Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

4/5

Indian Affair

Colombo 05


A ghost kitchen that does some super authentic Indian food.



Indian Affair කියන්නේ ඉන්දියන් කෑමවලට ම වෙන් වුණු ගෝස්ට් කිචන් එකක්.

එතකොට ගෝස්ට් කිචන් කෑම හදන්නේ හොල්මන් ද?

එහෙම එකක් නෑ! ගෝස්ට් කිචන් කියන්නේ රෙස්ටෝරන්ට් එකක් නැතිව, කිචන් එකක් විතරක් මේන්ටේන් කරගෙන කෑම බිස්නස් එකක් ගෙනියන එක. එයාලා තමන්ගේ කෑම බීම බෙදාහරින්නේ ඩිලිවරි සහ ටේක්අවේවලින් විතරයි. ඩයින්-ඉන් නැහැ. 

ඉතින් මේ කියන ගෝස්ට් කිචන් එකේ බ්‍රාන්ච්ස් දෙකක්  තියෙනවා. එකක් තිඹිරිගස්යායේ. අනිත් එක ගල්කිස්සේ. කැමති අයට PickMe Food එකෙන් ඕඩර් කරන්න පුළුවන්. නැත්තන්, ඕඩර් එකක් දාලා ඔය බ්‍රාන්ච් දෙකෙන් එකකට ගිහිල්ල කලෙක්ට් කරගන්න පුළුවන්. ඕඩර් කරන්න ඕනේ මෙන්න මේ ෆෝන් නම්බර් එකට - 0740204160, WhatsApp මැසේජ් එකක් දාලා. 

Indian Affair එකේ විශේෂත්වය තමයි ඔරිජිනල් ඉන්දියන් රසට ම කෑම හදන එක. අපි ඕඩර් කරපු දේවල්වලත් ඒ කොලිටිය උපරිමේට ම තිබුණා.

කෑම

මේ කට්ටිය ළඟ බීම නැහැ. කෑම වර්ග විතරයි. බිරියානි, චිකන්, මට්න්, වෙජි කරි වර්ග වගේ ම රොටි එහෙමත් තියෙනවා. 

මේ Nizam Beef Biriyani (රු. 1200) එක මරු. නියම මසාලා රහක් එන විදියට කුළුබඩු යහමින් එක්කාසු කරලා. ඒ නිසා බතත් රසයි, බීෆ් ටිකත් රසයි. වරුවක් තිස්සේ ම බීෆ් එක උයලා තියෙන නිසා මස් කෑලි ටික මාර ම සොෆ්ට්. අනික කුළුබඩු ටිකත් සේරම හොඳින් උරාගෙන. අරහෙන් මෙහෙන් අහුවෙන බැදපු ලූණු කෑල්ලක් එහෙම සෙට් වෙද්දී තවත් ෂෝක්. 

මේකේ රයිතා එක අපට එච්චර ඇල්ලුවේ නැහැ. මොකද ගොඩක් වතුර ගතියයි ඒක.

අම්මටසිරි! මේ Ambot Tik Chicken (රු, 1150) එක නම් ඉන්දියන්, ශ්‍රී ලංකන් දෙකට ම ගැලපෙන විදියේ ටේස්ට් එකක්. තදට එන ඇඹුල් රහක් එක්ක එන බොහොම දරුණු ගනයේ ස්පයිසි කික් එකකුයි, ඊට යටින් ලාවට වගේ එන සූදුරු රසකුයි තමයි මේකේ තිබුණේ. අනික බලන්නකෝ හොද්දේ තියෙන පංකාදු රතු පාට. දැක්ක ම ආසාවේ බෑ. කටට සැරට කන්න ආස අයට හොඳට සෙට් වෙන එකක් මේක.

මෙයාලගේ එක නාන් පෝෂන් එකක නාන් 5ක් තියෙනවා. අපි ගත්තේ Garlic Naan (රු. 500) පැක් එක. ඒක නම් රෙඩිමේඩ් වගේ. අපට ඇත්තට ම හිතුණේ ඔය සුපර්මාර්කට් එකේ තියෙන ෆ්‍රෝසන් නාන් අරගෙන රත් කරලා දීලා වගේ කියලා. එහෙම නැතුව තන්දූර් එකකින් හදපු ගතියක් නම් අපට තේරුණේ නැහැ. යන්තමට එන සුදු ලූණු සුවඳක් තිබුණත් ඒවායේ රසක් නම් අපට නොදැනුණ තරම්.

අවසාන වශයෙන්

ඇත්ත ම කිව්වොත්, අපි කාලා තියෙන හොඳ ම ඉන්දියන් ෆුඩ් ටිකක් තමයි මේ. පොඩි අඩුපාඩු එකක් දෙකක් තිබුණට මොකද ඔරිජිනල් රසවල් ඒ විදියට ම දෙන්න ඒගොල්ලෝ සමත් වෙලා තියෙනවනේ. 


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment