Artwork for Kingsbury Feb 2017 New

3/5

Horagolla National Park

  • Horagolla, Gampaha District
  • Closed right now


1973 වර්ෂයෙහි සැප්තැම්බර් මස 05වන දින ජාතික උද්‍යානයක් ලෙසින් ප‍්‍රකාශයකට පත් මෙම භූමිය වර්ග කිලෝමීටර් 0.15කට ආසන්න වපසරියකින් යුක්ත වේ.


පිහිටීම

කොළඹ කොටුව ප‍්‍රධාන බස් නැවතුම්පලෙන් පිටත්ව නුවර මාර්ගයෙහි ධාවනය වන ඕනෑම බස් රථයකට ගොඩ වන ඔබ හට කොළඹ සිට කිලෝමීටර් 40කට ආසන්න දුරකින් පිහිටි නිට්ටඹුව නගරය වෙත ගමන් කිරීමට ආසන්න වශයෙන් පැය 2ක පමණ කාලයක් ගත වේ. එලෙස නිට්ටඹුව නගරයට පිවිසෙන ඔබට එතැන් සිට නිට්ටඹුව - වේගයන්ගොඩ මාර්ගයෙහි ධාවනය වන ඕනෑම බස් රථයක (උදා. අංක 185) ආධාරයෙන් පින්නගොල්ල මංසන්ධියට ගමන් කිරීමට සිදුවනු ඇත. පින්නගොල්ල මංසන්ධියෙහි සිට හොරගොල්ල ජාතික උද්‍යාන පිවිසුම තෙක් ඇති කිලෝමීටරයකට ආසන්න දුර ගමන් කිරීමට සිදුවනුයේ පා ගමනෙනි.

එතැනදී ප‍්‍රථමයෙන් ඔබට මුණ ගැසෙනුයේ කොන්කී‍්‍රට් දමා තැනූ උද්‍යාන වැව් තාවුල්ලය. ඉන් එගොඩ තරමක් වනය තුලට වන්නට උද්‍යාන පිවිසුම් දොරටුවත් වනජීවි කාර්යාලයත් කුඩා කෞතුගාරයත් පිහිටා ඇත. තවද විවධ ආබාධයනට ලක්වූ සතුන් රැක බලා ගන්නා ස්ථානයක්ද හොරගොල්ල ජාතික උද්‍යාන පිවිසුමට ආසන්නයේ පිහිටා ඇත. (ප්‍රෙව්ශ පත්‍රය - රු. 50)

ඉතිහාසය

1973 වර්ෂයෙහි සැප්තැම්බර් මස 05වන දින ජාතික උද්‍යානයක් ලෙසින් ප‍්‍රකාශයකට පත් මෙම භූමිය වර්ග කිලෝමීටර් 0.15කට ආසන්න වපසරියකින් යුක්ත වේ. ජාතික උද්‍යානයක් ලෙසින් ප‍්‍රකාශයට පත් වීමට ප්‍රථම එහි හිමිකාරීත්වය දරන්නට වූයේ ලාංකීය ප‍්‍රසිද්ධ දේශපාලනයෙහි නම් ගත් බණ්ඩාරනායක පරපුරයි. කැළෑ පාළුවන්, නිධන් හොරුන්ගෙන් ග‍්‍රහණ ලාංකීය දේශපාලනය තුල මහත්මා ගති පෙන්වමින් තම පෞද්ගලික භූමිය අහිංසක සතුනට පුද කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට එහි ගෞරවයට නොමදව හිමි විය යුතුය.

දේශගුණය

බස්නාහිර පළාතෙහි ගම්පහ දිස්ති‍්‍රක්කයට අයත් හොරගොල්ල ජාතික උද්‍යානය වසරේ මැයි සිට සැප්තැම්බර් දක්වා ඇද හැලෙන නිරිත දිග මෝසම් වර්ෂාවෙන් සහ ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා ඇද හැලෙන අන්තර් මෝසම් වර්ෂාවලින් වලින් නිරන්තරව පෝෂණය ලබනුයේ මුළු මනින්ම පහතරට තෙත් කලාපීය වනාන්තරීය ලක්ෂණයන් තමන් සතු කර ගනිමිනි. තවද, ඉතා කුඩා වපසරියක් තුල විශාල ජෛව විවිධත්වයකින් හෙබි වීමත් පුළුල් තුරු ලතා වර්ගීකරණයකින් හෙබි වීමත් මෙම ජාතික උද්‍යානයෙහි ඇති විශේෂත්වයකි.

ජෛව විවිධත්වය

සුදු තිත් මීමින්නා (ආවේණික), හඳුන් දිවියා, නරියා, දඬු ලේනා ඇතුළු ක්ෂීරපායී සත්ව විශේෂයන්ද

ගිරා මලිත්තා (ආවේණික), අළු ගිරවා (ආවේණික), අළු කෑඳැත්තා (ආවේණික), කළු ඉසැසි කොණ්ඩයා, රන් පිළිහුඩුවා ඇතුළු පක්ෂී විශේෂයන්ද

නයා (Cobra), පිඹුරා (Python) ඇතුළු උරග විශේෂයන්ද

තරමක් දුර්ලභ ඉබි විශේෂයන් ඇතුළු උභය ජීවි වීශේෂයන්ද

Clipper (ආවේණික), Ceylon Bird wing, Blue Mormon ඇතුළු සමනළ විශේෂයන්ද හොරගොල්ල ජාතික උද්‍යානය තුල ජීවත් වන අතර

කැකුණ, අං කෙන්ද, ඇටඹ, මූණ මල්, ඇත් දෙමට, මිල්ල, හොර, ගොඩ පර, දිය පර, වේ වැල්, පුස් වැල් වැනි නොයෙක් විද තුරු ලතා වන්ගේද රජ දහනකි.

 

TIP

කරුණාකර නොදිරන ද්‍රව්‍යයන් උද්‍යාන භූමිය තුල දැමීමෙන් වළකින්න.

Address

Horagolla, Gampaha District

Directions

Turn in to Veyangoda road from Nittambuwa Junction and go to Pinnagolla Junction. Then Turn in to Pinnagolla road and keep going about half a Km.

Report Issue

Closed right now

Ratings Breakdown

Overall Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comments