Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

3/5

Jetters Pub

B263, Kaduwela

  • Closed right now


Good place to get booze & eat Sri Lankan Chinese .



මේක ටිකක් පරණ කතාවක්. හැබැයි සුන්දර මතකයක්.

පහුගිය දෙසැම්බර් මාසෙ සඳුදා දවසක් අල්ලල මට ගම්පහ යන්න තිබුණ අලුත් කෑම්ප් සයිට් එකක් බලන්න. ඒත් ඒකට තනියෙන් පුළුවන්කමක් තිබුණෙ නෑ. මොකද ඒ පැත්තෙ බස් ටිකක් අඩුයිනෙ. ඉතින් මම කිරිඳිවැල පැත්තෙ ඉන්න යාළුවෙකුත් අල්ලගෙනමයි වැඩේට බැස්සෙ.

කොහොම හරි මුළු රවුමම ගහල අපේ වැඩ ටික ඉවර කරද්දි හැන්දෑවෙ 6ටත් කිට්ටුයි. වෙලාවට යාලුවත් ඒ ගැම්මටම කොළඹ එන්න ලෑස්තිවෙලා හිටියෙ. දවසම මාත් එක්ක ඉඳල ෆුල් සපෝට් එක දුන්න යාළුවව නිකම් ගෙදර යවන්නයැ.

“ලසා… අල්ලමුද හොඳ රෙස්ටුරන්ට් එකක් පොඩි බියර් එකක් වගේ ගහල මොනව හරි කාලා යන්න”

“හම්ම්… අවුලකුත් නෑ. හැබැයි බීලා බයික් එකේ… මං කියන්නම්, එහෙනම් අපේ වැඩපල කිට්ටුවෙන්ම ප්ලේස් එකක් අල්ලමු”

“කිසි අවුලක් නෑ බං. උඹේ කැමැත්තක්!”

එතනින් ඉතින් කඩුවෙල හයිවේ එක පැනල වැලිවිටට කිට්ටු කරනකම්ම බයික් එක, එක වේගෙන්. ඒත් ගැමුණුපුර කිට්ටු වෙද්දිම වගේ හෙමින් සැරේට වම් පැත්තෙ පාර්කින්ග් එකක් අල්ලල නතර වුණා. බැලූ බැල්මට මුකුත් තිබ්බෙත් නෑ…

“ලසා, මොකෝ...”

“මතක නෑ? මේ ජෙටර්ස් එක. උඩ තට්ටුවෙ”

හප්පට බොල. බැලින්නනම් අපි ඉස්සර හොඳ හැටි අඩිය ගහපු තැනක් කියන්නකො. පාරවල් එහෙම වෙනස් කරල හදල නිසා අඳුනගන්න බැරුව ගියා.

ඒකට මොකද කියල යාලුවයි මායි රෙස්ටුරන්ට් එකට ගොඩ වුණේ අඩියට දෙකට.

“ෂහ්! නියම දවස ඈ… වැඩිය සෙනඟත් නෑ”

අයිනෙ තිබුණ මේසයක් අල්ලල යාළුවයි මායි වාඩි වෙද්දිම වගේ සේවක මිත්‍රයෙකුත් අපේ මේසෙ ලඟ. බලබල ඉන්න දෙයක් නෑනෙ. මම සෙනිකවම බියර් බෝතල් දෙකක් ඕඩර් කළා.

“ඒ කන්න මොනවද බං ගන්නෙ?”

“හ්ම්ම්… එක පාරම චොප්සියක් වගේ එකක් ගමු. නැත්නම් බොරු වැඩක්නෙ”

“ඒකත් ඇත්ත නේ. එහෙනම් නම් අපිට මික්ස් චොප්සියක් (රු. 900) දාන්නකො. හැබැයි පොඩ්ඩක් සැරට ඈ…”

හිතේ හැටියට ඕඩරේ දැම්මට මොකද ඕක මේසෙට එන්න ටික වෙලාවක් යනවනෙ. ඉතින් අපි දෙන්න දවසෙ යටගියාව කතාබහට එකතු කළා. ඒ අතරට බියර් ටිකයි හැඳි ගෑරුප්පු පිඟන් කෝප්ප ටිකයි නම් මේසෙ උඩට ආවා. ඒත් කෝ... තාම චොප්සිය නෑනෙ. ආයෙත් කතාවට සෙට්වෙන්නත් හදල කෝකටත් කියල කුස්සිය පැත්ත බැලුවෙ.

හප්පේ… බඩු එනව කියන්නකො. දුම් ද දා, සුවඳ ගගහ… දැක්කාම ආසාවෙ බෑ. ඒ මදිවට තඩි පිඟානක් පිරෙන්න!

“මචං, මේක නම් අපි දෙන්නට… ඇඬෙනව ඈ…”

මග් එක පිරෙන්න මධුවිත පුරවල, චියර්ස් පාරක් දාන ගමන් මම ගෑරුප්පුවට අමුණ ගත්තෙ ලොකු ඉස්සෙක්. ෂේප් එකේ සුවඳ බලන ගමන්ම කටට දාගත්ත. ෂහ්! කියල වැඩක් නෑ යාළු ඒකෙ රස. ටොප් කියන්නේ... හිතන්නකො ගැඹුරු තෙල් පදමට බැදුණු ඉස්සෙක් තායි සෝස් ජාති දෙක තුනකින් රස වෙලා තක්කාලි සෝස් ටිකක් එක්ක හැපෙද්දි?

කිව්වට විශ්වාස කරන්න ඒ එක්කම වගේ මම කාපු බැදපු චිකන් කෑල්ලත් පංකාදු පහයි ඈ… පොඩි කර රසක් එන ගාණට ගැඹුරු තෙලේ බැදල, සෝස් වලින් රස වෙලා… ආ, ඒ විතරක් නෙවෙයි තම්බපු ලොකු මාළු කෑලි එහෙමත් තිබුණා. හැබැයි මාළු වලට වඩා දැල්ලො රසයි. මොකද චොප්සියට එකතු කරපු ගම්මිරිස් වලින් පොඩි සැර ගතියක් එහෙමත් එකතු වෙලානෙ. අනික සෝස් චිලි පේස්ට් ටිකක් ගෑවුණාම කොහොමත් නැගල යනව.

චොප්සියෙ තිබ්බ බෝංචි, කැරට්, ගෝවා, ලීක්ස්, කෝර්න්වල රසත් සුපිරියටම තිබ්බ. විශේෂයෙන්ම ගෝවා එහෙම සෝස් වලින් රස වෙලා ගම්මිරිස් වලින් සැර වෙලා එද්දි, බයිට් එකට වගේම ඩයට් එකටත් මරු. ඔක්කොමත් හරි පෝර්ක් පෙති ටික තමයි පංකාදු පහටම තිබ්බෙ. ලාවට බැදල එකතු කරල තිබ්බ නිසා රස බඩල් ත්‍රිබල්. අනික තෙල් කෑලි, මස් කෑලි බාගෙට බාගෙ වගේනෙ. ඉතින් ටිකක් වෙලා රහට කාලා ඊට පස්සෙ හපහප හිටියහැකි. ඔය අතරට ඉතින් එහෙන්ම මෙහෙන් හම්බවෙන සොසේජස් කෑලි, බුල්සායි කෑලි එහෙමත් නොතිබුණාම නෙවෙයි. කෙසේ වෙතත් අඩියෙ තිබ්බ බත් ටික නම් දැක්කාම ආසාවෙ බෑ. ඇයි ඉතින් අර උඩින් දාපු හැම දේකම රසම ටික බත් එකේනෙ.

බියර් බෝතල් දෙක ඉවර වෙද්දි දෙන්නට හොඳ පදමට වැදිල හිටියට මොකද පිඟානෙ නම් එක ලූණු කෑල්ලක්වත් ඉතුරු කළේ නෑ. මොකද දවසෙ මහන්සියයි, සන්තෝසෙයි දෙකත් එක්කම ආපු ලොකු සතුටක්නෙ හිතේ…!


TIP

Try jetters special chopsuey.

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment