Artwork for PMF BF Top banner 1
Artwork for PMF BF Top banner 2

4/5

Kattoo Mittoo Achcharu Hut

Delivery only


A home-based venture specialised in freshly made achcharu.



කට්ටො මිට්ටො එකට වයස දැන් අවුරුදු දහයකටත් කිට්ටු ඇති. ඉස්කෝල ඉස්සරහා අච්චාරු කරත්තවල, නැත්තං කොටුවෙ දෙවෙනි හරස්වීදියේ දී අපට හම්බවෙන අච්චාරු “පොෂ්” මාර්කට් එකට මුලින්ම ගෙනාපු කට්ටියක් තමයි කට්ටො මිට්ටො කියන්නෙ. 

ඒ කාලේ කට්ටො මිට්ටො එක තිබුණේ රාජගිරිය කීල්ස් එකේ. මෙයාලගේ ෆේස්බුක් පේජ් එකේ තියෙන විදියට දැන් නම් මේක තියෙන්නෙ හයිඩ් පාර්ක් කෝනර් ආපිකෝ එකේ. ඒත් අපි මේ පාර කට්ටො මිට්ටො අච්චාර ගෙන්නගත්තෙ ඌබර් ඊට්ස් එකෙන්. 

අච්චාරු

අපි අච්චාරු ජාති තුනක් ඕඩර් කළා: අඹ, වරකා සහ කලවම් අච්චාරු. ජාති එකක් දෙකක් අරුණාම ඕන ම එකක් රු. 200ට තමයි දෙන්නෙ. 

අඹ හොඳට බෙරිවෙන ගානට තම්බල තමයි අඹ අච්චාරුව හදලා තියෙන්නෙ. පොත්තත් එක්ක ම කන්න පුළුවන්. අච්චාරු කීවට ටිකක් චට්නි පැත්තට බරයි.


එක එක ජාතියෙ අච්චාරු කාලා තිබුණට වරකා අච්චාරු කියන්නෙ අපි මෙච්චර කාලෙකට කාලා තියෙන කෑමක් නෙවෙයි. හැබැයි මේක කෑවට පස්සෙ තමයි අපට තේරුණේ ඇයි වරකාවලින් අච්චාරු හදන්නෙ නැත්තෙ කියලා. අනිත් පළතුරු වගේ නෙවෙයි, වරකා මදුලට වැඩිය ලුණු, මිරිස් අල්ලන්නෙ නෑනේ; නිකං එළියෙං ගෑවෙනවා විතරයි. ඉතිං මේකත් අපි අර ගෙදර දි වරකා මදුලේ ලුණු, ගම්මිරිස් ගාගෙන කනවා වගේ තමයි. හැබැයි ඉතිං වරකා කන්න ආසා කට්ටියට හොඳයි. 

මික්ස් අච්චාරු එකට මේගොල්ලො ගාව තියෙන අච්චාරු ජාති සෑහෙන ප්‍රමාණයක් දාලා තිබුණා: දිවුල්, පේර, අන්නාසි, අඹ (අර තම්ඹපු අඹ එක නෙවෙයි, අමු අඹ), ලොවි, ඇම්බරල්ලා, වෙරළු වගේ. මේ හැම පළතුරක් ම වගේ හොඳ රහට තිබුණා. සැර ගතියට වඩා පොඩ්ඩක් පැණිරස පැත්තට බරයි. 

අවසාන වශයෙන්

කොහොමත් මේගොල්ලො වැඩිය විනාකිරි එහෙම දාන්නෙ නැති නිසා අර ගොඩක් වෙලාවට අපට පුරුදු අච්චාරුවල එන සැර රහට වඩා පළතුරු රහ දිවට දැනෙනවා. හැම අච්චාරුවක් ම එදා ම වගේ හදන නිසා හරිම ෆෙෂ්. හැබැයි ඉතිං ගොඩක් කල් තියාගන්න බෑ; එදා ම වගේ කන්නත් ඕන. කොහොමත් ඉතිං මේකේ රහේ හැටියට විනාඩි ගානකට වඩා තියාගන්න පුළුවන් වෙන එකකුත් නෑ. 

 

Have you visited this place?

Write your own review!
Leave a comment