Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Karapincha

141 Galle Road, Dehiwela, Sri Lanka


A great spot for authentic Sri Lankan cuisine.



බත් ටිකක් කන්නත් ඔ්න..

වැඩිය දුර යන්නත් බෑ..

ඊටත්, හොඳ සුවපහසුවට ඉඳගෙන කන්නත් ඔ්න!

දැන් මොකද කරන්නෙ අප්පා. කොහොමද එහෙම කඩ හොයන්නෙ?

“බලනවකො ඔහෙලගෙ මහලොකු සයිට් එකේ..” 

“හෑ.. ආ, ඔව් නේ..?”

උන්දැට හොඳටෝම බඩගිනි වෙලා. නිකම් ඇඟ පැත්තට එන ගතියක්මයි තිබ්බෙ. ඉතින් වැඩි කැටයම් මොකටද කියල මම ගියා එවෙලෙම යමු සයිට් එකට. ගිහිල්ල හිටං දෙහිවල කියල සර්ච් කරලා.. දෙතුන් පාර ස්ක්‍රොල් කරද්දි,

ඔය ආවෙ ටොප් එකට!

‘කරපිංච’...

“ඒහ්, මෙතන රේටින්ග් එකත් හොඳයි. ආයෙ බල බල ඉන්න දෙයක් නෑ. යමු නේ..?”

ලොකු දුරක් තිබ්බෙ නැති නිසා යාළු අපි පාරෙ වීල් එකකම ඇද්දා. ඇදල ගේට්ටුව ලඟින් බැහැලා උණත් බලාගෙන.. මිදුල ලඟින්ම තිබ්බ පඩිපෙලෙන් කෙලින්ම උඩට. 

ආයෙ ඉතින් එතනින් එහාට..

ෆුල් වෙල්කම් එක ඈ.. කිව්වට විශ්වාස කරන්න රෙස්ටුරන්ට් එකේ දොරත් ඇරල දීලා, ගූඩ් ආෆ්ටනූන් කියල, මේසයකුත් පෙන්නල තමයි සේවක මිත්‍රයො අපිව පිළිගත්තෙ. ඊට පස්සෙ, වාඩිවෙන ටිකට මෙනුව මේසෙ උඩ. හැඳි ගෑරුප්පු සියල්ලමත් ලස්සනට ගලපල, අපි කෑම තෝරන අතරට එයාලා වීදුරුවලට වතුර පුරවල.. ෂැහ්, කියල වැඩක් නෑ.. සේවාව අතින් නම් මල් හතයි. 

“මොනවද සර්.. කන්නේ?”

“අපිට.. රයිස් ඇන්ඩ් කරි නෑ නේහ්?”

“අනේ සර් දැන් විනාඩි 10ක් නෑ රයිස් ඇන්ඩ් කරි ක්ලෝස් කරල. අපි රයිස් මොනවහරි බලමුද?”

“හා.. එහෙනම් තායි රයිස් එකකුයි (රු. 700), ස්පැගටි බොලොග්නිස් එකකුයි (රු. 800), මට්න් කරියක් (රු. 890) ගන්න පුලුවන්ද?”

“පුලුවන් සර්, පුලුවන්. මම දාන්නම් ඔඩරේ.”

සුහදශීලි බවේ උපරිම එක. ඇත්තම කිව්වොත් ඔ්ඩරේ දාලා කෑම ටික මේසෙට එන්න විනාඩි 40ක් විතර ගියා. හැබැයි අපිට මේං කියලවත් තරහක් ආවෙ නෑ. ඇයි අනේ, ඒ අතරට හිනාමුසු මූණින් සේවක මිත්‍රයො එහෙට මෙහෙ යනව. අපේ ඔ්ඩරේ ගත්ත මිත්‍රයා ඒ යන අතරට ඇවිල්ල..

“සර් තව පොඩ්ඩයි.. අපි කලින් හදල තියාගන්නෙ නෑනෙ සර්. ඒකයි!”

කිව්වත් වගේ.. කෑම ටික මේසෙට ආවාට පස්සෙ අපිටම තේරුනා ඒවා නම් එවෙලෙම හදපුව කියල. ඇයි අප්පේ උණු උණුවට, සුවඳ ගගහ..

ගත්ත ගමන් ඉතින් අරයා පැස්ටා එකේ.. මම රයිස් එකේ..

දාගෙන ඇති හැටියට රයිස්, මදි නොකියන්න මට්න්.. එක කටයි කෑවෙ යාළු, එක කටයි.. හප්පේ, තවමත් මතකයි.. කටට කෙල උනන ගාණයි.. පුදුම රසක් කියන්නෙ මට්න් එකේ!

මට නම් හිතාගන්න බෑ මොන පදමකට හදලද කියල..

ඒකෙ, කියන්න කිසිම අඩුවක් නෑ. ලා කිරි රසක්, මිරිස් තුනපහ, රම්පෙ කරපිංච, ඉඟුරු සුදුලූණු ඊටත් ඒ සියල්ල හොඳහැටි අල්ලපු සොෆ්ට් මට්න් කෑලි.. 

ඇත්තටම ඒකත් එක්ක රෝස්ට් පාන් ගෙඩියක්, ඉඳි ආප්ප ටිකක් වගේ තිබ්බ නම්.. මම කුස්සියත් එක්ක පෙරලගෙන කන්නෙ, හ්ම්..

ටක්කෙටම ගැලපුනේ නැතත් මට්න් එකත් එක්ක, තායි රයිස් එකත් මේං කියල අඩුවක් නැතිවෙන්න තිබ්බ. විශේෂයෙන්ම ඒකෙ දාලා තිබ්බ ෆ්‍රයිඩ් චිකන්, පෝර්ක්, බීෆ්, සොසේජස් ටික.. ඒ එක්කම කැරට්, ලීක්ස්, ලූණු, මිරිස් අඩුම කුඩුම ටිකයි, බිත්තරයි.. 

ම්.. හැබැයි එකක්, තව චූට්ටක් රසකාරක අඩුවුනා නම් මාරම වටිනව. 

ස්පැගටි බොලොග්නීස් එකත් හොඳයි. හැබැයි ඒකෙ මොකක්දෝ හිතාගන්න බැරි පොඩි අඩුවක් තිබ්බ. ඊටත් මම ඒකට බහිද්දි පොඩ්ඩක් නිවිලා එහෙමත් තිබ්බෙ. ඉතින් අර චීස් රසයි, සෝසුයි එකතු වෙලා උණු උණුවෙ එන ගැම්ම අඩුවෙලා. කොහොම වුනත් වගකීමෙන් කියන්න ඔ්න බොලොග්නීස් එකට දාපු ග්‍රේටඩ් බීෆ්,ටොමැටෝ මික්ෂර් එකේ රස නම්.. පංකාදුම පහයි.

ඒ ඔක්කොමත් හරි අවසානයේ..

ඇත්තටම හදවතින්ම ස්තූති කරන්න ඔ්න ඒ සේවක මිත්‍රයට.

මම බිල ගෙවද්දි යාළු, කොහොමහරි රු. 1000ක් වැඩිපුර කාඩ් එකෙන් වැදිලා.. අපිත් බිල බැලුවෙ නෑ, එතනින් පිටත් වෙලා වීල් එකට නගින්න ඔන්න මෙන්න තියෙද්දි එයා දුවගෙන ඇවිල්ල, විස්තරේ කියල, ඒ රු. 1000 අරගෙන දුන්නනෙ කැෂියර් එකෙන්.

හම්මෝ.. එහෙම මනුස්ස කමක්..!


TIP

Get the cashew curry. You won't be disappointed.

Address

141 Galle Road, Dehiwela, Sri Lanka

Directions

Adjoining Concord Grand Hotel.

Contacts

Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Rice And Curry

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
5
Ambience Rating
4

Similar Places

User Reviews
M
1

5/5

0

MichelleF

One of the best places in town to experience authentic Sri Lankan cuisine at a reasonable price.

M
1

5/5

0

MichelleF

One of the best places in town to experience authentic Sri Lankan cuisine at a reasonable price.

See 3 Comments