Underground Floor, House of Fashions, Borella
Open until 10:00 PM
ෆුඩ් කෝට් එකටම කඩවල් දෙකයි. ඒකෙනුත් එකක මැගී නූඩ්ල්සුයි නෙස්කැෆේ, මයිලෝයි විතරයි. අනිකෙ ෆෘට් ජූස්.
අච්චරයි තිබුණෙ මෙච්චරයි තිබුණෙ කියල කෙටියෙන් කියල ඉවර කරන්න පුළුවන්; ඒත් ගතියක් තියෙන්නෙ කතාව රස කරල කිව්වොත්නෙ. අන්න ඒ නිසයි හවුස් ඔෆ් ෆැෂන්ස්, ෂොපින් කතාව මේ විදියට කියන්න හිතුවෙ.
ඩෙනිම ඉරිලා සති දෙකකුත් ගිහින් තිබුණට මොකද ඔන්න ගිය සතියෙ තමයි බැංකු කාර්ඩ්, සිසනල් ඔෆර්ස් කොලේ ගෙදරට ආවෙ. උඩ ඉඳන් පහළට බැලුවත් පහළ ඉඳන් උඩට බැලුවත් මේකෙ තියන කඩවල්වලින් නම් ඩිස්කවුන්ට් දාලවත් ඇඳුම් ගන්න බැරි පාටයි. වෙලාවට දවස් දෙක තුනකට කලින් ෆෝන් එකට ආපු මැසේජ් එකක් ගැන මගෙ මීටරේ තිබුණෙ. ‘හවුස් ඔෆ් ෆැෂන්ස්’; ඉස්සර බම්බ තියෙද්දි නම් සුපිරි ප්ලේස් එක; ඒත් අලුතෙන් බොරැල්ලෙ දැම්මට පස්සෙ එච්චරටම ගතියක් නෑ. කොහොම වුණත් මම ගිහින් තියෙන්නෙ දෙතුන් පාරයි නිසා ආයෙත් යන්න උවමනාවක් තිබුණා.
අන්න ඒ නිසාමයි දහසක් වැඩ රාජකාරි මැද්දෙ පොඩි ඉඩක් හදාගෙන පහුගිය ඉරිදා හවුස් ඔෆ් ෆැෂන්ස් එක පැත්තට ගියේ. ඒත් සෙනඟ පිරිලා ඉතිරිලා ගියපු හවුස් ඔෆ් ෆැෂන්ස්එක දැක්කාම මට හිතුණෙ, ‘මොන ෂොපින්ග්ද?’ කියල. හිත හදාගෙන ඇතුළට ගියාට මොකද පැය ගාණක් එහාට මෙහාට ඇවිදලත් හිතට අල්ලන ඩෙනිමක් හොයා ගන්න බැරි වුණා. ඒ මදිවට හිතේ වේදනාවත් එක්ක තඩි බඩගින්නකුත් ඇවිල්ලා.ඩෙනිම් ගැනිල්ල පැත්තකින් තියපු මම අඩියෙට දෙකට ගොඩ වුණේ හවුස් ඔෆ් ෆැෂන්ස් එකේ පල්ලෙහා තට්ටුවෙ තියෙන ෆුඩ් කෝට් එකට.
හුටා… මේ මොකක්ද බොලේ මේ? ෆුඩ් කෝට් එකටම කඩවල් දෙකයි. ඒකෙනුත් එකක මැගී නූඩ්ල්සුයි නෙස්කැෆේ, මයිලෝයි විතරයි. අනිකෙ ෆෘට් ජූස්. මදැයි දවල්ට කන්න ආවා. ලොකු හුස්මක් අරන් පහළට දාපු මම බඩගින්නෙ මැරනේන බැරි නිසා සහන් ඇග්රො ඕර්ගනික්ස් එකට ගිහින් ෆෘට් ජූස් එකක් බොන්න කල්පනා කළා. වෙලාවෙ හැටියට ඇවකාඩෝ එකක් හොඳ නිසා කීය වුණත් කමක් නෑ කියල තමයි කැෂියර් නංගිගෙන් ඇවකාඩෝ එකක් ඉල්ලුවෙ.
“සොරි සර්, ඇවකාඩෝ නම් ඉවරයි”
“ආ.. එහෙමද, එහෙනම් දෙන්නකො අඹ එකක්”
“සොරි, අඹත් ඉවරයිනෙ”
‘හෑ… මේක යකාගෙ කඩයක්නෙ’ හිතින් හිතපු මම
“කමක් නෑ දෙන්නකො ලයිම් එකක්” කොයි කඩෙත් තියෙන එකම ජූස් එක නිසයි ලයිම් එකක් ඉල්ලුවෙ.
“ම්… ලයිමුත් නෑ..නේ”
‘මොකක්! ලෑලි තියෙනවද?’ කියල අහන්නත් හදල කට වහගත්තු මම කේන්තිය හංගගෙන, “මොනවද තියෙන්නෙ” කියල ඇහුවා. ඔන්න එතකොට තමයි කිව්වෙ දිවුල් ජූසුයි, කොමඩුයි විතරයි තියෙන්නෙ කියල. අසූහාරදාහට නැගල ඉඳපු නිසා කේන්තිය යනකම්ම ජූස් බොනව කියල හිතපු මම දිවුල් ජූස් එකකුයි(රු. 200) කොමඩු ජූස් එකකුයි(රු. 150) දෙකක්ම ඕඩර් කලා.
කොහොම හරි ජූස් දෙක මගේ අතට එන්න විනාඩි 5ක් වත් යන්න නැතුව ඇති. අනේ ළා දුඹුරු පාට දිවුල් ජූස් එක දකිද්දිම මට ඇතිවුණේ පුදුම හැඟීමක්. පටස් ගාලා එක උගුරක් බීලා බැලුවා. මම හිතුවා හරි, අමුම අමු දිවුල් ගැට ටිකකින් තමයි ජූස් එක හදල තියෙන්නෙ. ඒ මදිවට ඇඹුල් ගතිය යන්න අම්බානක සීනි දාලා. කූල් එකත් හොඳටම වැඩියි.
එතකොට කොමඩු ජූස් එකෙත් ලොකු රසක් නෑ. වතුර ගතියත් පොඩ්ඩක් විතර වැඩියි වගේ.
මදැයි ජූස් වලින් බඩ පුරවගන්න හිතුවා. බඩගින්න එහෙම පිටින්ම කොට උඩ ගියපු හිතේ අමාරුවට මම කෙළින්ම ගිහින් ගොඩ වුණේ ජූස් කඩේට අල්ලල තිබුණු ඒ. එස්. බී. ෆුඩ් එකට. ගොඩ වෙලා ඉල්ලුව මැගී එකක්. ඔන්න ඒ වෙලාවෙ තමයි මම දැන ගත්තෙ රටේ ආර්ථික තත්වෙ. මැගී පැකට් එකක් රු. 55යි. හදල කෝප්පෙකට දාලා දුන්නාම රු. 100යි. ඒකත් කමක් නෑ හොඳ රහට තියෙනව නම්. උණු උණුවෙ නිසා කෑවා මිසක් නැත්නම් තනිකරම දියාරුයි. හොද්ද හරියට හිඳිලාවත් නෑ.
අනේ මන්දා, මිනිස්සුන්ට කරදර වෙන්න ඕන තමයි ඒත් මෙහෙම?. ඔයාලටත් මේවා හොඳ පාඩම්. ඔන්න සීසන් එකේ ෂොපින්ග් යනව නම් අඩුම තරමෙ එක වේලක් හරි ගෙදරින් කාලා යන්න මතක තියා ගන්න, හරිද.
Address
Underground Floor, House of Fashions, Borella
Directions
Next to Borella cemetery
Contacts
Report Inaccuracy
Open until 10:00 PM
Cuisine
Price Range
Dish Types
Ratings Breakdown
Delete Comment
හසිත
ඊලග පාර කන්න ඕනේ නම් කෑම කඩේකට යන්න ඇදුම් කඩේකට යන්නේ නැතුව
saman
Boru hilak