Artwork for Playtrix Top banner 1 - boxing match only
Artwork for Coke with food - top banner 1
Artwork for TEMP_sidebar Artwork for Excel restaurants sidebar banner 2

5/5

Hotel Suvai

182, Main Street, Battaramulla


Hotel Suvai is a gem of a restaurant in Battaramulla. It's everything to choose if you're looking for affordable, and delicious filling Indian food. Their dosas are the stuff of legend!



“මෙහ්, වරෙන් වරෙන්  බං. දවල්ට කාලත් නෑ බං.

පට්ට බඩගිනියි යකෝ..”

“අඩේ, උඹ නම්…

ඇයි බං හොඳට කාලා ඉන්න දවස්වලට ම කන්න දාගන්නෙ. මේවා බලු වැඩ යකෝ. දැන් ආවට කාගන්නත් බෑනෙ”

“ඉතිං මං දන්නවද යකෝ උඹ කාලා කියල. මම මේ දවසම බඩගින්නෙ ඉඳගෙන..”

“හරි හරි ඒනං උඹ යමංකො කඩේට. මම එන්නං බයික් එකේ.”

ඇයි වදේ, කතාකළේ නැත්නම් නහයෙන් අඬනව තනියම කනව කියල. කතාකරන වෙලාවට මෙතන බයිලා ගහන්න එනව. කරන්න පුළුවන්ද කියන්නකො යාළු ඔහොම. ඊටත්, මමත් යකෙක් කන්න බඩගින්නෙ හිටියෙ. දවල් තිස්සෙ වැඩවලට හිරවෙලා හිරවෙලා…

අප්පේ! තෝසෙ කඩේ දැක්ක විතරයි..

‘අළුත් ලයින් එකක් වගේ..’ කල්පනා කරපු මම හෙමින් සැරේ ගොඩ වුණා පඩියෙන් පඩිය ඇතුළට.

‘ම්.. කට්ටියත් නෑ වගේ. කඩේ අවුල්ද දන්නෑ’ වටපිට විමසිල්ලක් දානවද.. කියල හිතුව විතරයි, මෙන්න..

“ගුඩ් ආෆ්ටර්නූන් සර්. වාඩි වෙන්න. මොනාද කන්නේ..” නුපුරුදු සිංහල පාරක් දාගෙන සුදු අක්ක කෙනෙක් මගේ ඉස්සරහ.

ඒකත්, කරුමෙට අපේ එකත් ආවනෙ ඒ වෙද්දි ම ඇතුළට.

“ආ.. වාඩිවෙයන් වාඩිවෙයන්. මං මේ උඹ එනකම් හිටියෙ ඕඩර් කරන්න”

“ඕ ඕ, මම දැක්ක උඹ, මං එනකම් මෙතන…

යකෝ, තෝ නං කාලා යයි. ඒත් අපි මේ හංදියෙ ඉන්න ඕන.”

“අනේ මේ, මගුලක් කතා කරන්නැතුව මෙනුව බලපිය. මම ගන්නව මෂ්රූම් තෝසෙ එකකුයි (රු. 230) පූරියි (රු. 180)”

“එහෙමද, ඒනං…

මං ගන්නවා, චීස් තෝසෙ එකක් (රු. 340).”

“හරි එළ”

කියල, ඔන්න යාළුවට ම දුන්න අක්කට ඕඩරේ කියන්න. නැත්නම් හෙන කතන්දරනෙ අප්පා.

කොහොම හරි ඕරේ දාල අපිට ටික වෙලාවක් ඉන්න වුණා වැඩේ පටන්ගන්න. එහෙමයි කියල අපි ඒ ටිකෙත් නිකම් හිටිය නෑ. ඇල්ලුව වඩේ පාරක්.

ෂැහ්! කිව්වට විශ්වාස කරන්න යාළු උණු උණුවෙන් නොවුණට සුප්ප වඩේ එක ඈ. ඊටත් ඒ සම්බල් එකයි, සාම්බාරුවයි.. පංකාදුයි. මගෙ හිතේ වඩේ එකට හොඳ හැටි උළුඳු එහෙම දාලා. සාම්බාරු එකෙත් වට්ටක්කා, වම්බටු, මුරුංගා, බෝංචි, පරිප්පු එක්ක අඩු නැතුව මසාලා, තුනපහ ටික. වැඩේ කියන්නෙ, සාම්බාරු එකෙන් ආවනෙ ඔරිජිනල් ඉන්දියන් රසක්. ඊට පස්සෙ තමයි… අපි දෙන්නට අනිත් කෑම ටික එනකම් ඉවසිල්ලක් නැති වුණේ.

