Artwork for PMF BF Top banner 1
Artwork for PMF BF Top banner 2

5/5

Isso Express

No. 02 Sulaiman Terrace, Colombo 05


Isso deals with isso. Curried isso, tossed isso, isso with roast paan, and isso with bathala chips. Yes.



හැමදාම වගේ...

පහුගිය බදාදත් උදේ කෑම එක කද්දි දවල් දොළහටත් කිට්ටුයි. ඊටත් ඒ ගැම්මට ම ගෙදරින් ගෙනාපු දවල් කෑම එකත් වැඩකරන අක්ක කෙනෙක්ට දුන්නනෙ. ඇයි අප්පේ හීනෙකින්වත් හිතුවද ආයෙ 2-3 වෙද්දි බඩගිනි වෙයි කියල.

වැඩේ වුණේ තුනත් පැන්නට පස්සෙ. දෙන්න ඇඹරෙනව මරේ කියල.

“ඒ.. අද නම් මාර කේස් එක බං. කොච්චර කෑවත් බඩගිනියිනෙ?” සරිත් හෙමින් සැරේ ලැප්ටොප් එක අස්සෙන් ඔළුව දාලා, මට වචනෙ දැම්ම.

“ඒක නේන්නං බං. මාත් මේ උබට කියාගන්න බැරුව හිටියෙ. මාර බඩගින්නක්නෙ බං තියෙන්නෙ”

“අන්න ඒකනෙ. දැං මොකෝ බං කරන්නෙ. පල්ලෙහට ගිහින් මොනවහරි බඩට දාගෙන එනවද…?”

“ම්ම්.. එහෙමත් අවුලක් නෑ. මං කියන්නද, අතේ සල්ලිත් තියෙන එකේ එක පාර ම අල්ලමුද කොහේ හරි හොඳ ප්ලේස් එකකට. දවලුයි රෑයි දෙකම කවර් වෙන්න කියල”

“ෂැහ්! ඒකත් හොඳ අදහස ඈ.

අර බං අර ඉස්සො කියල ප්ලේස් එකක් තියෙන්නෙ, තිඹිරිගස්යායෙ. එතන හොඳයිද බං”

සරිතුත් දන්නෙ නැති ගාණට.. හිතේ තිබ්බ පරණ අදහසක් දැම්ම මට.

“ම්.. මාත් කාලා නම් නෑ. ගිහින් බලමු. අනික ඒ කට්ටිය දවස ම ඇරලත් එක්කනෙ. යං යං, එතන හොඳවෙයි”

ඉස්සොනෙ ඉතින් කියල ඔන්න මාත් එක පයින්ම.

කොහොමහරි තිබ්බ පොඩි පොඩි වැඩ ටික සනික ඉවර කරපු අපි දෙන්න, අඩියට දෙකට බැස්ස පාරට. බැහැලා පික්මියකුත් දාගෙන කෙළින්ම අදාළ ස්ථානයට!

“ඒ... නියම ටයිම් එක බං. කවුරුත් නෑ කඩේ. නිදහසේ කන්න පුලුවන්”

ආයෙ මොකටද වටපිට බැලිල්ලක්.. දෙන්න හෙමින් සැරේ කඩේ ඇතුළටම.

“ගුඩ් ඊව්නින් සර්. මොනවද කන්නේ..”

සේවක මිත්‍රයෙක් ඉස්සරහට ඇවිල්ල සුහද පිළිගැනීමක්, එක්කම...

“අපිට.. ඉස්සො නාසි එකකුයි (රු. 990), ජැෆ්නා ඔක්ටපස් එකකුයි (රු. 1590), හොට්බටර් ෂ්‍රිම්ප් එකකුයි (රු. 1290) වගේ”

“ඕකේ සර්. එතකොට… ජැෆ්නා කරි එකට රෝස්ට් පාන්?”

“ඔව් ඔව් ඒකට රෝස් පාන්. හොට්බටර් එකට රයිස්”

ඕඩරේ දාලා.. නිදහස් පොඩි චැට් එකකට සෙට් වුණාට, සරිතුයි මායි කෑම හැදෙන විදිය ගැන නම් පොඩ්ඩක් ඇලට් එකේ හිටියෙ. මොකද අළුත් ප්ලේස් එකක්නෙ. ඊටත් ඉස්සොනේ!

ඇත්තම කිව්වොත් උපරිම විනාඩි 15ට කෑම ටික නම් මේසෙ උඩ. උණු උණුවෙ සුවඳ ගගහ. දන්නැද්ද…

ඒකත් අපේ ඉස්සරහටම සෙට්වුණේ නාසි එක.

“එකක් කාලා ඉමු නේ බං”

කොච්චර වුණත් සරිත්ගෙ වචනෙට ගරු කරන්න එපැයි. ගත්ත මාත් හැන්දයි ගෑරුප්පුවයි. ඊට පස්සෙ පිඟාන අපි දෙන්නගෙ මැද්දට.

ෂැහ්! නාසි එකේ රස නම් ඔරිජිනල් ම නාසි. ආයෙ අඩුවක් පාඩුවක් නෑ ඒකෙ කියන්න. බත් එකට දාන්න ඕන අඩුමකුඩුමත් මදි නොකියන්න.. කැරට්, ලීක්ස්, ලූනු, අමුමිරිස් එක්ක පදමට තම්බපු පොඩි ඉස්සොත් හීනියට කපල... වැඩේ කියන්නෙ රයිස් එකේ සැර ගතියත් නූලටම තියෙනවනෙ. හැබැයි එක මොකක්දෝ වැඩි ගතියක්. මං කිව්වෙ බත් එකට මික්ස් වෙච්ච ඉස්සො හැරුණාම එයාලා ඉස්සො රස ගන්වන්නත් මොනවහරි දාලා. මුලු බත් එකම ෆ්‍රෙෂ් සීෆුඩ්, කරවල රසයි. අනේ මන්දා හැමෝටම නම් ඒක සෙට් වෙයිද කියන්න අමාරුයි.

අන්න ඒකට ජැෆ්නා බේබි ඔක්ටපස් එක. හප්පොච්චියෝ.. පංකාදු පහයි කියන්නෙ, ඒකට නම් සම්මානයක් දෙන්න වටිනව. කියල වැඩක් නෑ යාළු, පොඩි පොඩි බූවල්ලො හව හතක් විතර දාපු හොඳ ඝන කරියක්. ඒකෙ විශේෂත්වය තමයි මිරිස් තුනපහ, ලුණු ඇඹුල් අඩුම කුඩුම වගේම ජැෆ්නා කරියට එන ස්පෙෂල් ස්පයිසස්... ඔය සූදුරු, සුදුලූනු, කරාඹුනැටි, මසාලා වගේ දාලා හදපු මස් කරි පවුඩරුත් හොඳ හැටි එකතු කරල. පොඩි දීසි දෙකේ ආපු, බැදපු පොල් සම්බෝලෙයි, ලූණු සම්බෝලෙයිත් එක්ක... උණු උණු රෝස් පාන් නැගල යනව කියන්නේ… රම්පෙට පොරි වගේ ආයෙ. සරිතුයි මායි අන්තිමට ‘තව පාන් ගෙඩියක් තිබ්බ නම්’ කියලමයි හිතුවෙ.

ඒ අතරට අපි නිකම් හොට්බටර් ප්‍රෝන්ස් දෙක තුනකුත් රස බැලුව, බත් එක්ක.

ආයෙ ඒකත්, තකට තක ඈ. සුපිරිම බැටර් එකක තමයි ඉස්සො ටික ගිල්ලල තියෙන්නෙ. හොඳ පදමට ලුණු ඇඹුල්, මිරිස් ගම්මිරිස් පදම තියාපු. අනික ඒකෙ බටර් රසත් ටොප් එකට. හොඳ අලුත් තෙල්වල වෙන්න ඕන බැදල තියෙනවා.. හපද්දි කරස් කරස් ගාන්න. අවංකයෙන්ම මාර ම ගති ඒක නම් හොඳේ. ඊටත් ඉස්සො අටක් දහයක්... කෑලි මිරිස්, මාළු මිරිස්, බෙල් පෙපර්, සුදුළූණු එකතු කරල හදපු පේසට් එකක දවටල ලුණු, ගම්මිරිස් පදමත් ගලපල.. බාස්මති හාලෙ බතත් එක්ක!

මතක් වෙද්දිත් කටට කෙළ උනනව අප්ප.

ඔක්කොම හරි අවුල තිබ්බෙ, බඩ පැලෙන්න කෑවට පස්සෙ රස බලන්න හරි හමන් අතුරු පසක් මෙයාලා ළඟ තිබ්බ නැති එකනෙ. කරන්න දෙයක් නෑ ඉතින්, හැමදේම එකම තැනින් බෑනෙ කියල අපිත් හිත හදාගෙන එළියට බැස්ස.

ඒත් ආයෙ දවසක නම්, අනිවා…!

Address

No. 02 Sulaiman Terrace, Colombo 05

Directions

If you're going down Jawatthe Road from Thimbirigasyaya, turn left. Isso's on the right, right where the old Cakery was. You can't miss it.

Contacts

Facebook Website

Report Inaccuracy

Closed right now

Cuisine

Asian Sri Lankan Fusion

Price Range

Between Rs. 500 - Rs. 1500

Dish Types

Seafood

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
4
Ambience Rating
3
See 14 Comments