Artwork for U Pay - PickMe Dec  2018 -06.12.2018

4/5

Jungle Juice (Pelawatte)

No. 941/0, Pannipitiya road, Pelawatte, Battaramulla.


සීතල ගතිය ගන්න අයිස් කැට ටිකක් දානව විතරයිනෙ. ඒ නිසා ජූස් එක හරිම ඝනයි.



ෂුහ්, පට්ට රස්නයක්නෙ තියෙන්නෙ. ටී ෂර්ට් එක තෙත් වෙන්න දාඩිය දාලා. උදෙන්ම පොඩි වැඩකට බත්තරමුල්ලට ආපු මට ආයෙ ගෙදර යන්න වුනේ ගිනි මද්දහනෙ. කොහෙද ඉතින් අම්මා කොච්චර කිව්වත් මට නෑනෙ ඔය එළියට යනකොට වතුර බෝතලයක් අරන් යන පුරුද්දක්.

''ඉර මුදුන් වෙලා උඩිනුත් ගින්දර. තාර පාර රත් වෙලා යටිනුත් ගින්දර. තොල කට වේලිලා මාර කතන්දර. කොහොමද මේ වෙලාවට ගහන්න තිබුන නම් ෆෘට් ජූස් එකක්, ගින්දර'' රස්නෙ වැඩි කමට මොළේ අවුල් වෙලා මට සිංහල රැප් කියවෙන්න පටන් අරන්. එන පොට නම් හොඳ නෑ වගේ. අසාධ්‍ය වෙන්න කලින් ෆ්‍රෙෂ් ෆෘෘට් ඡූස් එකක් ගහන්න ඕන. ඒත් කොහෙද හොඳ ජූස් එකක් ගහන ගමන් පොඩි ස්නැක් පාරක් දාන්න හරි හමන් තැනක් නෑනෙ බත්තරමුල්ලෙ.

''දැන් මොකද කරන්නේ...'' කියල හිතන කොටම වගේ තමයි ගෙදර යන්න බස් එකකුත් ආවෙ. අව්වෙ පිච්චි පිච්චි ඉන්නවට වඩා හොඳයිනෙ ඉක්මනට ගෙදර අදින එක කියල හිතපු මම බස් එකට ගොඩ වුනේ බත්තරමුල්ලයි තලවතුගොඩයි අතරෙ හොඳ ජූස් කඩයක් ගැන මතක් කර කර. ''සල්ලි ගන්න'' කිය කිය කොන්දත් ලඟ එනවා. ඔන්න ඔහෙ ගෙදරම යනව කියල හිතල ටිකට් එක ගන්න හදන කොටම තමයි මට මතක් වුනේ ඉසුරුපායෙ Jungle Juice එක. ''හෝව් හෝව්... අයියෙ, සොරි මට ඉසුරුපාය එකක් දෙන්න''. ඈ... ෆෘට් ජූස් එකක් හින්දා තව පොඩ්ඩෙන් බස් එක ඇතුලෙ හොඳටම චාටර් වෙනව.

මම ඉසුරුපායෙ අධ්‍යාපන අමාත්‍යාංශෙ ලඟින් බැහැල පොඩ්ඩ දුරක් ඉස්සරහට ගියේ පරණ මතකෙ හරි ඇතියි කියල හිතාගෙන. මොකද මම අන්තිමටම ඔය කඩේට ගියේ දැනට අවුරුද්දකට විතර කලින්. ස්වාභාවික පළතුරු ජූස් එකක් බොනව නම් ඔය තලවතුගොඩ, පැළවත්ත ඒරියා එකේ ඒ දවස් වල තිබුන සුපිරිම ප්ලේස් එකක් තමයි Jungle Juice එක. අවුල කියන්නෙ J J එකේ එදා ඉඳන්ම වාහන නවත්තන්න තියෙන්නෙ පාරෙ තමයි ඉතින්.

වාතාවරණය

කඩේ කඩල අලුතෙන් හදනව. කෑම බීම ටික තිබුනට වැඩක් නෑ බීම බොන්නම කියල ඉස්සරහ හදල තිබුන ලස්සන සිමෙන්ති මේසෙ නෑනෙ. උස පුටු දාලා හරියට බාර් එකක් වගේ තිබුනෙ. අපරාදෙ. ''අයියෙ, මොනවද බොන්නෙ'' මම, කඩේට වෙලා තියෙ අපරාදෙ ගැන හිත හිත ඉන්න කොට ජූස් හදන නංගි ඇවිත් මගෙන් ඇහුවා.

''ආ... වෙරළු තියෙනවද ?"

''ඔව් අයියෙ, වෙරළු එකක් දාන්නද ?''

''ඔව් වෙරළු එකක් (රු. 200) දාන්න. ඒකයි මේ... හොට් ඩෝග් තියෙවද ?''

''ඔව් අයියෙ''

''ආ මට හොට් ඩෝග් එකකුත් (රු. 200) ඕන'' ඔන්න ඔහෙ ජූස් එකක් ගහන ගමන් මොනව හරි බඩටත් දාගන්නව කියල හිතපු මම හිතේ තිබ්බ ඒව ටික ඔක්කොම එක පාර ඇණවුම් කරා.

අහාර සහ සේවාව

හොට් ඩෝග් එක මේසෙට එන්න උපරිම විනාඩි 5ක් යන්න ඇති. නියමයි ඈ... ජම්බො සොසේජ් එකක් මැද්දට දාලා ඊට යටින් ළූණු පෙති ටිකකුයි සලාද කොළේකුයිත් දාලා සොසේජ් එක උඩට මිරිස් සෝසුයි තව මොනවද කහපාටට හුරු සෝස් වගයකුයිත් දාලා හදල තිබුන හොට් ඩෝග් එක නම් දැක්කාම කටට කෙල උනණව සත්තයි. ඒ විතරක් නෙවෙයි ඔක්කොම කළමණා ටික එකතු කරලා අන්තිමට අවන් එකටත් දාලා පොඩ්ඩක් රත් කරලා ආපු හොට් ඩෝග් එකේ රස ඩබල් කලේ අර කහ පාට සෝස් එක. ක්‍රීම් රසකුයි සැර ගතියකුයි පදමට ගේන ඒ සෝස් එකයි මිරිස් සෝස් එකේ සැරයි ළූණු, ගෝවා වල එළවළු රසයි මැද්දෙන් එන ලාවට බේක් වුනු සෙසේජ් එකේ රසයි නිසා 'උණු බල්ලට' විනාඩි 5ක් වත් ජීවත් වෙන්න මම ඉඩ තිබ්බෙ නෑ.

හොට් ඩෝග් එකේ අන්තිම කෑල්ල කටේ තියෙද්දි මම ඉල්ලපු වෙරළු ජූස් එක මේසෙට ආවා. ''මේ... නංගි, මට ටිෂූ පේපර් දෙකක් ගන්න පුළුවන්ද ?'' අත කට පුරා ක්‍රීම් සෝස් නාගෙන ඉඳපු මම ටිෂූ ඉල්ලුවෙ ඔළුව උස්සන්නෙ වත් නැතුව. මොකද හදිස්සියෙවත් සෝස් ගෑවිලා තියෙන විදිය දැක්ක නම් නංගි අනිවා හිනා වෙනවා.

අත, කට පිහිද ගත්ත මම හෙමිහිට ඔළුව උස්සලා වෙරළු ජූස් එක අතට ගත්තා. ''ෂහ්... ටොප් බඩු ආ...'' උපරිමයි. ''ජූස් නම් මෙන්න ජූස්''ඇත්තටම වෙරළු රසින් අනූනයි කියන්න පුළුවන්. Jungle Juice එකේ ජූස් වල තියෙන විශේෂත්වය තමයි මෙයාලා ජූස් හදද්දි වෙනමම වතුර එකතු කරන්නෙ නැති එක. සීතල ගතිය ගන්න අයිස් කැට ටිකක් දානව විතරයිනෙ. ඒ නිසා ජූස් එක හරිම ඝනයි. සීතලත් ගාණට. සීනි චුට්ටකුත් එකතු කරලා වෙරළු රස උපරිමෙන්ම මතු කරල තිබුනා. වෙරළු කොහොමත් ගොඩක් ගුණ පළතුරක්නෙ.

අනුමිතිය

වෙරළු ජූස් එක නම් මම උගුරට දෙකට බීලා ඉවර කලේ නෑ. රස බල බල වනාඩි 10ක් විතර හෙමිහිට බිව්වා. අන්තිම ටික වෙද්දි මගෙ බඩත් හොඳ ගාණට පිරිලා. අව්ව නම් තාම එහෙමම තමයි. ඒත් හිතයි ගතයි කූල්නෙ. ඉතින් ගිනි මද්දහනෙ වුනත් හිතයි ගතයි කූල් කර ගන්න නම් ඔයාලටත් යන්න පුළුවන් පැළවත්තෙ Jungle Juice එකට.


TIP

Try Hot dog and Carrot & Lime juice

Artwork for Frimi Shoutout banner

Address

No. 941/0, Pannipitiya road, Pelawatte, Battaramulla.

Directions

In front of the Pelawatte Sampath bank

Contacts

Report Inaccuracy

Open until 08:00 PM

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Beverages Waffles Fruit Juice

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
3
Ambience Rating
2
Similar Places

Have you visited this place?

Write your own review!
See 3 Comments