Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2

4/5

Indian Chaat Corner

No. 03, 32nd Lane, Wellawatta


Indian Chaat Corner is a tiny barely-noticeable restaurant that specializes in Indian street food. The chaat is still pretty good, and they've got a nicer interior now.



ළාවට වැහි පොදක් වැටෙන අහස අඳුරු දවසක අපි ඉන්දියන් චාට් කෝනර් එකට පය තිබ්බා. හවස් කාලෙට පොඩි බඩගින්නක් දැනෙනකොට භාග්‍ය හරි දිනේෂ් හරි චාටර් කෝනර් එක පැත්තට දුවලා ගිහින් මොන මොනවාහරි අරගෙන එන්නේ අපේ YAMU කට්ටිය එතැන හදන කෑම වලට පුදුමාකාර ආසාවක් දක්වන නිසයි.

ඉන්දියන් චාට් කෝනර් බම්බලපිටිය හේග් පාරේ අන්තිමට වෙන්න තියෙන පුංචි පවුලේ ව්‍යාපාරයක්. ලොකු ඉඩකඩක් නැතිවුණත් වායුසමීකරණය කරලා තියෙන මෙතැන පොඩි නඩයකට පහසුවෙන් වාඩිවෙන්න පුළුවන්.

නමින් කියවෙන විදියටම ඉන්දියන් චාට් කෝනර් ඉන්දියාවේ වීථි වල ප්‍රසිද්ධ ක්ෂණික කෑමක් වන චාට් වලට ප්‍රසිද්ධයි. චාට් කෝනර් එකේ මුළුතැන්ගෙයත් ළඟ තියෙන සුදු පැහැති පුවරුවේ අපට ඇණවුම් කරන්න පුළුවන් කෑම ගොඩක නම් ලියවිලා තියෙනවා. චාට්, පූරි, පකෝඩා, පරාටා, සමෝසා වගේම ෆලූඩා, ලැසී වගේ බිම වර්ග කිහිපයකුත් මේ ලැයිස්තුවට අඩංගු වෙනවා.

තුන්දෙනෙකුගෙන් සමන්විත වුණු අපේ නඩය පන්ජාබි සමෝසා (රු. 50), සමෝසා චාට් (රු. 200), පප්ඩි චාට් (රු. 200), ෆලූඩා වීදුරුවකුත් (රු. 200), වියළි පළතුරු ලැසී එකකුත් (රු. 300) ඇනවුම් කළා. YAMU කාර්යාලයේ කට්ටියට සෙව් පූරි (රු. 200) දෙකකුත් ගෙනියන්න ගත්තා.

කෑම වර්ග කීපයක්ම එකපාරින්ම ඇනවුම් කරපු නිසා හැමදේම පිළියෙල කරනකල් ටික වෙලාවක් බලාගෙන ඉන්න අපට සිද්ධ වුණා. පවුලේ ව්‍යාපාරයක් නිසා වේගවත් සේවාවක් බලාපොරොත්තු වෙන එක ටිකක් අසාධාරණයි.

විනාඩි දහයක් විතර අනංමනං කතා කර කර ඉන්නකොට මුලින්ම අපේ මේසයට ආවේ පන්ජාබි සමෝසා දෙකක්. (මේසයට ආවා කිව්වට ඇත්තටම කෑම එන්නේ කොනක තියෙන කවුළුවට. එතැනින් කෑම මේසයට ගෙනියන එක අපේ වගකීමක්.)

උණු උණුවේ දුම් දමමින් ආපු සමෝසා දෙක කෑලි දෙක තුනකට කඩලා ගිලින්න අපි තීරණය කළා. සමෝසා මගේ ප්‍රියතම කෑම වලින් එකක්. කොළඹ වටේ තියෙන හොඳම සමෝසා හොයන එක මගේ පොඩි විනෝදාංශයක්. මෙතෙක් කල් කාලා තියෙන සමෝසා එක්ක සංසන්දනය කරනකොට ඉන්දියන් චාට් කෝනර් එකේ පන්ජාබි සමෝසා වලට කිසිම සැකයක් නැතුව ඉහළම තැනක් දෙන්න පුළුවන්. කර කර ගාලා හැපෙන මේ සමෝසා වල ඇතුළත රසවත් මෘදු අල/කඩල මිශ්‍රණයකින් පිරී තියෙනවා.

සමෝසා වලට පස්සේ අපට ලැබුණේ පප්ඩි චාට් පිඟානක්. පප්ඩි (පිටි වලින් හදලා බැලපු පැතලි බිස්කට් වගේ කෑමක්), අල, මුදවපු කිරි, මසාල, චට්නි හා සෙව් වලින් නිමවපු මේ චාට් පිඟාන එකිනෙකට වෙනස් රසයන් ගොඩකින් සමන්විතයි. කර කර ගාලා හැපෙන පප්ඩියත්, මිරිස්/ඇඹුල්/පැණි රස මිශ්‍රණයේ රසත්, මුදවපු කිරි වලින් ඒ රසට ලැබෙන සහයත් නිසා මේ චාට් වර්ගය සාමාන්‍යයෙන් අපි නොවිඳින රසයක් දිවට ලබාදෙනවා.

පප්ඩි චාට් වලට පස්සේ මේසයට ආවේ මගේ ප්‍රියතම චාට් වර්ගය. නමේ හැටියටම සමෝසා කෑලි වලින් පිරිච්ච සමෝසා චාට් , අනෙක් චාට් වර්ග වල විදියටම මුදවපු කිරි, චට්නි, මසාල වලින් අනූනයි. චාට් කෝනර් එකේදිම උණුවෙන් හැදෙන සමෝසා වල මිරිස් ගතිය සමබර කරන මුදවපු කිරි, අනිත් පැණි සහ ඇඹුල් රසවල් වලින් දිව පිස්සු වට්ටනවා! අපි මීට කලින් කාපු පප්ඩි චාට් රසවත් කෑමක් වුණත්, සමෝසා චාට් පරද්දන්න ඒකට කිසිම අවස්ථාවක් නෑ.

චාට් වලට පස්සේ අපි අැනුවම් කරපු බීම වර්ග ටික අපට ලැබුණා. මුදවපු කිරි වලින් හදපු වියළි පළතුරු ලැසී එකට ජනිතුයි බුද්ධිකයි ගොඩක් කැමති වුණාට, පළතුරු මිශ්‍රණයෙන් අමුතු පරණ ගතියක් මට දැනුණ නිසා මට නම් වැඩිපුර බොන්න හිතුණේ නෑ. මීට කලින් වෙලාවක මං බීලා තියෙන අඹ ලැසී එක මීට වඩා ටිකක් හොඳයි. ඒත් ඒකෙත් අඹ වල රසය තදට දැනෙන්නෙ නැහැ.

ෆලූඩා වීදුරුව නම් ලැසී එකට වඩා හොඳ තත්ත්වයක තිබුණා. මේකත් සාමාන්‍යයෙන් ඕනෑම තැනකින් ගන්න පුළුවන් විදියේ ෆලූඩා වීදුරුවක රසයට සමානයි. අයිස් ක්‍රීම් හැන්දකුයි, පාට පාට ජෙලි කෑලි ගොඩකුයි උඩින්ම පේන්න තිබුණු මේ ෆලූඩා වීදුරුවේ කස කසා ඇට නම් පේන්න තිබුණෙ නෑ. ඒ වුණාට බීම බටෙන් ෆලූඩා එක බොනකොට ජෙලි කෑලි උඩටම ඇදිලා ආපු නිසා කස කසා ඇට නැති ගතිය වැඩිය දැනුනෙත් නෑ.

අපි මේ දවසේ ගත්තු කෑම වලට අමතරව ඉන්දියන් චාට් කෝනර් එකේ බුරියානි එකත් ගොඩක් හොඳයි කියලා අහන්න ලැබුණා.

කලින් කියපු විදියටම පවුලේ ව්‍යාපාරයක් නිසා හොඳ සුහදශීලී සේවාවක් මෙතැනින් බලාපොරාත්තු වෙන්න පුළුවන්. එක එක චාට් වර්ග වල තියෙන්නේ මොනවද කියල හිතාගන්න බැරිනම් ඒ අය හැමෙද්ම කාරුණිකව පැහැදිළි කරලා දේවි.

