Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - also a dummy
Artwork for Coffee post sidebar 1

3/5

Hotel New Amirthaa

115, Galle Road, Colombo 04


A YAMU office favourite, Amirthaa in Bamba does a mean Ghee dosa. It also serves Bonda, Jelebi and fresh milk with a dash of tea.



උදෙන්ම හා කියපු නිසා හැන්දෑවට පොල්ල තියන එක හරි නෑනෙ. ඒ නිසාම ඔන්න 3ට විතර එළියට බැස්ස දේශානි එක්ක චෙක් එකක් අරගෙන එන්න යන්න කියල. ඒ ගිහින් පුල් රස්තියාදු පාර ගහල දන්නැද්ද ඉතින්, ආයෙ ඔෆිස් එකට කිට්ටු කරද්දි හැන්දෑවෙ 5ටත් කිට්ටුයි.

හපොයි! චෙක් කලෙක්ෂන් වැඩේ හරි ගියාට, දේශානිගෙ බඩගිනියාව හරි ගිහින් නෑ කියන්නකො. ඔන්න ඒ පාර දැන් දවල්ට කෑවෙත් නෑ කිය කිය මළ ඇඬියාව. ඒ මදිවට දෙන්නගෙන් එක්කෙනෙක් ළඟවත් සල්ලිත් නෑ.

කරන්න දෙයක් නැතිම තැන තමයි කතාබහ කරල, කාඩ්වල තිබ්බ අන්තිම ටිකට වැඩේ දෙන්න හිත හදාගත්තෙ. ඔන්න දැන් එයාගෙ 300යි මගේ 400යි, ඔක්කොම 700යි. ඒත් දැන් කෝ රු. 700ට කන්න කඩයක්?

කල්පනා කර කර ගාලු පාර දිගේ ඉස්සරහට යනව.

ඒ යන අතරෙ, වෙලාව කියන්නෙ යාළු පෙර පිනකට වගේ මෙන්න තියෙනව තෝසෙ කඩයක්.

“හ්ම්ම්… පිලාවුස් එකත් පහු වුණා… ටිකක් දැකලත් පුරුදුයි වගේ. කෝ බලන්න” අඩියක් දෙකක් පස්සට ගිහින් බැලුව. හප්පට බොල මේ අමිර්තා එකනෙ. අඩු ගාණට කන්න බම්බ කිට්ටුව තියෙන කියාපු තැනක්.

“ඒ.. හරිනෙ, මෙන්න තියෙනව ප්ලේස් එක. අනං මනං ඤං ඤුං ගාන්න බෑ, තෝසෙ කඩයක්, හැබැයි කෑම රසයි, ඒ නිසා යමං ඇතුළට” දේශානිව බලෙන් වගේ තමයි ඇතුළට දාගත්තෙ. ඇයි ඉතින් කොත්තු, රයිස් වලින් හැරුණාම මෙයාලට වෙන ලෝකයක් නෑනෙ.

ගොඩ වුණු ගැම්මටම දෙන්න ගිහින් වාඩි වුණේ අයිනට වෙන්න තිබුණ මේසෙක. වාඩිවෙලා කන්නෙ මොනවද කියල බෝඩ් එකෙන් බලබල කල්පනා කළා. ඒ අතරට ඔන්න වේටර් අයිය කෙනෙකුත් මේසෙ ළඟට ඇවිල්ල.

“හ්ම්ම්… මට ගේන්නකො ස්පෙෂල් මසාලා තෝසෙ එකක් (රු. 180), උළුඳු වඩෙත් ඕන” මම ඕඩරේ දැම්ම.

ඊට පස්සෙ බලන්න එපැයි දේශානි සිරික්කිය, “මට… අල පරාටා (රු. 170)ගේන්න...”. ඒක දැක්ක විතරයි අයිය නිකම් සොනික් වගේ ගියේ.

ඒ ගිය ගැම්මටම ආයෙත් ආවා. ඇවිත් මේසෙ පිහිදල පිඟන් කෝප්ප තියල, සම්බල්, හොදි බෙදල, වඩේ ජාති ගෙනැල්ල… මාර සර්විස් එක ආ…” ඒ විතරක් නෙවෙයි විනාඩි 10ක් ගියේ නෑ අල පරාටා, මසාලා තෝසෙ, ටී එක පවා මේසෙ උඩ.

“මම මේ කල්පනා කලේ කෙල්ලෙක් හිනාවට කරන්න පුළුවන් දේවල් ඇ… හනේ හනිච්චං!”

ඒවයින් වැඩක් නෑ යාළු, අහගන්නකො! මෙයාලගෙ මසාලා තෝසෙ එක නම් අවංකයෙන්ම ටොප්. මොකද ඒකෙ ඔක්කෝටමත් වැඩි සැර ගතිය හොඳ හැටි තියෙනවනෙ. මැද්දට දාපු අල, ලීක්ස්, කැරට්, ලූණු තෙල් දැමුම තමයි හොඳටම තියෙන්නෙ. තෝසෙ එකට දාන ගී ටිකක් අඩු වුණා නම් තවත් හොඳයි. මොකද එතකොට ඇඟට හොඳයිනෙ. විශේෂයෙන්ම කියන්න ඕන තෝසෙ එකට බෙදෙන සාම්බාරු හොද්දෙ රස ගැලපෙන්නෙ මිරිස් හොදි ටිකකුත් කලවම් වුණාම. එතකොට හැදෙන සැර ගතියයි වට්ටක්කා, මුරුංගා, සෝයා වගේ ඒවයෙ තියෙන රසයි එක්ක මසාලා තෝසෙ ටොප් එකට නැගල යනව. හැබැයි මෙයාලගෙ සම්බල්වල රස නම් ටිකක් මදි වගේ. මට දැනුනෙම වතුර ගතිය වැඩියි කියල තමයි. උණුඋණු උළුඳු වඩේ කන්න හොඳ සැර ඝන සම්බල් එකක් නැත්නම් ඉතින් මොකටද නේ...

කොහොම වුණත් දේශානිගෙ අල පරාටා දෙකත් හොඳ හැටි නැගල ගියපු පාටක් තිබුණෙ. මුලින් කාපු පරාටා එක නම් ටිකක් කරවෙලා කිය කිය හිටියෙ. ඒත් ඊළඟ එක කද්දි නම් ඔලුව ඉස්සුවෙම නෑ. මගෙ හිතේ මම මිරිස් හොදි කලවම හදා ගනිද්දි එයත් චුට්ටක් දාගත්තද කොහෙද. පරාටා එකත් නැගල ගියේ එකෙන් වෙන්න ඕන.

ඉස්මුරුත්තාව එන්නම කෑවට මොකද මෙයාලගෙ ටී එකක් (රු. 40)ගහන්නත් අපි අමතක කළේ නෑ. වැඩි හරියක්ම දේශානිගෙ ඉල්ලීම පිට, ෆ්‍රෙෂ් මිල්ක් දාලා රස පදමට කහට ටිකත් දාලා ස්ට්‍රෝන්ග් ටී එකක් ඕඩර් කළා. ඒකත් උණුඋණුවෙන් නිසා දිවේ තියෙන ලා සැර ගතියත් එක්ක මාර ගැම්මක් එන්නෙ.

නැගිට ගන්න බැරි වෙන්නම කාලා දෙන්න බිල ගෙව්වෙත් විනාඩි 10ක් විතර ඉඳල. ඇයි අප්පේ… පඩි පෙලෙන් බැහැ ගන්න බැරි ගානයි. හැරත් දේශානි කාපු කෑම හිතා ගන්න, අන්තිමට මීටර 200ක් වීල් එකක යමු කිව්වනෙ. අනේ මන්දා ඉතින්!

Address

115, Galle Road, Colombo 04

Directions

It's on Galle Road, land side, right after you pass the Vajira Road turn-off and the Kovil.

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment