කෑලිවල රස නම්… හප්පේ, මතක් වෙද්දිත් කටට කෙල උනනව. හිතා ගන්න බෑ මොනව දාලා හදලද කියල. කොහොම වුණත් කුක් නම් වැඩ්ඩෙක්ම තමා. බැදපු තුනපහ, මස්කරි වගේම මිරිස්, ගම්මිරිස් එක්ක තව මොනව මොනව හරිත් දාලා... තෙල් ගතියත් හොඳ හැටි තියෙන්න තමයි පෝර්ක් එක හදල තිබ්බෙ. වැඩේ කියන්නෙ ඒකෙ කිසිම රසක් අඩු වැඩි නෑනෙ. පෝර්ක් රසයි, කරි රසයි දෙකම නූලට බැලන්ස්. වෙලාවට පාන් හරි පරාටා හරි තිබ්බෙ නැත්තෙ. නැත්නම් ඉතින් බත් පැත්තක, දෙන්න දෙසා බායි...!

හැබැයි ඉතින් එදා බැරි වුණාට ආයෙ දවසක යනව අනිවා… යාළුව නැතත් තනියම හරි, පාන් නැත්නම් පිටින් අරගෙන හරි, ඕං!


TIP

The pork curry is the best thing!

Address

7 Chitra Lane, Colombo 5

Directions

From Thimbirigasaya go either past Fife Road (heading east/out) or past Torrington (heading west). Kirula Road is the next big road. Himsara is near the corner.

Report Inaccuracy

Open until 09:00 PM

Cuisine

Sri Lankan

Price Range

Less than 200

Dish Types

Rice And Curry Pork

Ratings Breakdown

Overall Rating
2
Quality Rating
2
Service Rating
2
Ambience Rating
2

Similar Places

See 5 Comments