චාට් කෝනර් තවමත් කොළඹ නරගයේ සැඟවී තියෙන රහසක් නිසා ගොඩක් වෙලාවට වැඩි සෙනගක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා වැඩි කරදරයක් නැතුව නිදහසේ ටික වෙලාවක් ගත කරන්න හොඳ තැනක්. ඉතින් බම්බලපිටිය පැත්තට ගිය වෙලාවක හේග් පාරේ තියෙන මේ පුංචි තැනට පය තියලා රසවත් චාට් පිඟානකට වගකියන්න අමතක කරන්න එපා.


TIP

Opening and closing times are erratic, though they're generally open do call before going.
All Reviews

The Indian Chaat Corner's been one of our favourite spots for affordable, spicy, and different-from-the-usuals food.

Indian Chaat Corner is a tiny barely-noticeable restaurant that specializes in Indian street food. The chaat is still pretty good, and they've got a nicer interior now.

While Sri Lanka has successfully tried its hand at many a cuisine, chaats are somehow not our forte. For the homesick Indian, there are few places to which you can dart for a bit of home cooked cheer in the form of a bhel puri.

සිංහල ඉන්දියාවේ හැමතැන ම පොඩි පොඩි පෙට්ටි කඩ, කරත්තවල තියෙන කඩචෝරු ‌කොළඹ දි කන්න.

සිංහල ඉන්දියන් චාට් කෝර්නර් එක කියන්නේ යමු එකේ අය සෑහෙන්න ආසාවෙන් කන්න ගිය තැනක්

සිංහල Indian Chaat Corner is a tiny barely-noticeable restaurant that specializes in Indian street food. The chaat is still pretty good, and they've got a nicer interior now.

සිංහල ලංකාවේ සූපවේදියෝවිවිධ විදේශීය භෝජන වර්ග සාර්ථකව පිසිනමුත් චාට් නම් සාර්ථකවෙලා නැහැ. චාට් කියන්නේ ඉන්දියාවේ වීදි අද්දර කෑම කරත්ත විසින් පිරිනමනු ලබන ජනප්‍රිය වීදි ආහාරයක් වන සැර හා ලුණු රසමුසු ප්‍රණීත කැවිල්ලක්. ගෙදර ගැන සිතමින් ලතවන ඉන්දියානුවන් වෙනුවෙන් ගෙදර හැදූ බෙල් පුරි පිරිනමන තැන්නම් කීපයක් තිබෙනවා.

Address

No. 03, 32nd Lane, Wellawatta

Directions

Drive a little way past the Wellawatta Market and 32nd Lane is onto your left. The Chaat corner is at a residence a few metres in onto your left.

Contacts

Report Inaccuracy

Open 10AM to 9PM daily

Cuisine

North Indian

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Tandoori Lassi

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3
Similar Places

User Reviews
L
1

3/5

0

Lankan

+
Food were very cheap (in price) and orders served pretty quickly. Place is run by a couple, and both of them can speak English very well. Found the food we ordered were really tasty on the 1st day. Quiet place.

-
We went there 2 days within a week, as we found the food were tasty on the first day. But the 2nd day wasn't same as the first.
We found the food bit unclean on the 2nd day. Or it could be the odor in the room.
Both days we found the place fairly empty. On the first, only two of us were dining. Second day, ourselves and another few girls.
My daughter had to use the restroom, so they passed through the cooking area. And complained the 'backstage' was quite unclean and their faces looked unpleased.
Eventually, it was decided we'd not go there again.

L
1

3/5

0

Lankan

+
Food were very cheap (in price) and orders served pretty quickly. Place is run by a couple, and both of them can speak English very well. Found the food we ordered were really tasty on the 1st day. Quiet place.

-
We went there 2 days within a week, as we found the food were tasty on the first day. But the 2nd day wasn't same as the first.
We found the food bit unclean on the 2nd day. Or it could be the odor in the room.
Both days we found the place fairly empty. On the first, only two of us were dining. Second day, ourselves and another few girls.
My daughter had to use the restroom, so they passed through the cooking area. And complained the 'backstage' was quite unclean and their faces looked unpleased.
Eventually, it was decided we'd not go there again.

Avatar for Malinthe
21

4/5

Malinthe YAMU STAFF

Rated 4/5

See 29 Comments