Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

3/5

Kochchi

Ambuldeniya, Udahamulla

  • Open until 10:00 PM


Serving spicy meat & seafood along with a normally taste rice and curry, all for a reasonable price.



“අයියෙ අපි වම් පැත්තෙන් තියාගෙන යන්න ඕන. ඔය ඉස්සරහ බත් කඩයක් ඇති පොලොස් ඇඹුල කියල…”

කියල කට ගන්න හම්බවුණේ නෑ, කලර් ලයිට් එක පැනල කඩේට කිට්ටු කලා විතරයි… ඒක වහල කියන්නකො.

“හුටා, ලමිදු මල්ලි දැන් මොකෝ බං කරන්නෙ?”

“ඒක නේන්නං අයියෙ. පන්නිපිටිය පැත්තටවත් ඇදල බලමුද?” අපි දෙන්නම අසරණ වෙලා මොකද කරන්නේ කියල බර කතාබහේ. කොහොමහරි ඔය අතරට… වීල් එකේ අයිය, හෙමින් සැරේ අපේ පැත්තට බර වෙලා..

“මහත්තය මොනවද හොයන්නෙ. බත් කඩයක්ද?”

“ඔව් අයියෙ. මේ අළුත් මොකක් හරි බත් කඩයක්. නුගේගොඩ වට පිටේ එවයින් කාලා ඇතිවෙලා දැන්”

“ආ.. එහෙමද, කියන්න එපැයි ඉතින්. හොඳම කඩයක් නම් තියෙනව පාර්ක් රෝඩ් එකේ. හැබැයි අපිට එහේ යන්න ගියොත් දැන් වෙලා නෑනෙ.

ම්ම්… අළුත් කඩයක්ම හොයන නිසා.. මං කියන්නං, අපි යමු ඇඹුල්දෙණියෙ කොච්චි එකට. ප්ලේස් එක නම් ටිකක් නෝර්මල්. හැබැයි ගාණෙ හැටියට කෑම හොඳයි. එළවළුත් 4ක් බෙදා ගන්න පුළුවන්.”

“සිරාවට, එළනෙ අයියෙ. ඒනං යං සනික එතනට”

ආයෙ, කිව්ව විතරයි අයියා වංගු 2, 3 නවල ගත්තෙ සිං සිං ගාලා.. විනාඩි 5ට ඇඹුල්දෙණියෙ කියන්නකො. එතනින් දැම්ම මහරගම පාරට. දාලා මීටර් 100ක් විතර ගිහින් ඔන්න නැවැත්තුව.

“මහත්තය මේං ප්ලේස් එක. එහෙනම් හරි නෙ ඈ?”

“ආ.. හරි හරි අයියෙ එළ. තැන්ක්යූ හොඳේ”

හෙමින් සැරේ බැහැ ගත්තට මොකද අපි දෙන්න ෆුල් හොල්මන්. ඇයි, බැලූ බැල්මට කඩේ නෑනෙ කිසිම පෙනුමක්. බාග වෙලාවට කෑම හරි හොඳ වෙන්න නැතෑ කියල අපි ගියා ඇතුලට. ගිහින් බුෆේ එකට කිට්ටු කලා විතරයි… හප්පේ.. එළවළු, මස් මාළු පිරෙන්න කියන්නකො. ඒක දැක්කත් හරි ලමිදු ෆ්‍රයිඩ් රයිස් එකක් ගන්න ට්‍රයි එක.

“අයියෙ මික්ස් ෆ්‍රයිඩ් රයිස් ගන්න පුළුවන්ද?”

“එහෙම නම් නෑනෙ. චිකන් තමයි තියෙන්නෙ. ඒකත් පීස් එක වෙනම.”

“ආ… එහෙමද. නෑ අර බෝඩ් එකේ තියෙන නිසා ඇහුවෙ. එතකොට චීස් කොත්තු?”

“ඒවා හවසටනෙ මහත්තය”

“ආහ්... ඒනං දෙන්නකො සුදු බත් එකක් (රු. 200), චිකනුයි, බෝංචියි, සෝයායි, පරිප්පුයි, කැකිරියි දාලා.”

ලමිදු බත් එක ගත්තට පස්සෙ මම මගේ ඕඩරෙත් දැම්මා. දාලා වැඩිපුර බැදපු මාළු කෑල්ලකුයි (රු. 50), බුල්සායි එකකුයිත් (රු. 50) ඕඩර් කලා. කරල තමයි ගිහින් මේසෙන් වාඩි වුණේ. වැඩේ කියන්නෙ, කඩේ වැඩ නම් සටපට ගාලා යන සීන් එකක් තියෙන්නෙ. මොකද මම වාඩි වෙලා බත් කටක් අනන්න ගත්ත විතරයි මෙන්න බුල්සායි එකත් මේසෙ උඩ.

එතනින් එහාට නම් ඉතින් නෝ කතා. චිකන් හොදියි, බැදපු මාළු කෑල්ලකුයිත් දාගෙන වැඩේ පටන් ගත්තා.. බසබස ගාලා ගිලින්නෙ.

හැබැයි වැඩේ වුණේ සෝයා එකේ එහෙම පෙනුමෙ හැටියට රස තිබ්බෙ නෑනෙ. කිරි රස නම් ඕනවටත් වැඩියි. ඒත් මිරිස් තුනපහ.. නැති ගානයි. ම්ම්… පරිප්පු එක නම් ඔන්න හින්දල එහෙම අරගෙන හොඳ ගමේ රහට තිබ්බ. කෙහොම වුණත් පළා මැල්ලුම හදපු කෙනාට නම් සම්මානයක් දෙන්න ඕන. සුප්ප ඈ… අවංකයෙන්ම ගෙදර හදනව වගේ. පට්ට රසයි. ලූණු, මිරිස් එක්ක කලවම් පළා හීනියට ලියල, පොල් චුට්ටක් එහෙමත් දාලා ලාවට මලවල අරගෙන තිබුණා… නොම්මර එකයි යාළු.

ඇත්තටම පොල් සම්බෝලෙත් ලොකු ගතියක් නෑ. මම කිව්වෙ නරකම නෙවෙයි. ෂේප් එකේ. මොකද ඒ පොල් ටිකක්.. කියන්න ඕන නෑනෙ. අනික උම්බලකඩ, අමු මිරිස් එහෙමත් අහලකටවත් සෙට් වෙච්ච ගතියක් නෑ ඕං.

ලමිදුගෙ බත් එකේ තිබ්බ බෝංචි එක නම් ඔන්න හොඳ රහට තිබ්බ. විශේෂයෙන්ම කිරි රස, තුනපහ රස නූලට තියෙන්නෙ. ආයෙ ඉතින්… බුල්සායි එක තමයි. ඒක සුප්ප, හැබැයි තෙල් ටිකක් වැටිලා තියෙනව බිත්තරේ නෑවෙන්න. මගෙ හිතේ කොත්තු තැටියෙ දාලද කොහෙද.

ආයෙ, බැදපු මාළු කෑල්ල ටොප්. නියම ගාණට ෆ්‍රෙෂ් ගතිය තියෙන්න බැදිලා තියෙනව. අන්න ඒකට මිරිස් මාළු එක. තලපත්ද කොහෙද කියල කිව්වෙ. සමහර විට වෙන්නත් ඇති. හැබැයි මාළුවා සෑහෙන කාලයක් අයිස්වල ඉඳපු ගතියක් තියෙනව. මොකද ඉතින්, අපිට කද්දි තේරෙනවනෙ, නේ කාට වුණත්!

ඔතන හොඳටම තිබ්බෙ චිකන් එක. සත්තයි ඒක නම් මරේ මරු. හොඳ හැටියට මිරිස් තුනපහ අල්ලන්න, මස්වල ෆ්‍රෙෂ් ගතියත් තියෙන්න, හොද්දත් තරමක් ඝනකමට… වැඩිය ඕන නෑ අපි ඉඳිද්දිම, මාමා කෙනෙක් කෑවා රෝස් පාන් ගෙඩියක්…

එවෙලෙ නම් හිතුනෙම බත් ගත්ත මෝඩ කමක් කියල.

ඒත් ඉතින් මොනව කරන්නද. අන්තිමට හිත හදාගත්තෙ..

‘කන්න පින නැති දවසක්’ කියල තමයි’


TIP

Try Chicken Curry

Artwork for Frimi Shoutout banner 2- non merchants only
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment