Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

4/5

Isuriya Home

6d, Inamaluwa Junction, Inamaluwa, Dambulla, Sigiriya


Situated at the border of Habarana national park. One of the best place to watch elephants in a walking distance.



වෙරිමරගාතෙ ම ගියානෙ ඉතින්. කොටින්ම කියතොත් වැදිච්ච වැදිල්ලට ඉන්න ප්ලේස් එකවත් හරියට මතක නෑ. වෙලාවට අයිය පාරට ආවෙ.

“හප්පේ... කට් ඈ”

“හී... පොඩ්ඩක් ගැළපුනා අයියෙ. මුකූත් ලෑස්ති කරන්න එපා. මෙහෙම්ම වොෂ් දැම්ම ඇලවුණා”

“එහෙමද? එහෙනම් මාත් මෙහෙම්ම ම ගෙදට්ට ගැළපෙනව. හෙට උදේට මොකෝ කරන්නෙ?”

“හෙට උදේට... අපි කොහොමත් කැලේට යනවනෙ අයියෙ. තරුවලැයි අතේ කෑම දෙකක් එවනවද? එයාලා එන්නෙ ටිකක් පරක්කු වෙලානෙ”

“එහෙමද. ඒනං මම එවන්නං. ඉඳි ආප්ප වගේ?”

“හප්පේ... ඕන දෙයක් ඕන දෙයක්. ඔයාගෙ කෑම ගැන ඉතින් අපි නොදන්නවයැ?”

කියනකොටත් මම හිටියෙ කාමරේ දොර ළඟ. ඒකත් අර මිදුල මැදින් තියෙන අඩි පාරට අලුතෙන් ලයිට් දාලා නිසා. නැත්නම් බිම!

ඇත්තටම ඒ ලයිට්වලින් නම් මාර එළියක් ඇවිල්ල තියෙන්නෙ. නිල් පාටට, තණකොළ පිට්ටනිය හරිම ලස්සනයි. ඊටත් පේළියට කොටන් තියල ඒව උඩ ලස්සනට පැළ වවපු පෝච්චි තියල... ඒ විතරක් නම් බැරියැ, පුංචි ඉඩේ වුණත් කැලෑ ගතිය ලෙසට ම තියෙන්න ලොකු පඳුරු ගස් ගස් ටිකකුත් වවල.

‘ඕකෙ ලස්සන බලන්න ඕන උදේට’ හිතල හෙමින් සැරේ මම හැරුණ කාමරේ පැත්තට.

බොලේ! ලොක්ක කාමරත් අලුත් කරලනෙ. පංකාදු පහයි ඈ. ඩබල් ඇඳන් දාලා, ඝන මෙට්ට දාලා, මේසයයි, ස්ටෑන්ඩ් ෆෑන් එකයි, රැක් එකයි, අරුමෝසම් කොට්ට, බ්ලැන්කට් තොගයයි... අනික ඒවා එක එක හැඩවලට හදලත් එක්කනෙ. වැඩේ කියන්නෙ බාත්රූම් එකටත් වීදුරු බිත්ති දාලා, කර්ට්න් එල්ලල, ෆුල් ෆිනිෂ් කරල.

“මේහ්, මං නං මෙහෙම්ම ම ඇල වෙනව අප්ප. පහට එලාම් තියන්න හොඳේ”

ලසා ඇඳුම් පිටින්ම ඇඳේ පතබෑවි. මට ඉතින් ඕව හුරු නෑනෙ. පොඩි වොෂක් එහෙම දාලා තමයි ලයින් වුණේ.

‘හුආවෙයි’ ටෝන් එක! කණ ළඟ වද දෙනවා..

බැරිම තැන ඇහැරුණා. බැලුව වටපිට. ම්ම්... කළුවරයිත් වගේ… ඔන්න ඔහෙ ඕන මගුලක්, ලෑස්ති වෙනව කියල ගෑටුව නිදිමතේ ම වොෂ්රූම් එකට, ලසාටත් ඇහැරවලම. ලෑස්ති වෙලා ඉතින් කුරුල්ලන්ගෙ සද්දෙ පටන් ගන්න ඔන්න මෙන්න තියල එළියට බැස්ස කැමරා අඩුම කුඩුම ටිකත් අරගෙනම.

පුදනකොටම කාපි යකා කියන්න, මෙන්න බ්‍රවුන් කැප් බැබ්ලර් කෙනෙක් දොරකඩ ළඟම. දෙන්න උගෙ පස්සෙ යන්න ඇති වත්ත වටේ විනාඩි 10-15ක්ම. හැබැයි ඒකෙනුත් වාසියක් තමයි වුණේ.. .මොකද ඒ යද්දිනෙ දැක්කෙ අයිය අලුතෙන් ගහල තියෙන ලී බංකු ටික. ලොතු මිදුලෙ කෙළවරක් අල්ලල... පොතක්පතක් කියවන්න, තේ එකක් බොන්න, පොඩි චැටක් දාන්න... නැත්නම් අඩියක් ගහන්න වුණත්. ඒ විතරක් නෙවෙයි, බාබකියු ෆන්ෂන් දාන්න තඩි මැටි, පොල් අතු හට් එකකුත් ගහල. අවංකයෙන්ම දැන්නම් ඉසුරිය එක සුප්ප ඈ.

හිතන්නකො කිලෝමීටර බාගයක් නෑ හබරණ මායිමේ වැව්වලට. ඒ මදිවට එක පැත්තකින් කැලෑව. අනික් පැත්තෙන් වෙල. ආයෙ ඉතින් සත්තු කියන්නේ... එළියට බැහැපු තැන ඉඳන් අලි, මුව, ගෝන්නු, කුරුලු කොබෙයියො මරේ කියල.

ඒ විස්තරේ එහෙම තියෙද්දි කියන්නම්කො අයියගෙ කෑම වේල් ගැන. 

ආයෙ ඉතින් වේලක් කෑවොත් දෙවේලක් ඉන්න පුළුවන් සයිස් බතක් තමයි මේසෙට එන්නෙ. විශේෂයෙන්ම සම්බ හාලෙ බත. මඤ්ඤොක්ක කිරට උයල. කරවල තෙල් දාලා. මිරිසට හදාපු වැව් මාළු. කොළ මැල්ලුම්. එතකොට මිරිස් පපඩම් බැදුම, ආ... හිටපු ගමන් බහිනව කතුරුමුරුංග, තුඹ කරවිල, තිබ්බටු වගේ ඒවත්. ඒ කොහොම බැස්සත් ඉතින් වේල පංකාදු පහයි. මොකද එයා කෑම උයන්නෙ ගෙදරමනෙ. තෙල් අඩුවෙන් හැබැයි පැත්තෙ හැටි! මිරිස් ටිකක් වැඩියෙන්. ඊටත් බලන්න එපැයි ලෝබ නැතුව කිරි, මිරිස් තුනපහ ටික දාලා හදන මඤ්ඤොක්කා, පරිප්පු, බෝංචි වගේ ව්‍යංජන. කන්න කන්න ආසයි ඈ. 

එහෙම කාලා ඉවර වෙද්දිම, එයා එවනව මේසෙට ෆුල් නැචුරල් ලයිම්, පපායා, වෝටර් මෙලන්, ඇවකාඩෝ, මැන්ගො වගේ ජූස් එකක්. නැත්නම් ගෙඩිය පිටින් ඉල්ලගෙන කන්නත් පුළුවන්. 

කොහොම වුණත් ඉතින් ඒක කෑවා කියන්නෙ කට් තමයි. එක්කො හැමොක් එකේ පොඩි ඇලට් එකක්, එහෙම නැත්නම් ඇඳටම ගිහිල්ල ගැළපිල්ලක්. ඒ නිසා... ඔය වයිල්ඩ් ලයිෆ් වැඩවලට බහින අපේ යාළුවො ඉන්නව නම් කෑම පැත්තෙන් පරිස්සම් වෙන්න හො‍‍‌ඳේ. දෙන තරමක් කෑවොත් නම් දවල්ට බඩුම තමා.

ඒ අතරට මතකෙත් තියාගන්න හැබැයි, සෆාරි නොගිහින් සත්තු බලන්න, ෆොටෝ ගහන්න.. කියාපුම තැනක් තමයි,

‘ඉනාමළුවෙ ඉසුරිය’ කියන්න!


TIP

Try watching Elephants

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment