Artwork for Chutiduwa top banners - temp gif
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

3/5

Kamala Vegetarian

Mannar

  • Closed right now


Comparatively so good vegetarian place.



අනූ නවයයි දශම තුන්කාලෙන්...

බේරුණේ, මේ ප්ලේස් එක තිබ්බ නිසා මිසක්. නැත්නම් කන්න නවෙයි වෙන්නෙ, බඩ ගින්නෙ මැරෙන්න වෙන්නෙ. ඇයි ඉතින් හොඳ කඩ නම් තියෙනව. ඒත් ඒවයෙ ගාණ වැඩියිනෙ, අන්තිම දවස වෙද්දි මගේ තිබ්බ බජට් එකත් එක්ක. ඊටත් නතරවෙලා ඉඳපු තැනින් කෑම ගන්නත් බෑ එක පාරට ගිහිල්ල, කලින් ඕඩර් කරන්න ඕන. 

ඉතින්... කරන්නම දෙයක් නැති තැන, තියෙන්නෙත් තව වේල් දෙකයි නිසා ඔන්න ඔහෙ මන්නාරම් මාළු පැත්තකින් තිබ්ච්චාවෙ කියල මම ගොඩවුණා මේ සයිවර් කඩේට.

ෂැහ්! යාළු ගොඩවුණා කියන්නෙ ඈ... වාසනාවන්!

බලන්න එපැයි පිවිසුමේ දි ම ලස්සන හිනාවක් දාලා, අපිව පිළිගත්ත විදිය. ඒ විතරක් නම් බැරියැ, මේසයක් පෙන්නල, වාඩි වෙන්න කියල, මොනවද ඕන අහල, පිඟන් කෝප්ප වතුර අඩුපාඩු ටිකත් හරි හරියට ගලපල. අනේ මන්දා අපි ගියපු වෙන කිසිම කඩයකින් මේ වගේ සර්විස් එකක් නම් ලැබුණෙ නෑ. අනික ඒ සියල්ලත් හනි හනික කරල, කොල්ල හැරෙන තැපෑලෙට අපේ ඕඩරෙත් ගෙනාවා කියන්නකො මේසෙට. තෝසෙ (නෝමල් රු. 70, පේපර් රු. 150), වඩේ (උළුඳු රු. 50, කීර රු. 70), ඉඳි ආප්ප, ඉඩ්ලි (රු. 60) එතකොට සාම්බාරු, මිරිස් හොදි, කිරි හොදි, සම්බල් සියල්ලම. ඒකත් නිකම් නෙවෙයි, උණු උණුවෙ දුම් දදා. කොටින් ම කියතොත් අපි බෙදාගෙන විනාඩි දෙක තුනක් එහෙම්මම පිඟන් තියෙන්න ඇරිය කෑම ටික නිවෙන්න. ඒ තරං රස්නෙයි හොඳේ.

කොහොමහරී... ඊට පස්සෙ,

කටයි, දෙකයි, තුනයි... තෝසෙ, වඩේ යනව වෙඩි වගේ. ඒ අතරට කිසි පිළිවෙළක් නැතුව ඉඳි ආප්ප, ඉඩ්ලි තියෙන ඔක්කෝම!

හප්පේ... දෙන්න ඉතියෝපියාවෙන් බැස්ස වගේ කාගෙන කාගෙන ගියේ. කොටින්ම විනාඩි 5-6ක් යනකම් හ්ම්... නෑ, ඔළුව ඉස්සුවෙත් නෑ. කනවා, වතුර බොනවා... ආයෙත් කනවා...

කාපු කෑමක්!

ඇයි ඉතින් රස පංකාදු පහට තියෙද්දි, කෑම ටිකත් උණු උණුවෙන් මේසෙට එද්දි. අනික කොළඹ සයිවර් කඩවල වගේ නෙවෙයිනෙ, සියල්ල ජැෆ්නා ස්ටයිල් එකට වගේනෙ.

කිව්වට විශ්වාස කරන්න යාළු මදි නොකියන්න කුළුබඩු අඩුමකුඩුම එහෙම දාලා තියෙනවා... විශේෂයෙන්ම හොදිවලට.

සාම්බාරුව... වට්ටක්කා, වම්බටු, මුරුංගා වගේ එළවළු දාලා, රස ගන්න කොත්තමල්ලි, සූදුරු, රම්පෙ කරපිංච... තියෙන සේරම දාලා. එතකොට මිරිස් හොදි කියන එකත් එහෙමයි. හැබැයි ඒකට පරිප්පු, සෝයා එහෙම දාලා මිරිස් කුඩු ටිකක් වැඩිපුර දාලා. බැදපු තුනපහත් එක්කම වගේ මං හිතන්නෙ, හොඳම සැරට.

ම්... කිරි හොද්දත් ටොප් එකට. හැබැයි කිරි නම් තව එන්න ඕන සත්තකින් ම. මොකද... ඒකෙ ටිකක් දියාරු ගතිය එනව වැඩියි.

කෙලෙස වුණත්... හොදිත් එක්ක තරමක් ඝනකම් තෝසයක් බහිද්දිනෙ, ටොප් ආ... ඇත්තටම උඳු පිටි දාලා හදපු තෝසයක්ද කොහෙද. මොකද ඒ සුවඳ එනව. ඊටත් විශ්වාසයෙන් ම කියන්න පුළුවන්, උලුඳු වඩේ එකට නම් දාලා තියෙනව උඳු පිටි එක්ක ලූනු, මිරිස් අඩු පාඩු ටිකක්... කරස් ගාලා හපද්දි රස නහර පිනා ගිහින්... ඊළඟ වඩේ එකට නිකම්මම වගේ අත යන්නෙ.

ඉඩ්ලිත් සෙකන්ඩ් නැති හොඳේ. ෂැහ්, හොඳම සොෆ්ට් එකට. කෑල්ලක් කඩාගෙන සාම්බාරුයි, සම්බලුයි එක්ක අනාගත්ත කියන්නේ... වැඩක් නෑ ඉතින්.

අනේ ඒත් ඒ ඉඳි ආප්ප ටික නම් ටිකක් පාන් පිටිත් වගේ. ඇත්තටම හිතා ගන්න බෑ ඇයි එහෙම වුණේ කියල. අනිත් කෑම සේරම ලෙසටම හදල..?

ආහ්.. ඒක නෙවෙයි, කාලා අපි බීපු කිරි තේ දෙක...

ඉල්ලුවෙත් නැතුව, කොහොමද වැඩි කහට, අඩු සීනි, මසාලා තේ එකක් මේසෙට එනකොට?

තිබ්බ සන්තෝසයක් කියන්නෙ යාළු... ටිප් එක ම තිබ්බ රු. 100ක්, සත්තයි!

තියල තමයි බිල ගෙවල බැහැලා ආවෙ එළියට, යන්න පරක්කු වෙන නිසා.

නැත්නම් ආයෙ වේල් තුනම කනව ඒ කඩෙන්, ඕ...


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment