Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

5/5

Kaffeine By RE.PUB.LK

57, Hospital St, Colombo 01

  • Closed right now


A sister cafe to the popular RE.PUB.LK, Kaffeine is like a secret hideaway of a place in the busy city of Colombo Fort.



කොළඹ කොටුව කියද්දී ඔයාලට මතක් වෙන්නේ මොනවද? හිස් ලූ ලූ පැතිවල දුවන මිනිස්සු, පාර දෙපැත්තේ අඟලක් අඟලක් ගාණේ නා නා ප්‍රකාර ජාති විකුණන කඩ සාප්පු, මුට්ට ගෝනි කරගහගෙන, අව්වේ පිච්චි පිච්චි එහාටයි මෙහාටයි බඩු ගෙනියන නාට්ටාමිලා, බස්වල ඝෝෂාව - ඔය ඒ අතරින් කීපයක්. හැබැයි ඔය හැම සීන් එකක්ම තියෙන්නේ පිටකොටුවත් එක්ක ම වගේ තියෙන හරියේ. ඊට වැඩිය පුදුම නිස්කලංක ගතියක් ඔය World Trade Center එක, Dutch Hospital එක හරියේ තියෙනවා. 

අන්න ඒ නිස්කලංක ගතියෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන හදපු තැනක් ගැනයි මේ කියන්න යන්නේ. Kaffeine කියලා හඳුන්වන මේ කැෆේ එක RE.PUB.LKලගේ වැඩක්. 

තැන

ඇත්ත ම කිව්වොත් Kaffeine කියන්නේ කොටුවේ තියෙන කලබල ගතියෙන් මිදෙන්න හදපු රහසිගත උද්‍යානයක් වගේ තැනක්. මොකද එක වෙනමම ලෝකයක් වගේ. RE.PUB.LK එකේ පහල තට්ටුවේ පිහිටලා තියෙන මේ කැෆේ එකේ මාර ම වින්ටේජ් ගතියක් තියෙනවා. ඒ වගේ ම පොඩි හිප්ස්ටර් වයිබ් එකකුත්.

කොළ වැල්වලින් හැඩ කරපු රතු පාට ගඩොල් බිත්ති, තැනින් තැන තියපු එක එක ජාතියේ මල් පෝච්චි, ලීයෙන් හදපු පොළොව, මේ හැම දෙයක් ම Kaffeine එකට අමුතු යුනික් ලුක් එකක් දීලා තියෙනවා. කොටින් ම කිව්වොත් මෙතැනට ගියාට පස්සේ අපේ මහන්සිය කොහෙන් ගියාද නැහැ. මොකද ඒ තරමට රිලැක්සින්. 

කෑම බීම 

මෙනුව පිරිලා තිබුණේ ශ්‍රී ලංකන්, ඒෂියන්, ඉටෑලියන් සහ වෙස්ටර්න් ස්ටයිල් එකේ කෑමවලින්. හැබැයි ඒ හැම එකකට ම වගේ Kaffeine එකට ආවේනික ටච් එකක් දීලා තිබුණා. බීමට තියෙන්නේ කෝපි. ඊට වැඩිය දේවල් ඕනේ නම් මෙතන ම ඉඳලා RE.PUB.LK එකෙන් මෙනුවෙන් ඕඩර් කරන්න පුළුවන්.

අපි වැඩේ පටන්ගත්තේ Jackfruit Momos (රු. 650) වලින්. හොඳ සොෆ්ට් එකට තියෙන පොලොස් මිශ්‍රණයකින් පුරවපු මේ මොමෝස්වල කවරය සිල්ක් තරමට සිනිඳුයි. මේකත් එක්ක ලැබුණු ස්පයිසි පීනට් සෝස් එකත් නැගලම ගියා. නමේ විදියටම ස්පයිසි, රටකජු රසිනුත් අනූනයි. ඒ වගේ ම ළාවට එන කරි රසකුත් තිබුණා.

රෑ 8ට වුණත් බ්‍රෙක්ෆස්ට් දෙන තැනක් නිසා දිනේෂ් ඕඩර් කළේ Eggs Benedict (රු. 1100). බොහොම ලස්සනට පෝච් කරලා තිබුණු බිත්තර දෙක යටින් ෆ්‍රෙෂ් කොලිටියේ ස්මොක්ඩ් සැමන් පෙත්තක් දාලා තිබුණා. ස්මොක්ඩ් සැමන්වලට අකමැති නම් ඔයාලට මේක චිකන් හැම් එක්කත් ගන්න ඇහැකි. බන් එකත් හරි ම සොෆ්ට්. ඔය සේරමත් හරි, බලන්න එපැයි පැත්තෙන් තියෙන ඇපල් සල්සා එකේ රස. ඇපල් කෑලියි, බෙල් පෙපර්නුයි දාලා හදපු මේ සල්සා එකෙන් කෑමට ලැබුණේ නියම ටැඟී රහක්.

මම පැස්ටා කන්න රුසියා නිසා ගත්තේ Chicken Penne With Pink Sauce (රු. 900) එක. ෂහ්! කන කටක් කටක් ගාණේ චිකන් හැපෙනවා කියන්නකෝ. සෝස් එකත් සුපිරියට ම හදලා. හෙන ම චීසි. ඒ වගේ ම හීන් ටැඟී රහක් තිබුණා. පැස්ටා ටිකත් හොඳ ගානට තැම්බිලා.

බීමට අපි Cappuccino (රු. 450) එකකුයි, Piccolo Latte (රු. 400) එකකුයි ගත්තා. දෙකම මරු. මේ කට්ටිය සෝල් කොෆී බ්ලෙන්ඩ් එක දාලා තමයි මේවා හදන්නේ. Cappuccino එක හරි ස්ට්‍රෝන්ග්. අනික කිරි එකෙත් ක්‍රීමි ගතිය හොඳට ම තිබුණා. 

ඔය  Piccolo Latte කියන්නේ කිරි අඩුවෙන් දාපු Latte එකක්නේ. ඉතින් මේකෙන් espresso කික් එක හොඳට ම එන්න පුළුවන් විදියට බැලන්ස් කරලා තමයි කිරි එකතු කරලා තිබුණේ. 

සර්විස් එක

අපි රෙස්ටෝරන්ට් එකට ගිය ගමන් මෙනුව ලැබුණා වගේ ම ඕඩරේ දාලා විනාඩි 15ක් වගේ යද්දී කෑම ටිකත් මේසෙට ආවා. වැඩට ඉන්න අයත් හරි ම ෆ්‍රෙන්ඩ්ලි. එයාලගේ මෙනුව ගැන අහන ඕනේ දේකට උත්තර දෙන්න මේ කට්ටිය ලෑස්තියි.

අවසාන වශයෙන් 

නගරේ තියෙන කලබලෙන් බේරිලා නිදහසේ කෝපි කෝප්පයක් බීලා, රහට කෑම ටිකක් කාලා යන්න පුළුවන් හොඳම තැනක් තමයි මේ Kaffeine එක. අනික ඔය ඔෆිස් එකේ වැඩක් කරගන්න, පොතක් පතක් බලාගන්න වුණත් මෙතැන හොඳයි. 


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment