Artwork for PMF BF Top banner 1
Artwork for PMF BF Top banner 2

5/5

Kaha Bath Gedara

No. 28, Diyawanna Gardens, Pelawatte


Best yellow rice and curry you will ever have!



“බුද්ධික මා..මේ!”

“ඇයි මොකෝ”

“ඒ, සුපිරි බත් කඩයක් තියෙනවලු බං පැලවත්තෙ, කහබත් ගෙදර කියල. වැඩේ තියෙන්නෙ එතන ටේක් අවේ විතරයිනෙ. අනේ හොඳ එක්කෙනා වගේ හෙට එද්දි එතනින් බත් 3ක් අරන් එන්නකො. මම අදම ඕඩරේ දාන්නම්.

ඔයා කොහොමත් එන්නෙ 11ට 12ටනෙ. අනේ… බං”

“හ්ම්… විශ්වි කිව්වාම ඉතින් බෑ කියන්නත් බෑ… නැතත්, සුපිරි බත් කඩයක් වෙන්නත් එපැයි. කෝකටත් ඕඩරේ දාන්නකො එහෙනම්”

හැරෙන තැපෑලෙන් විශ්වි ඕඩරේ දැම්මට පහුවෙනිද නම් සිද්ධ වුණේ හාත්පසින්ම වෙනස් සිද්ධියක්. දවල් 12ට කෑමත් අරගෙන ඔෆිස් ගියොත් මට හාෆ් ඩේ වැටෙන නිසා මම ටිකක් කලින් ඔෆිස් එකට ගියා. ගියේ, 11.30ට විතර ගිහින් කෑම අරගෙන එන්න හිතාගෙන. ඒත්, මම තැන දැන්නෙ නැති නිසා අන්තිමට, විශ්විටත් සිද්ධ වුණා මාත් එක්ක යන්න.

ප්ලේස් එක තිබුණෙ, නාගහමුල්ල, දියවන්නා උද්‍යාන පාරෙ කෙළවරේ, හරියටම අංක 28 දරණ ගෙදර. මෙයාලගෙ සර්විස් එක නම් අැත්තටම හොඳයි. මොකද, අපි එතනට යනකොටත් කෑම ලෑස්ති කරල, පෙට්ටිවලට දාලා තිබුණෙ. උණු උණුවෙ, සුවඳ ගගහ! හම්මේ… ඔෆිස් එකට යනකම් ඉන්න හිත නෑ, දෙන්නට මගදිම දෙසා බාන්නයි හිතුණෙ. ඒත් බෑනෙ, අපේ උන්දලැ දවල් කෑමට බලාගෙන ඉන්නවනෙ.

ට්‍රැෆික් අස්සෙ, එහෙන් මෙහෙන් දාලා පැය බාගෙට විනාඩි 45ට අපිව ඔෆිස් එකට ගෙනාපු ඌබර් අංකල්ට, මුලින්ම හදපිරි ස්තූතිය පුද කරන්න ඕන. ඊට පස්සෙ මම හෙමිහිට පටන් ගන්නම්කො කහබත් ගෙදර, කහ බත්වල රස පදම කියන්න.

මේක ටිකක් වෙනස් ඕඩරයක් නිසාද කොහෙද කහ බත් ගෙදරින් අපිට රස වෑහෙන කට්ලට් පාර්සලයක්, බිස්කට් පුඩිං බන්දේසියක් එහෙමත් දීලයි තිබුණෙ. ඉතින්, අපි හිතුවා බත් කන්න කලින් කට්ලට් එකක් රස බලල ඉන්න.

කිව්වට විශ්වාස කරන්න යාළු කට්ලට් පාර්සලේ අරිනව විතරයි දැක්කෙ, සියල්ල වාෂ්ප වුණා කියන්නකො. වෙලාවට මම එහෙන් මෙහෙන් අත දාලා, චින්තකගෙ අතේ තිබ්බ එකෙන් කෑල්ලක් කඩා ගත්තෙ.

කියල වැඩක් නෑ, පංකාදු කට්ලට් එක. අල, ලූණු, මාළු අඩුම කුඩුම ටික හැරුණාම රස පදමට, හොඳ හැටි ගම්මිරිස් එහෙමත් දාලයි හදල තිබුණෙ. ඇත්තට, උණුඋණුවෙ කරස් ගාලා හැපෙන ගාණට තිබුණ නම් බත් නොකා කට්ලට්ම කන්න තිබුණා.

කොහොම කොහොම හරි, ඒ අතරට අපේ දේශානි මාළු කහබත් එක දිග ඇරගෙන. කට්ටිය දඩිබිඩි ගාලා එතනට වට වුණේ. මම නම් පැනපු ගමන් මාළු ඇඹුල් තියල් කෑල්ලක් අරගෙන පැත්තකට වුණා. මොකද බැලූ බැල්මට ඒකෙ තිබ්බෙ හොඳ, රස පාටක්. මදි නොකියන්න මිරිස් තුනපහ දාලා හදපු මාළු කෑල්ලයි, බොර ටිකයි දැක්කාම කටට කෙළ උනන ගාණයි. රස ගැනත් ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැති තරම්. ලොකු කෙලවල්ල කෑල්ලෙ නියම ගාණට ගොරක, සුදු ලූණු පදම. දර ලිපේ, මැටි ඇතිලියෙ උයලද මන්දා මරු ගමේ රහකුත් තියෙනව.

විශේෂයෙන් කියන්න ඕන මෙයාලගෙ මාළු බත්, මස් බත් කියල විශේෂයක් නෑ, තම්බපු බිත්තරයක් අනිවා. වැඩිය මිරිස්, බැදපු තුනපහ නොදා හදපු අඔ මාළුවක් තියෙනව, ඒකත් කහබත්වලටම කියාපු. වැඩි විස්තරයක් කියන්න තේරෙන්නෙ නැති වුණාට, කහබත් ගෙදර අඹ මාළුව, අපි සාමාන්‍යයෙන් ගෙවල්වල හදන අඹ මාළුව වගේ නම් නෙවෙයි. අඩුම කුඩුම අඩුයි, හැබැයි රස සුපිරියි. වෙන බත් කඩවල කට ගැස්මට දෙන්නෙ පපඩම්, බැදපු මිරිස් වුණාට මෙයාල නම් දෙන්නෙ මික්ෂර්. ඒකත් රට කජු එහෙම මදි නොකියන්න තියෙන එකක්. ඒ හැරුණාම හොඳ රහට හදපු බටු මෝජවක්, අල තෙල් දැමුමක් එහෙමත් කහබත් ගෙදර කහබත් එකේ තියෙනව.

මෙයාලගෙ කහබත් එක එහෙම වුණාට ඒකට එන ඉස්සො කරිය නම් ඊටත් එහා. අමු ඉස්සො පොතු ඇරලා ඩෙවිල් දාලා. ඒකත් නිකම් නෙවෙයි, ලූණු, මාළු මිරිස්, කරපිංච රස පදමට දාලා, සැර ගතිය හිටින්න හොඳ හැටි මිරිස්, ගම්මිරිස් එහෙමත් දාලා ටොපේ ටොප්.

ආයෙ, අලුත් කතා ඕන නෑ, මෙයාලගෙ චිකන් කරියත්, ඉස්සො කරියට දෙවනි නෑ කියල තමයි කියන්න තියෙන්නෙ. කෙළින්ම ගමේ රහ. මදි නොකියන්න මිරිස්, තුනපහ ටික දාලා, තරමක් හිඳෙන්න ඇරලා හදල තියෙන්නෙ. බොර ටිකක් එක්ක හොදි වැටුණාම ඉස්මුරුත්තාව එනකම් කන්න පුළුවන් තරම්. අනික චිකන් කෑල්ලෙ සයිස් එකත් තරමක් ලොකුයිනෙ.

කොහොම කොහොම හරි හිතේ හැටියට බත් කෑවට පස්සෙ, තලු මර මර රස බලන්න, මෙයාලගෙ බිස්කට් පුඩිමත් තියෙනව. ඒක නම් ඇත්තට, මසුරන් වටින් බිස්කට් පුඩිම. චොක්ලට්වලින් අනූනයි. වැඩි හරියක්ම, පුඩිමෙ උඩින් දාලා තියෙන බැදපු කජු කෑලි නිසා, රස දෙගුණ තෙගුණ වෙලා. කොච්චර බඩ පිරිලා තිබ්බත් ඒකෙන් නම් දෙක තුනක් ගිලිනව, නෝර්මල්. වැඩේ කියන්නෙ ඒක රු. 100ක්නෙ.

අනික එක්කෙනෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන් සයිස් එකට කහබත් ගෙදර බත් තිබුණට, ඒ ගාණ නම් ටිකක් වැඩියි වගේ. මොකද දවල් කෑම වේලකට රු. 380ක් කියන්නෙ? හැරත්, ඉස්සො බත් එකක් රු. 450ක්! ඒකත් අඩුම 3ක් ගන්න ඕන. අනේ මන්දා ඉතින්. ඔය පඩි ආපු දවසක, ආසාවට කනව වගේ හැරෙන්න වෙන දවසක නම්… තේරුමක්ම නෑ!


TIP

Don't forget to try their Chocolate Biscuit Pudding.

Address

No. 28, Diyawanna Gardens, Pelawatte

Contacts

Facebook

Report Inaccuracy

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Rice And Curry

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
5
User Reviews
J
1

1/5

0

jdc91

Was part of @Eminda Ishan's Debacle. Horrible experience in delivery and the food was just prepared for the sake of it.

Avatar for Eminda Ishan
1

1/5

0

Eminda Ishan

Failed to deliver at time. And refused about order for a while.

E
1

5/5

0

ElvenMaidenOfLorien

Delicious food, fair price, and no complains! Had 2 sawaans delivered, and everyone was delighted! Will certainly go back and order again!

J
1

1/5

0

jdc91

Was part of @Eminda Ishan's Debacle. Horrible experience in delivery and the food was just prepared for the sake of it.

Avatar for Eminda Ishan
1

1/5

0

Eminda Ishan

Failed to deliver at time. And refused about order for a while.

E
1

5/5

0

ElvenMaidenOfLorien

Delicious food, fair price, and no complains! Had 2 sawaans delivered, and everyone was delighted! Will certainly go back and order again!

D
1

5/5

0

Dilz

I ordered on Sunday(30 July) and the ordering process was smooth.The delivery was on time and the food was AMAZING.Authentic kahabath ,aromatically spiced with Lemongrass and Cinnamon,the prawns thel dala was very skilfully prepared and the ambuk thiyal was top notch.The Biscuit Pudding was full of chocolate and the salted cashew nuts add so much of flavor.Highly recommended

L
1

5/5

0

LakshmiJ

I ordered yesterday lunch from Kaha bath gedara as I wanted a break from the usual cooking during the weekend and was very pleased with the delivery! The food was fresh and divine, and the brinjal was one of the best I've had recently! The crunchy peanut/papadam/murukku mixture was favoured by all at home and I'm hoping to try it out myself! And I agree with this review about how the rice to curry ratio is totally on point! I also ordered some Chocolate biscuit pudding as I do have a bit of a sweet tooth, and everyone at my home loved it so much! Thanks Yamu for the recommendation! We will definitely order again!

N
1

1/5

0

N1403

Overrated rice and curry for the price you pay!  For Rs 550 a pack (incl delivery), we were expecting a lot more.  Food was promised between 12:45-1 and arrived an hour late!! Furthermore, the guy forgot to bring the CBP!! The food itself was below average.  There was enough rice to feed 4 people (we ordered for 2), with very little meat  (small piece of chicken drumstick, and 2 tiny pieces of fish). Moreover, I was surprised that there was no vegetable?  Just dhal, cutlet, and an egg!  Very disappointing Saturday afternoon lunch.

S
1

5/5

0

Sajaan

Lovely authentic sri lankan yellow rice with curries. If you are looking for a home made meal for a special occasion, save their contact believe me its worth what you pay for. I have ordered their 4 pax sawan and it was easily enough for 7 people.

Their latest addition is the chocolate biscuit pudding which simply completes the meal and gives you the craving desert you bn looking for at all times.

See 12 Comments