Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

4/5

KBQ Korean Barbecue

Jinadasa Niyathapala Mawatha, Sri Jayawardenepura Kotte

KBQ has an all new spot in Jana Jaya building, and they do some good fried chicken and noodles, with a Korean twist.

K කියන්නෙ කොරියන්. B Q කියන්නෙ බාබකියු. ඒ කියන්නෙ මේ අවන්හලේ නම තමයි කොරියන් බාබකියු. මොන බාබකියු ද? චිකන් බාබකියු.

KBQ එක තියෙන්නෙ රාජගිරියෙ බෝ ගහ පහු කරන් දියවන්නාව පැත්තට මීටර 100ක් විතර යනකොට පාරෙන් වම් පැත්තට වෙන්න. ප්‍රධාන පාරට පේන්න ලොකුවට KBQ කියල බෝර්ඩ් එකක් දාල තියෙන නිසා අවන්හල හොයා ගන්න එක හරිම ලේසියි. ඒ විතරක් නෙවෙයි, ඔය පෞද්ගලික වාහන වල එන කට්ටියටත් පරිස්සම් ඇතුව වාහනේ නවත්තන්න හොඳ වාහන අංගනයකුත් තියෙන නිසා හිතේ නිදහසින් කෑම ටික කන්න පුළුවන්. ආ... කියන්න බැරි වුනානෙ. මම ඊයෙ තමයි පළවෙනි පාරට එතනට ගියේ.

වාතාවරණය

අවන්හල නම් බැලූ බැල්මටම හරිම ලස්සනයි. ඉස්සරහ තියෙන පොඩි උද්‍යානයෙ කෙලවරේ සිමෙන්තියෙන් හදල තියෙන දිය ඇල්ල අවන්හලට ගේන්නෙ අමුතු ගතියක්. වීදුරු බිත්තිවලින් ඇතුලෙ භෝජනාගාරය පේන නිසා එළියෙන් බලලම ඇතුලට යන්න පුළුවන්. KBQ අවන්හලේ භෝජනාගාරය පිරිසිදුයි වගේම හරිම පිළිවෙලයි. එයාලගෙ තේමාවට හරියන්න තැඹිලි, කහ පාට වලින් පාට කරල තියෙන බිත්ති ටිකයි තද දුඹුරු පාට ලී මේස ටිකයි නම් මගේ හිතට හොඳටම ඇල්ලුවා. නියම ගාණට වායු සමනය කරල තියෙන භෝජනාගාරෙ ඇතුල් වෙන තැන ඉස්සරහම තමයි කැෂියර් එක තියෙන්නෙ. කැෂියර් එකට උඩින් ලයිට් දාපු ලොකු බෝර්ඩ් එකක කෑම වර්ග ටික දාලා තියෙන නිසා කෑම අරන් යන්න එන කට්ටියට නම් හරිම ලේසියි.

ආහාර සහ සේවාව

මමයි යාළුවයි ඉතින් පුරුදු විදියට භොජනාගාරෙ කෙලවරේ තිබුන මේසෙකින් තමයි වාඩි වුනේ. හැම මේසයක් උඩම කෑම මෙනු 2,3ක් තියල තියෙන නිසා අවන්හල් සේවකයෙක් එනකම් මග බලාගෙන ඉන්න ඕනත් නෑ. ''හ්ම්ම්... රෑ කෑමට මොනවද කන්නෙ බලමු''. අපි දෙන්න මෙනු දෙකක් අතට ගත්තා.

''වෙලාවට පොටෝ දාල තියෙන්නෙ. නැත්නම් අපි දන්නවද බන් මේ මොනාද කියල''. යාළුවටත් මට තිබ්බ ප්‍රශ්නෙම තිබිලා.

'' මං ගන්නව බන් මෙන්න මේ Chicken & Rice (රු. 450) කියල තියෙන එක. රෑට බත් කෑවෙ නැත්තන් නින්ද යන්නෙ නෑ. උඹ මොනවද ගන්නෙ ?''. මම කෝකටත් කියල යාළුවගෙන් ඇහුවා.

''ඒනම් මම ගන්නව Fried Chicken කෑලි 7 ප්ලේට් (රු. 890) එකක්. ඒක නෙමේ බන් අපි ගිහින්ද දන්නෑ ඕඩර් කරන්න ඕන. කවුරුත් ආවෙ නෑනෙ බන්''. යාළුව කියපු කථාව ඇත්ත කියල මටත් තේරුනේ ඒ වෙලාවෙ. අපි ඇතුලට ඇවිත් විනාඩි 10ක් විතර ඇති. එහා පැත්තෙ මේසෙට නම් භෝජනාගාර සේවකයෙක් දෙතුන් පාරක් ඇවිල්ල ගියා හැබැයි අපේ පැත්ත බැලුවෙවත් නෑ. දැන් මොකද කරන්නෙ ? මමයි යාළුවයි කල්පනාවක් දාන්න හදන කොටම අර සේවකයා අපේ මේසෙ පැත්තට ආව. ''සොරි සර් ලේට් වුනාට. මොනවද ගේන්න ඕන?'' එයා පොඩි බැගෑපත් ගතියක් පෙන්නන ගමන් තමයි අපෙන් ඇහුව. '' ආ.. ඒකට කමක් නෑ. අපිට ගේන්න Chicken & Rice එකකුයි Fried Chicken 7 pieces එකකුයි''. මම ඇණවුම් කලා.

කීයට එයිද දන්නෑ කියල හිත හිත අපි දෙන්න පොඩි කථාවක් දාගෙන හිටියා. කොහොම හරි විනාඩි 10ක් විතර යන්න ඇති. සේවක මිත්‍රයා ඇවිත් අපේ මේසෙ උඩින් හැඳි, ගෑරුප්පු, අත් පිස්නා තියල ලස්සනට හදල දුන්නෙ කෑම එන්න ලඟයි කියන එක අඟවන ගමන්. අර කිව්වත් වගේ විනාඩි 5ක් ගියේ නෑ අපි ඉල්ලපු කෑම ටික මේසෙට ආව.

''ඒ මරු ආ..'' යාළුව කිව්ව නෙමෙයි කටින් පැන්නා. Fried Chicken එක සුවඳේ බෑ. දෙන්නත් එකක් බෙදාගෙන කන්න කියල හිතල මුලින්ම පිඟන් වලට දාගත්තෙ කුකුල් මස් කෑලි. ඒකටම කියපු සෝස් වර්ග දෙකකුත් පොඩි දීසි දෙකකට ඇවිල්ල තිබුන. එකක් Fire sauce කියල ටිකක් සැර එකක්. අනික ලාවට පැණි රස ගතියක් තියෙන එකක්. ක්‍රිස්පි කෑලි තට්ටුවක් එහෙම පිටින්ම කුකුල් මස් කෑලි වල උඩින් දාල තමයි Fried Chicken එක හදල තිබුනෙ. සෝස් ටිකක් ගෑවුන කුකුල් මස් කෑල්ලක් කරස් ගාලා හැපෙන කොට දැනෙන රස. සුපිරි. ක්‍රිස්පි ඇතිරුමට ඇතුලෙන් තියෙන මස් ටිකත් නියම පදමට තැම්බිලා. හැබැයි අනම් මනම් දාල පදම් කරල නෑ. මස් රස නම් මස් රස. දුම් දදා තිබුන රසම රස කුකුල් මස් කෑලි දෙකක් විතර කද්දි මගේ බඩත් පිරිල. ඒත් ඉතින් එහෙමයි කියල බත් එක අහක දාන්න බෑනෙ.

යාළුවයි මායි පුටු දෙකත් ලං කරගෙන බත් එකට වැඩේ දෙන්න සෙට් වුනා. බාස්මතී හාලේ ෆ්‍රයිඩ් රයිස් එක හදල තිබුනෙ අඩු නැතුව කැරට්, ලීක්ස්, දාලා. බත් එකේ රස කියන්නෙ ඒක විතරක් නිකන් වුනත් කන්න පුළුවන්. ඒ ඇරුනාම කටු නැති Fried Chicken කෑලි 4කුත් බත් එකේ තිබුනා. ෂහ්, ඹම්ලට් එකකුත් තියෙනවා. හෑ... මේ මොනවද මේ ?. තද කළු - දුඹුරු පාට මොනවද කෑලි වගයකුත් තියෙන ටිකක් ඝන ව්‍යංජනයක්. සෝයා සෝස් රස වගේ වෙන මොකක්ද රසක් තමයි ලාවට එන්නෙ. සැරක් නම් නෑ. අර කෑලි වගේ කියපුව අල කෑලිද කොහෙද. ඒකෙන් වැඩක් නෑ. මෙච්චර රස බත් එකක් තියෙද්දි තව මොනවද ඉතින්. මම බත් එකේ හැඩ බලනව. යාළුව වැඩේ දෙනව. මේක හරියන්නෑ. මමත් බැස්ස ගේමට. බත් එකේ රසට ඔම්ලට් කෑල්ලකුයි Fried Chicken කෑල්ලකුයි එකතු වුනාම මරේ මරු.

බඩ පැලෙන්න බත් කාපු මමයි යාළුවයි ඊට පස්සෙ කලේ සේවක මිත්‍රයාට කථා කරල ඉතිරි Fried Chicken කෑලි ටික පාර්සල් කරල ගෙන්න කියන ගමන් අතුරුපසට චීස් කෝපි ටිරමීසු (රු. 350) එකක් ඇණවුම් කරපු එක. ඇත්තෙන්ම ටිරමීසු එක නම් එච්චරම රස නෑ. චීසුත් හරිම ඝනකමයි. කෝපි රසත් අඩුයි. මට නම් හරි ගියේම නෑ.

අනුමිතිය

ඒ වුණාට කර කර ගාල රසට හැපෙන, උණු උණුවෙ දුම් දදා මේසෙට එන Fried Chicken හරි Fire Chicken හරි කනවනම් අන්න තැන, KBQ.

TIP

Their fire chicken is popular

Address

Jinadasa Niyathapala Mawatha, Sri Jayawardenepura Kotte

Contacts

Report Inaccuracy

Closed right now

Cuisine

Korean

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

BBQ Chicken Fried Chicken

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
4

Similar Places

User Reviews
H
1

3/5

0

Hz

Pretty good value for money, dingy atmosphere though…

O
1

1/5

0

Oshada De Costa

This is my second time visiting KBQ due to the fact that KBQ consists of a menu which differ from the rest of the restaurants in Rajagiriya. Food is decent and a different experience for the Sri Lankan taste buds.
However all our excitement ends with an unpleasant service provided by the KBQ staff which also ended our wonderful evening with a bitter ending. All our orders were delayed unreasonably, even though we didn’t complaint at the beginning we had to complain the staff at the end since the last order was delaying us getting home. We had to go to the place where the waiter stood since he didn’t come towards our table, when we asked him to expedite the order he started to question our rights since for his unfortunate there were other customers’ front of us when we complained. The same waiter called few off his colleagues to make a scene out of our complain. Before things get heated up we decided to settle the bill and withdrawing from the location without making an incident due to an uneducated staff. After we settled the bill and was coming out of the parking lot a delivery boy from the KBQ who was riding one of the delivery bike started to threaten me stating that my friend who complained should have shut his mouth. Due to our colleagues generosity we collectively decided to leave the place without making an incident.
With utter disappointment I have to state this in a public post ‘which is the first time in my career’, KBQ management should be more sensitive with how they treat their customers. We don’t come to your restaurant to have food for free. We did pay for whatever we ordered. As per consumer law you can’t ask a customer to shut up when he/she is complaining about a poor service. I could have sued your organization for what have you done today which I’m not bothered.
To whom consider to visit KBQ, I rate 1 out of 10.

Oshada De Costa

L
1

4/5

0

la rêveuse

The staff is really friendly and helpful, they even let you taste food before ordering if you haven't tried korean food before. But the service is kind of slow

S
1

5/5

0

Shanaka Tharinda Perera

They have some quality Korean foods

Avatar for Malinthe
21

2/5

0

Malinthe

This place needs some serious upgrades. Nothing feels clean, service is slow. Chicken was fine but most of the other dishes were nothing to write home about. Saw a rat running outside the premises.

S
1

2/5

0

shar

ordered take away and it was so spicy couldnt even eat it.had the fire chicken which literally set us on fire.chicken bokeum was worse…so full of chillie.definitely not authentic korean as korean food is definitely not spicy

S
1

4/5

0

Sonnali

Checked out the place last night after reading the review and I have to say I liked the food very much. The portions were big and the prices were quite affordable. We had a Janggeumi and Shinramyeon which were 500 and 350 respectively. Definitely going again.

See 43 Comments