ඉවසිල්ලක් නෑය කියල මැරෙන්නයැ ඉතින්. ඉවසල හිටිය විනාඩි 5ක් 10ක්.

‘ඔන්න එනෝ…’

දෙන්න හරි බරි ගැහිලා ලෑස්ති වුණේ උණු උණු තෝසෙ ටිකට. කොච්චර වුණත් අපේ තියෙනවනෙ බෙදාගෙන කෑමේ පුරුද්දක්. ඉතින් පළවෙනි කට කන්න කලින්ම මෂ්රූම් බාගයක් යාළුවට, චීස් තෝසෙ බාගයක් මට.

ආයෙ ඉතින් එච්චරයි!

මෂ්රූම් එකේ රස කියන්නෙ යාළු… පිස්සු හැදිලා ආයෙත් හැදෙනව. සත්තයි, පළවෙනි වතාවට කෑවෙ එච්චර රස මෂ්රූම් තෝසෙ එකක්. මොනවදෝ ඉන්ඩියන් කුළුබඩු ටිකක් එක්ක පදමෙ හදපු හතු තෙල් දැමුමක් මැද්දට දාලා… හම්මේ. අනික තෝසෙ එකත් හදල තියෙන්නෙ බටර් එහෙම දාලද කොහෙද, මාරම රසක් තියෙන්නෙ. කොටින් ම කියතොත් ඇඬුණ ඈ, ඇඬුණ. වැඩිය ඕන නෑ, තවමත් හිතාගන්න බෑ ඒකෙ රස. මතක් වෙන මතක් වෙන වාරයක් පාසා.. දැනුත් කටට කෙල උනනව කියන්නකො.

අර, ඒකට දෙවනි නැති චීස් තෝසෙ එක. හපෙ හප්පෝ.. මම ඒත් බැලුව ක්‍රාෆ්ට් චීස් වත්ද දාල තියෙන්නෙ කියල. ඒ තරම් කොලිටියි. ඊටත් ඒවා හීනියට ලියල තොගයක්ම මැද්දට දාලත් එක්කනෙ. තෝසෙ එකේ රස්නෙට චීස් ළාවට මෙළෙක් වෙලා… සුවඳට තොල කට ලෙවකැවෙනව. හිතන්නකො ඉතින්, එච්චර රස තෝසෙ කෑල්ලක්, සුප්ප සාම්බාරු හොද්දක් එක්ක ගැළපිලා කටට රහට හැපෙන කොට… නේ!

තෝසෙ රසට සියල්ල අමතක වෙලා තියෙද්දි, ආපි කියන්නකො පූරි දෙකකුත් මේසෙ උඩට. කිරි අප්පට බල්ලො බුරපි, දැන් කාපන්කො පූරි. හැබැයි ඒ සුවඳට නම්, බෑ කියන්නත් බැරි ගානයි.

“සුදු, කරන්න දෙයක් නෑ. උඹ කාපන් එකක්. ආ..” යාළුවට පූරියක් දාලා ඔන්න මම පටන් ගත්ත අනිත් එකට වැඩේ දෙන්න.

ඇයි, ඇයි බං ඒම. ඇයි මේ වගේ කඩවල් මෙච්චර කල් අපෙන් ඈත් වෙලා තිබ්බෙ.

කිව්වට විශ්වාස කරන්න යාළු, ඉන්දියන් කුළුබඩුවලින් එන ලා සැර ගතියක් එක්ක උණු උණු සාම්බාරු හොද්දෙ, හොඳ හැටි දැවටිලා රස වෙච්ච ඒ පූරි එක! ෂැහ්… කුකා නම්, සම්මානයට පාත්‍ර වෙන්න ඕන ඩයල් එකක් හොඳේ.

එහෙම කාලා අන්තිම බීපු මසාලා ටී එක (රු. 70)...

ඒක ගැන මෙහෙම කියන්නම්.

කෑම කාලා ඉවර වෙලා බිල ගෙවන්න යද්දි මම අක්කගෙන් ඇහුවනෙ කවුද උයන්නෙ කියල.

“ඉන්දියන් කුක් කෙනෙක් තමා මල්ලි. මගෙ හස්බන් ඇවිල්ල, එයත් ඉන්දියන්නෙ. අපේ තව එකක් තියෙනව ඉන්දියාවල.”

මම මුකුත් කියන්න ඕන නෑනෙ තව!


TIP

Try Any Dosa

Have you visited this place?

Write your own review!
See 1 Comment