Artwork for Sampath - Top
Artwork for Kingsbury Pizza

4/5

Hotel New Amirthaa

115, Galle Road, Colombo 04


A YAMU office favourite, Amirthaa in Bamba does a mean Ghee dosa. It also serves Bonda, Jelebi and fresh milk with a dash of tea.



ගාලු පාරේ වැල්ලවත්ත නගරයේ සිට බම්බලපිටිය දෙසට ගමන් කරන විට වජිර පාරට පිවිසීම සඳහා වම්පැත්තට හැරෙන තැනට ඉතාම ළංව නව අමිර්තා අවන්හල පිහිටා ඇත. "යමු" කාර්යාලයට නුදුරින් පිහිටීම නිසා අප කාර්ය මණ්ඩලය අතර ප්‍රචලිත මෙම අවන්හල මුළුමනින්ම නිර්මාංශ (Pure Veg) වන මෙහි පුළුල් වර්ගීකරණයකින් යුත් නිර්මාංශ ආහාර රැසක් පාරිභෝගිකයිනට භුක්ති විඳීමට ඉඩ සලසා ඇත.

අභ්‍යන්තරය ඉතා පිරිසිදුව පවත්වාගෙන යන මෙහි පාරිභෝගිකයන් 40 දෙනෙකුට අධික පිරිසකට එකවර හිඳ ආහාර භුක්ති විඳීමට හැකිවන අයුරින් ඉහත මාලයක් සහ පහත මාලයක් වෙන වෙනම සකසා ඇත. විදුලි පංකා මගින් වායු සමනය කර ඇති මෙම අවන්හල තුලට පිවිසෙන ඕනෑම පාරිභෝගිකයකුට සුහදශීලි හා වේගවත් සේවාවක් සැපයීමට ද එහි කාර්ය මණ්ඩලය ඇප කැප වී සිටිති.

හුදෙක් ඉන්දීය ආහාර වට්ටෝරුවක් වන තෝසේ, මසාලා තෝසේ, පේපර් තෝසේ, ගිතෙල් තෝසේ (Ghee Dosa), උළුඳු වඩේ, මසාලා වඩේ, පරිප්පු වඩේ, ඉටිලි, පිට්ටු, ඉඳි ආප්ප, අල බොන්ඩා සහ ඊටම අනුගත ඉන්දියානු ක‍්‍රමයට සැකසූ සම්බෝල වර්ග, සාම්බාරු ඇතුළු හොදි වර්ග, රසම් සහ මෝරු මෙම අවන්හල තුලදී භුක්ති විදීමට ඉඩ ප්‍රස්ථාව ලැබේ. ඒ හැරුණු විට ලාංකීය සහ මිශ‍්‍ර ආහාර වට්ටෝරුවලට අයත් බත් සහ ව්‍යංජන, ෆ්‍රයිඩ් රයිස්, බුරියානි, පාස්ටා සහ නූඩ්ල්ස් වැනි ආහාර ද, අතුරුපස ලෙසින් 'බොම්බේ ස්වීට්' නමින් ප‍්‍රසිද්ධ බූන්දි, පැණි වළලු, ලඩ්ඩු, කිරිටොපි ඇතුළු විවිධ රස කැවිලි ද රිසි සේ තෝරා ගැනීමට සහ භුක්ති විදීමට ද අමිර්තා අවන්හල කදිම ස්ථානයකි. මීට අමතරව පළතුරු සළාද, වටලප්පන් සහ යෝගට් වැනි ලාංකිකයිනට සුපුරුදු අතුරුපස වර්ග ද, පානයන් ලෙස තේ සහ කිරි වර්ග ද මෙම අවන්හලෙහි මෙනුවට අඩංගු කොට ඇත.

දිවා ආහාර ලෙසින් මා තෝරාගත්තේ තෝසේ, ගී තෝසේ සහ උළුදු වඩේ ය. අතුරුපසට ජෙලේබි පැණි වළලුත්, බීමට කිරි තේ වීදුරුවකුත් මා ඇණවුමට එක් කළෙමි. මේ සියල්ල රු. 350 ක් වැනි මුදලකට ලැබීම මා තෘප්තිමත් කිරීමට සමත් විය.

උණු උණුවේ ලැබුණු තෝසේ සහ උළුඳු වඩේ ඊට කදිමව ගැලපෙන සම්බෝලය සහ සාම්බාරු හොද්ද සමඟ ගිල දැමූ මා මග බලා සිටියේ ඇණවුම් කළ ගී තෝසේ මේසයට එනතුරුය. ආහාර රුචිය වඩවන සුවඳකින් යුතු වූ එය උණු උණුවේ දුම් දමමින් මාගේ පිඟානට වැටුනු සැණෙකින්ම කොටසක් කඩා ගිල දැමුවේ එහි සුවඳ ඉක්මවා ගිය ප‍්‍රණීත රසය විඳීමට තිබූ ආශාව නිසාවෙනි. සම්බෝල සහ මිරිස් හොදි සමඟ මාගේ කුස පිරවූ තෝසය උණු උණුවේ මා හට ලැබුණු කිරි තේ වීදුරුවත් සමඟ මා කුස තුලට ඇදී ගියේ කිසිම අවසරයකින් තොරවය.

කෙසේනමුත් අතුරුපස ලෙසින් මා ඇණවුම් කළ ජෙලේබි පැණි වළලු මා මීට පෙර රස බලා තිබූ සුපුරුදු පැණි වළලු තරම්ම ප‍්‍රණීත රසයකින් යුක්ත නොවීම තරමක් දුරට කණගාටුවට කරුණක් විය. මේවා පැණිරස ගතියෙන් අධික වුවද, සුළු ඇඹුල් රසකින්ද යුක්ත විය.

සුහදශීලී සේවාවකින් සහ ප‍්‍රණීත, නිර්මාංශ ආහාර වට්ටෝරුවක් ඇණවුම් කළ සැනින්ම ලබාදෙමින් පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා ඉටුකරන බම්බලපිටියේ අමිර්තා අවන්හල දිවා හෝ රාතී‍්‍ර ආහාර වේලක් රිසි සේ භුක්ති විඳීමට කදිම ස්ථානයක් බව නොඅනුමානය.

Artwork for Sampath Content Sep generic

Address

115, Galle Road, Colombo 04

Directions

It's on Galle Road, land side, right after you pass the Vajira Road turn-off and the Kovil.

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment